
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
ඌව පළාත් මහ ඇමැතිව සිටියදී සිදු වූ අක්‍රමකතාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කරන බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි.
----------------------------------------------------------
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රශ්න කරමින් පවතින බව එම ආරංචි මාර්ග පවසයි.
චාමර සම්පත් මහතා ඌව පළාත් අමාත්‍යවරයාව සිටියදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම ප්‍රශ්න කිරීම් කරන බවද සදහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නැකතට සුබ ආරංචියක් ! දැන් කෙදිරිලි බැහැ...හරිද
දූෂිත දේසපාලුවාට හොන්ද වැඩේ.
අපි චාමරගේ කට වහලා තමයි නවතින්නේ...
යහපාලන ආණ්ඩුව වගේ තමයි. අල්ලගෙන අල්ලගෙන යනවා. අන්තිමට නිදොස්කොට නිදහස් වෙනවා. දැන් අවුරු 10කට වැඩි නඩුවලට පුලුවන්ද සාක්ෂි හොයන්න?
ඕනන ජෙප්පන්ට සන්තෝස වෙන්න... චූන් වෙන්න එහෙමත් පොඩි වේලාවක් තියෙනවා.... ඉක්මණට සතුටු වෙන්න පුළුවන්... සම්පත් එළියට එන්න කලින් හොදේ අපි එයට කියන්නම් ඉද්දි කෙදිරි ගගා එන්න කියලා
දැන් ඔය හොරා කාලා ලොකු වෙලා තියෙන බඩ අඩුවෙයි.
ආණ්ඩුවට විරුද්ධව කතා කලොත් මොකක් හරි චෝදනාවක් වැටිලා හිරේ යන්න සූදානම් වෙන්න.
බන්ධනාගාර ඉස්පිරිතාලෙට හයිය ඇති ලොකු ඇඳක් ගන්න තමයි වෙන්නේ. ඉස්සර වගේ දැන් කාලේ දුවිලි පොළවේ එලාපු පැදුරු වලට දාන තත්වයක් නෑනේ.
චාමර සම්පත්, විපක්ෂ නායකයාගේ කාර්ය භාරය ද ඉටු කරමිනි සිටීමයි මෙයට හේතුව. මාලිමාවන්ගේ නරුම ස්වභාවය ඔන්න දැන් හොදට පේනවා.
ඔයාගෙ හොරකම් ඔක්කොම අවුරුදු දහයට වැඩිද?
සිස්ටම් චේජ්න්!
ගුණරත්න, හොර අහුවේගෙන යනකොට බයියන්ට කෙඳිරි ගාන්න එපා කියන මැසේජ් එක ආවේ නැද්ද ඔහේට?
අඩේ චාමරට ලංකාවේ හැමතැනම හරක් ඉන්නවා බදුල්ලේ විතරයි කියල මම හිතුවේ . හොරා කෑවාම අල්ලස් ගත්තාම මිනීමැරුවාම හුරේ දාන රටක්
චාමරගෙ ප්‍රශ්නයක් ඇති. ඒත් අත් අඩංගුවට ගත්තේ ඒ හින්දාම නෙවි.
කුකුල් චූන් වැඩ නොකර මහජනතාවගේ ප්‍රශ්න විසඳපල්ලා.
අන්න චාමරට ඇප දීලා.
ඇප දුන්නාලු ඉක්මනටම මොකද මේ මනුස්සයාට රජයේ මුදලින් කන්න දුන්නොත් භාණ්ඩාගාරේ හිස්වෙයි කියන බයට…
බොරු චෝදනා දාලා අත්අඩංගුවට ගන්නවා. හැරෙන තැපෑලෙන් ඇප ලැබෙනවා. ඊට පස්සේ නිදොස් කොට නිදහස් කරනවා. පච ආණ්ඩුව මාර නෑමක්නේ නාන්නේ...!