
(ගයාන් සූරිය ආරච්චි)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කරන ලද විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවටගෙන ඇත.
එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයන් කීපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි කාලවකවානුවේ රජයට අයත් එම ඉඩම් පෞද්ගලික අංශයට ව්‍යාජ ඔප්පු සකසා විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මට වුනු වියෝයා
කල කම් පල දේ
මූව අල්ලලා ගහක බඳින්න
ඔහුත් අප සමඟ මෙරටට ගොඩබැහැපු විජයගේ කොල්ලකරුවන්ගෙන් එකෙක්. අපි ඔක්කෝම පාරම්පරික හොරු!
ව්‍යාජ ඔප්පු වුනත් රජයේ ඉඩම් පවරන්න බැහැ, හොර ඔප්පු හදල දුන්නත් ඒවා ලියාපදිංචි කරනකොට අහු වෙනවා. ලියාපදිංචි නොකරපු ඔප්පුවක ඇති වටිනාකමක් නැහැ. කඩදාසි බරට විකුණන්න තමයි පුළුවන්.
මේ දියවන්නාවේ ඉඳලා තියෙන වැඩිහරියක් පට්ට හොරුනෙ.
උදේට අත්අඩංගුවට ගන්නව - හැන්දෑවට ඇප දීල එලියට දානව - ලංකාවේ හොරු ඔක්කොම ඇප-කාරයෝ.
වැරදි වැඩ කළා නම් දඬුවම් විඳිය යුතුයි.
මේ තක්කඩියාට ඇප නොදෙනු. එසේත් නැත්නම් ගස් බඳිනු. එයාට එක පුරුදු දඬුවමක් නිසා.
මුන් ගැන කතා කියනකොට ආණ්ඩුවේ උඩ ඉන්න අයට අනිත් මොනවටත් වැඩිය රිදෙනවා . ලගදි දුන්න interview එක තමයි ඕකට හේතුව. හොරෙන් වික්කට නෙමෙයි
කැලණිය දළුගම උපුල්වන් දේවාලය ඇටෙව්වෙත් නුවර පාර මායිම්ව රජය සතු වගුරු බිම ගොඩකරල නේද? ඒකත් මර්වින් සිල්වා රාජපක්ෂ රජය කාලේ කරපු වැඩක් නොවේද?
අල්ලනවා අල්ලනවා ඉවරයක් නෑ. ඔය කිසිම වරදක් ඔප්පු වෙන්නෙ නෑ. මට දැනෙන්නෙ මාලිමාවත් සුපුරුදු දේශපාලනය තමයි කරන්නෙ. මේවා බොරු වැඩ. මීට වඩා වටිනා දේ තමයි රට සංවිධානය කිරීම සම දැන් සිට වංචා නතර කිරීම. බොරුව නතර කිරීම. රඟපෑම් නතර කිරීම.
මෙවෑනි දේවල් ඔප්පු කරන්න පුළුවන් උනොත් හොඳයි. නැත්නම් වෙන්නේ අනාවශ්‍ය පුද්ගලයන්ට ආයෙමත් අනවශ්‍ය ප්‍රචාර හම්බෙන එක.
මර්විය CID කාරයින්ටත් විහිළු තහළු කරල උනුත් බැලන්ස් කරගෙන ඇප අරං එළියට එයි. ඌ ඒවට දක්ෂයා.
බොරු රගපෑම් වැඩක් නෑ , මහින්හද ජනාධිපති එක්ක හැරෙන්නවත් බෑ කියල හිතෙන්නේ මට විතරද ,එතුමා මේ රටට කරපු සංවර්දනෙන් දසමයක් ඊට පස්සේ ආපු කිසිම රජයක් තාම කරේ නෑ
හවසට ගෙදර
ඇත්තටම සමාජයට එරෙහි , සමාජයේ යහපැවැත්ම ගැන හිතන අයට එරෙහි කමන්ට් දාන බළකායක් ඉන්නවද කියල හිතෙනවා, මෙතන සමහරුන්ගේ කමන්ට් සහ ලයික් දැක්කම, කිරි සුදු පාටයි කීවම ඒකටත් ඩිස්ලයික් දාන පරණ පරපීඩකයො තවමත් තමන්ගෙ කුහක අදහස් සමාජගත කරනව.
