IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්

(චන්ද්‍රසේන ගමගේ)

කාල්ටන් නිවසට අද  ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයන් තේරීම සඳහා අද (09) දින තංගල්ල කාල්ටන් නිවසේ පැවැති වැඩසටහනට සහභාගිවෙමින්ය.

මේ අය කැමති නම් මමත් ඉල්ලනවා යැයි චමල් රාජපක්ෂ මහතා පැවසීමත් සමඟ බොහෝ පිරිසක් කොක්කඩලා සිනාසුනහ.

එහිදී චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ දේශපාලන පක්ෂ  නිරන්තරයෙන් ඉහළ පහළ යන එකක් බවයි.ඒ අනුව පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ පල්ලම් බැස්ස බවද ඔහු පැවසීය.

 



අදහස් (23)

ඔබ කැමති නම් පුංචි ඡන්දෙට මමත් එනවා-චමල්

Mohan Mangala Mapa Sunday, 09 March 2025 04:17 PM

අම්මෝ එපා ... බය හිතෙනවා.

:       40       72

බකල ජයා Sunday, 09 March 2025 04:21 PM

ආයෙත් පෙර පාසලෙන්ම පටන්ගත්තා නම් හොඳ නැද්ද? ඔබතුමාගේ පක්ෂයේ අනිත් අයටත් කියන්න. අවුරුදු 15 කින් විතර උසස් පෙළ කරලාම දේශපාලනේට එන්න. 2040 වෙනකොට පොහොට්ටුව පිපිලා තියෙයි.

:       39       85

පම්පෝරි ජනක Sunday, 09 March 2025 04:27 PM

මැදමුලන සෙට් එකටම වෙන අතේ පයේ රැකියාවක් කරන්න දන්නේ නැහැනේ... පිනට කාලා තමයි පුරුදු...

:       38       93

Lalla Sunday, 09 March 2025 04:43 PM

මුන්ට බලය මිස වෙන මොන දේ තිබුනත් මදි. බලය ඕන ජරාව කන්න....කාලකන්නි පවුලක්.....

:       3       16

Shantha Sunday, 09 March 2025 04:48 PM

වරෙන්...!

:       0       4

Pradeep Kumara Sunday, 09 March 2025 04:50 PM

ඔව් ඔව්. අන්තිම පණ ඩිංගත් තියන කම් අතාරින්න එපා. ඉහළ පහළ ගියත් මොකද තව දශමයක් හරි ජනතා දේපල කොල්ල කන්න පුළුවන්නම්... ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වැඩිය ලොකුයිලුනේ.

:       0       4

චන්දේ දෙන අපි Sunday, 09 March 2025 05:32 PM

අපෝ එන්න එන්න ඔයා ඔයාගේ පුතා අර මල්ලි මල්ලිගේ පුතාලා කපුටු මල්ලි විරුවා, මරුවා ඔක්කෝම එකට තියලා ඇරියා මතක නෑනේ. ආයෙත් අපි ආසාවෙන් බලා ඉන්නේ ඔහෙලා දංගෙට දක්කන්න..!

:       37       63

Nandalal de Silva - France Sunday, 09 March 2025 06:03 PM

චමල් රාජපක්ෂගේ කළු පැටිකිරිය නොදන්නා කෙනෙක් ඇත්නම් ඒ ඊයේ පෙරේදා උපන් දරුවන් පමණකි !!! තිස්සමහාරාම බස් නැවතුම් පොළේ ටකරං තහඩුවේ "චමල් රාජපක්ෂ බස් නැවතුම් පොළ" කියා බොන්ඩ් ලෑල්ලක් එල්ලා ගත්තේ, ඒක එයාගේ පෞද්ගලික ධනයෙන් හැදුවා කියා පංපෝරි ගහන්නද? පළාතේ අසරණ ගොවි ජනතාවට බෙදා දීමට තිබුණු පොහොර මිටි දහස් ගණනක් "චරා" ට අයිති ගබඩාවක තිබී අරගල කාලයේ සොයාගෙන තිබුණු වග එයාට අමතක කරන්න පුළුවන් වුණත් ගොවීන්ට අමතක නැත. වලපයයි, ගොඩපයයි තියාගෙන හැරමිටියට පිං සිද්ද වෙන්න ඇවිදින "මරා - චරා" ජොඩුවට දැන් ආගම දහම සිහිකරමින් ඉන්නේ නැතුව මොන දේශපාලනයද? ගහපු ගැහිලි මදිවටද?

:       56       63

ravin Sunday, 09 March 2025 06:28 PM

හොඳ අදහසක්... ඇවිල්ලම බලන්නකෝ...!

:       12       35

ගමේ එකාලා Sunday, 09 March 2025 06:36 PM

නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව, තවමත් හිත ඇතුලේ තියෙන්නේ බලයට තියෙන කෑදරකම. දූෂිත පවුල් පාලන ආණ්ඩුව තියෙන කාලේ රටට කරපු විනාසේ හොඳටම ඇති. සාටකයින් පට්ට හොර දූෂිතයින්. ආර්ථික ඝාතකයින්... රටටම සාපයක්..!

