IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති

(නිමල් ජයරත්න)

වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ  රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට සිටි මගීහු පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට අද සවස කටයුතු කළේය.

ගල්කන්ද ප්‍රදේශයට යාමට  වෙනත් කිසිදු බසයක් නොමැති නිසා මගීන්ට යෑමට තිබූ එකම බසය මෙය වේ. 

මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද ප්‍රදේශයට සවස දෙකයි තිහට පිටත් වීමට නියමිත තිබුණේය.

රියදුරු සහ බස් රථයේ කොන්දොස්තරවරයා කිසියම් දෙයක් පානය කිරීම නිසා මත්වී නිදා සිටි බවත් මේ හේතුවෙන් මගි ජනතාවට එම ප්‍රදේශයට යෑමට සහ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බවද පොලිසිය කියයි.

අනතුරුව කැබ්රථය මගින් සිසුන් ඇතුළු මගින් 25 දෙ‍ෙකු වැලිකන්ද ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කර ඇත.

මේ වනවිට බස් රථය වැලිකන්ද බස් නැවතුමේ ගාල්කර තිබෙන අතර කොන්දොස්තරවරයා විවේකගාරය තුළ බීමතින් තාමත් වැටී සිටින බවද පොලිසිය සඳහන් කරයි.



අදහස් (5)

රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති

Easter Sunday, 09 March 2025 08:35 AM

කාලයක් අපේ රටේත් ඔහොම රියැදුරෙකුයි, කොන්දෙකුයි හිටියා. රටට අනතුරක් වෙන්න යනවා කියලා දැනුම් දීලා තියෙද්දීත් දෙන්නම බීලා නිදි. රියැදුරා ප්‍රෙෂර් චෙක් කරගන්න මවුන්ට් එලිසබෙත් ගිහිල්ලා බීලා නිදි. කොන්දා මෙහේ ඉඳන් බීලා නිදිලු. රටේ අවාසනාවට දන්නලා තිබ්බ විදිහටම අනතුර වුණා. අහිංසකයෝ 300 ගානක් මැරුණා...

:       0       17

PA RA Sunday, 09 March 2025 10:35 AM

බඩු වැඩිවෙලා කියන්නේ, ළඟදීම රජයෙන් අලුත් එකක් හඳුන්වා දෙනවලු, ඒක ඊට එහාද නොදනිමි...!

:       0       1

Lalla Sunday, 09 March 2025 10:59 AM

කෝ විනය නීතී...? ගෙදරම යවන්න. හිරේ යවන්න බැරිද..?

:       0       11

gunarathna Sunday, 09 March 2025 02:05 PM

ප්‍රශ්නයක් නැහැනේ. ඒ දෙන්නා ආණ්ඩුවට බදු ගෙවන්ට තමයි මෙහෙම කරන්නේ. ආණ්ඩුවට ඕනේ සල්ලි හොයලා දෙන්න තමයි මෙහෙම කරන්නේ.

:       6       0

ජනක රන්වල Tuesday, 11 March 2025 03:14 AM

මිනිස්සු බනින කොට කමක් නෑ. අපි මාලිමාවට කියලා කොන්දයි, රියැදුරුයි කිව්වාලු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site