මේක ඔප්පු කරන්න ඇයි අමාරු, ඉඩම්කාර්යාලයේ ඉඩමක විස්තර තියෙනවනේ. ඉඩමක ඔප්පු කාවන්ට කන්න දීල පරණ කලාට ඒවයේ දින වකවානු පරණ කරන්න බැහැනේ. එහෙම නම් මේ රටේ ඉඩම් වංචා මේතරමින් නතරවෙන්න බැහැ.
මේ යකා සුවර් එකට ඇප දීලා ගෙදර යනවා හිනා වෙවි. කවුද නඩු අහලා හිරේට දැම්මේ
ලීලසේන වෙත, මම අරවින්ද මොණරවිල නොවන බවත්, අන්ත පරාජයකට පත්ව, ඉන් පසුවද දිනෙන් දින හෙලිවන පසුගිය රජයවල්වල වංචා දූෂණ ඉදිරියේ තව දුරටත් ඉච්ඡා භංගත්වයට පත්ව සිටින ඔබ වැන්නවුන්ගෙන් පෞද්ගලික මඩ ප්‍රහාර හැර වෙන දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව ජුගුප්සා හසගතව පවසමි.
බෞද්ධාලෝක මාවතේ ඉඩම? මුල් අයිතිකාර මුස්ලිම් තරුණයා කාර් එක ඇතුලේ මැරිලා හිටියලු… ගෝඨා ලේකමාත් මේකට සම්බන්ධයිලු…. හොයන්න…..
පව් නේද? හිතාගෙන ඉන්න හැටි. මෝඩ ජෙප්පෝ කියන්නේ ඒකනේ...!
ලීලසේන, නැහැ නැහැ අරවින්ද අරවගොඩ වගේම ජේපී වහලෙක්. හෝදන්න ලැබුණු අලුත් පත්වීමක්.
හොර දුටුගැමුණු
මහා රජානෝ යනකොට අපට ඉතුරු කරලා ගියපු කුණුගොඩවල් තමා මේ...
මේ මනුස්සයා දේශපාලනයට ඇවිත් මේ රටේ ඇමැති කමුත් කළාට මුලින් කරලා තියෙන රස්සාව දන්නවාද? 70 ගණන් වල ඔහු වී අලෙවි මණ්ඩලයට අයත් හම්බන්තොට වී ගබඩාවක මුට්ට කර ගහපු කම්කරුවෙක්. එහිදී කරපු හොරකමක් නිසා රැකියාවෙන් නෙරපා හැර තියෙනවා. ඉන්පසුව එජාප දේශපාලනයට සම්බන්ධ වෙලා ඉඳලා පසුව චන්ද්‍රිකාගේ කාලේ ඒ පැත්තට ගිහින් කරලියට ඇවිත්. මේ වගේ කිසිඳු සුදුසු කමක් නැති බොරුවෙන් පුම්බාගෙන හිටපු නිකමුන් රටේ පාලනයට ආපු නිසා තමයි මේ රටට මෙහෙම කාලකන්නි දසාවක් ලැබුවේ...!
මෙයාට විරුද්ධව තව කේස් නැතුව නෙවෙයි. කිරිබත්ගොඩ ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගත්තා. කුඩු මර්වින් කියලා කිව්වේත් නිකම් නෙවෙයි. තමුන්ගේ පාක්ෂිකයෝ කුඩු කාරයින්ව බේරාගන්න පොලිසියට බලපෑම් කෙරුවා. සමුර්දි නිලධාරීයෙක්ව ගස් බැන්දා.. බලයේ හිටපු කාලේ ඔලුව උදුම්මාගෙන, මහින්දගේ සෙරෙප්පුත් ලෙව කාගෙන හිටියේ...!