:       32       46

යෝගා Sunday, 09 March 2025 06:46 PM

මාලිමා කුලී මඩ බලකායට ඔය වගේ ලණු දීලා ආතල් කුඩු කරන්න එපා. මේ දවස්වල හෝදන්න මහන්සි වෙලා ඔවුන්ගේ ඔලු විකාර වෙලා තියෙන්නේ. පවුනේ...

:       54       66

ජිල්බුSunday, 09 March 2025 07:30 PM

හෝදන කලාවේ අත්දැකීමෙන්ම අගය දන්න එක්කෙනෙක් කියද්දි කරුණාකරල ඇහුන්කන් දෙන්න

:       0       8

පොඩිඑකාSunday, 09 March 2025 08:02 PM

මෙන්න බොලේ යෝගා ආයෙත් දිවෙන් රාජපස්ස හෝදන්න පටන් අරන්...!

:       22       37

de silva Sunday, 09 March 2025 07:04 PM

එන්න ඇවිත් ඉතුරු ටිකත් කාලා යන්න. පළාත් සභාවට එන්න බැරිකමක් නැහැ. මැතිවරණ වේදිකාවල කියපු ලක්ෂ 12ක විට්ස් එක වැනි කතාවලට රැවැටිලා මාලිමාවට ඡන්දේ දුන් පොහොට්ටු සෙට් එකක් දැන් ආපසු හැරෙන්න කල්පනා කරනවා. පොහොට්ටුවේ වහල් බයියෝ සෙට් එක කොහොමත් ඉන්නවා... පළාත්සභා මන්ත්‍රී කමක් ගන්න අපහසු නැහැ...

:       30       14

Chathuri Sunday, 09 March 2025 07:11 PM

තමන්ට විශ්වාසද? අයියා මලෝ ඒ තරම් කාලයක් ජීවත් වෙයි කියලා. අයියා ජනාධිපති වුණු ගමන් පවුලේ සේරම පුදුම විදියට නැගිටලා ආවේ. 70-80 වර්ෂවල. පේන්නවත් හිටියේ නැහැ නේද? දැන් ආවොත් හොරාකන්න බැහැනේ. පාඩුනේ එන එක. ඊට වැඩිය ලේසියි, ඩේසි ආච්චිව දැම්මා නම්. ට්‍රයි එකක් දීලා බලන්න නාමල් බේබි ජාතික ලැයිස්තුවෙන් ආවා වගේ. ඔය කොන්ඩේ ඉදිලා තියෙන්නේ ඔලුවේ අමාරුවට... ඔලුවේ අමාරු තියෙන නිසානේ මුලු පවුලම වටවෙලා මේ දුප්පත් මිනිසුන්ගේ දේවල්. හොරා කෑවේ.... ආසියාවේ පොහොසත්ම හිඟන පව්ල... මහන්සි නොවී හොරාකාලා ඔය තැනට ආවේ කට්ටියම. අපායේ ඉඩ නැහැ. ඒකයි තවම ආවේ නැත්තේ...

:       31       29

ලූට මූස් Sunday, 09 March 2025 08:19 PM

මේ මුත්තා හිතං ඉන්නේ මේක මහළු නිවාසෙක නිවාසාන්තර ක්‍රීඩා තරගයක් කියලාද?

:       24       41

ජගත් ලියනගේ Sunday, 09 March 2025 08:21 PM

බණක් අහගෙන ඉන්නකෝ...! 

:       17       30

පැටියා Sunday, 09 March 2025 09:33 PM

හා මුත්තේ…, මම පුංචිගෙන් කැමැත්ත අහලා කියන්නම්කෝ..!

:       0       2

Nandalal de Silva - France Monday, 10 March 2025 01:57 AM

මැදමුලන පන්සලේ හාමුදුරුවන්ගේ බණ අහන්න ඕනේ නෑ !!! රට පුරාම කරක් ගහමින්, ආයෙත් වරක් රටෙ ජනතාව බත් කන, පුන්නක්කු බොන ගොන්නු කියා හිතමින් "වැදි බණ" දෙසන නාමල් නාම්බා ගෙ වාචාල ඇහුවාම මදි ද. ?? "චරා" මුත්තා උඩින්ම පරදියි...

:       1       11

Kazi Shajahan Monday, 10 March 2025 08:05 AM

ගම වටේම ඇවිදින්න වයසක්ද මේ ඉන්නේ... මුන්ට ජරාව නොකාම ඉන්න බෑ නේ

:       1       14

dasun Monday, 10 March 2025 09:56 AM

කාලකන්නි පරම්පරාවක්

:       1       13

m. saman perera Monday, 10 March 2025 01:41 PM

වලපයයි, ගොඩපයයි... තාමත් පෙරේතකම තමයි.

:       0       5

කපුරු හාමි Monday, 10 March 2025 02:57 PM

දූෂිත පවුල් පාලනේ අයව ජනතාව පැන්නුවේ රටම බන්කොලොත් කරපු පට්ට හොරු නිසා. ආයේ එන්න හදන්නේ රෙදි ඇඳගෙනද....?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද කාලගුණය
2025 මැයි මස 01 6 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 129 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි
2025 මැයි මස 01 839 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලි


හිටපු ජනපතීන්ගේ තව තටු කැපේ
2025 මැයි මස 01 699 0

හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.


ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 1654 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 923 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 276 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 77 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1105 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site