IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා

(යොහාන් භාසුර)

වර්තමාන ආණ්ඩුව මීට පෙර පැවැති කිසිඳු ආණ්ඩුවක් නොකළ ආකාරයට අයවැය හරහා වෛද්‍යවරු දැඩි අපහසාත්මක තත්වයකට පත්කර ඇති බවත් වෛද්‍යවරුන්ගේ ද සහය ලැබූ ආණ්ඩුව වෛද්‍යවරු කබලෙන් ලිපට දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.

වෛද්‍යවරුන්ගේ ශ්‍රේණිය පවා සැහැල්ලුවට ලක්කරමින් ආණ්ඩුව අයවැය සකස් කිරීමේදී කටයුතු කර ඇති බව කියන වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා රාජ්‍ය සේවකයන් මෙවැනි අපහසාත්මක තත්වයකට මීට පෙර කිසිඳු අයවැයකින් කරනොමැති බව ද සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව පත්කිරීමට වෛද්‍යවරුන්ගෙන් සියයට 80 කට වැඩි ප්‍රතිශතයක් සහය දැක්වූ බවත් මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වෛද්‍යවරු 15 ක් පමණ කටයුතු කරන බවත් ඒ මහතා කීය.

ඇයැව හරහා වෛද්‍යවරුන්ගේ දළ වැටුප ද අඩුවීමකට ලක්ව ඇති බවත් වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනාව මූලික වැටුපෙන් 80 න් එකක් වශයෙන් ද, නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 20 න් 1 ක් වශයෙන් ද, පැවැති අතර අයවැයෙන් එම දීමනා පිළිවෙළින් 120 න් 1 වශයෙන් ද, 30 න් 1 ක් වශයෙන් ද අඩු කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගනු ලබන ඕනෑම පියවර සඳහා කුමන හෝ ආකාරයෙන් සහය දැක්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සූදානමින් සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (11)

වෛද්‍යවරුන්ගෙන් රජයට චෝදනා

Sudath jayaratne Monday, 24 February 2025 05:02 AM

මෙයා කොහොමද සියලුම දොස්තරලා වෙනුවෙන් පෙනී සිටින්නේ.

:       0       7

ranjith Monday, 24 February 2025 06:44 AM

නිවාඩු දින දීමනා ගැන ආයතන සංග්‍රහය දක්වලා තියෙනවා එයා වෙනස් කිරිම සුදුසුද?

:       0       7

Willows Drive Monday, 24 February 2025 06:58 AM

මෙයාලා හැමදාම කරේ ගන්න පුළුවං උපරිමයෙන් අරගෙන අනුන්ට කරපු එකයි, තමන්ගෙ බඩටයි

:       0       6

Sugath - Kandy Monday, 24 February 2025 07:43 AM

මේ අමන වෘත්තීය සමිති තහනම් කළ යුතුයි. මේ මෝඩයා දැන් සහයෝගය දෙන්නේ කාගේ න්‍යාය පත්‍රයටද?

:       0       7

පොඩිඑකා Monday, 24 February 2025 08:26 AM

මේකා අර කිඹුල් රාජිතයගෙ හොරණෑව නේද? පහුගිය කාලෙ ගුටිකන්න ගිහිං යාංතං පන බේරගත්තෙ!

:       0       6

ප්‍රියන්ත Monday, 24 February 2025 08:27 AM

එතකොට බහුතරේ මාධ්‍ය ප්‍රකාශක මෙයාද?

:       0       5

lakmal Monday, 24 February 2025 08:46 AM

මොන රජයෙන් අවිත් රට හදනවනම් අනිවාර්යෙන් වෛද්‍ය සංගමය ජිඑම්ඕ එක අන්තරය වැනි රටට පිළිකාවන් වන මෙවැනි ත්‍රස්තවාදී සංගම් විශේෂ පනතක් හෝ ගෙනත් තහනම් කළ යුතුයි. මෙවැනි සංගම් වලට කොච්චර දුන්නත් මදි.

:       0       5

kasun Monday, 24 February 2025 08:55 AM

රටේ වෘත්තීන් තියෙන්නෙ 2 යි. 1) වෛද්‍ය වෘත්තිය. 2) ගුරු වෘත්තිය. මේ දෙගොල්ලන්ට විතරයි ප්‍රශ්න තියෙන්නේ... වෙනත් වෘත්තිකයින්ට, මහ ජනතාවට ප්‍රශ්න නෑ. රජයත් කරන්නේ පාරට බහින්න පුළුවන් සහ වැඩ වර්ජන කරන පිරිස් වලට විතරක් වරප්‍රසාද දෙනවා. හැබැයි ඔය වැඩ වර්ජන කර කර ඉන්න අයට වෙන රටවල් වල රැකියාවලට යන්න අමාරුයි. ඒ නිසා මෙහෙ ඉඳන් මස් රාත්තලම බෙදා ගන්න දඟලනවා. අනිත් වෘත්තිකයෝ ලංකාව අත් හැර යනවා. වෙන රටවල් ඔවුන්ගෙන් ප්‍රෙයා්ජන අරන් පොහොසත් වෙනවා. අපේ අයියලා ඒ රටවල් වලින් හිඟා කාලා මස් රාත්තලම ඉල්ලන අයට බෙදලා දෙනවා. මේ කපේදී මේ රටවල් ගොඩ එනවා බොරු...

:       0       4

බකල ජයා Monday, 24 February 2025 09:30 AM

අපිට ඇර අනික් හැමෝවම සිස්ටම් චේන්ජ් එකට දාල කරකවල ගන්ඩලා. අපේ බඩගෝස්තරේට ඇඟිල්ලක්වත් තියන්න ආවොත් ඉතිං _ _ _ තමයි! මේ තියෙන ක්‍රමේට රටක් හැදෙයිද?

:       2       17

fairoos Monday, 24 February 2025 11:52 AM

ඔය සභාවේ ඉන්නේ රනිල්ගේ අය විතරද?

:       2       10

කුමුදු Tuesday, 25 February 2025 09:18 PM

මුලික වැටුප 54000 ඉදලා 91000 වෙනකම් අලුතින් පත්වන වෙද්‍යවරයෙකුගේ වැටුප වැඩිවෙලා තියෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site