
(මනෝප්‍රිය ගුණසේකර)
විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා දැනුම් දී ඇත.
ඊශ්‍රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වන සමහර ආයතන කාලයක පටන් වංචා කරන බව පෙන්වා දෙමින් ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ පැවැති සාකච්ඡාවකදී ලාල් හෙට්ටිආරච්චි මහතා ඒ බව දැනුම් දී ඇත.
ඊශ්‍රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී ලියාපදිංචි වී සිටින ගුවන් ටිකට්පත් ආයතන 25 ක් පමණ නොසළකා හරිමින් එක් ආයතනයකට පමණක් වාසී වන අන්දමින් ලංසු කැඳවා ඇත්තේ කෙසේදැයි ප්‍රශ්ණ කිරීම හේතූවෙන් ඒ පිළිබඳව විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයා, නිලධාරීන් සහ ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
ටෙන්ඩරයක් ආරම්භ කළ පසු එහි කටයුතු අවසන් වන්නේ දින 07ක කාලයකින් බව රජයේ පිළිගත් නීතීය වී තිබියදී එම නීතීයට පටහැනිව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රමිකයින්ට 103 දෙනකුට පසුගිය 03 වැනිදා ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විනාඩි 63ක් වැනි ඉතාම සුළු කාලයක් තුළ එක්තරා සමාගමකට එම ටෙන්ඩර් ප්‍රදානය කර ඇත්තේ කෙසේදැයි ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතයින් ප්‍රශන කර ඇත.
ටෙන්ඩර් කැඳවීමට පෙරම ගුවන් මගීන්ගේ විස්තර ගමනාන්තයන් සහ දිනයන් පිළිබඳ විස්තර එක්තරා සමාගමකට දීම හේතූවෙන් මෙම ගැටළුව උද්ගතව ඇති බවත් ඊට විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතාවයන් ඇති බවත් කරුණු සහිතව පෙන්වා දී ඇති ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතන් දීර්ඝ කාලයක් පුරා එකම සමාගමකින් ගුවන් ටිකට්පත් සැපයීම සඳහා ටෙන්ඩර් දීම මඟින්ම මෙය ජාවාරමක් බව පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සුන්ට කිසිදෙයක් කරගන්න දෙන්නෙ නෑ මේ අලුතින් ආව රිලව්. නැවතත් අපිව පත්කරන්න රටම පෙළගැහෙමු.
රජයේ ආයතන වල මහා පරිමාණ සහ සුළු පරිමාණ වංචා විශාල සන්ක්යාවක් අතීතයේ සිදුවුණා , වර්තමානයේත් සිදු වෙනවා , අනාගතේදීත් සිදු වෙන්න පුළුවන් , මේවා පිළිබඳව මාධ්‍ය මගින් සවිස්තරාත්මකව විශාල ප්‍රචාරයක් ලැබුනත් බොහෝ විට දුෂිත නිලධාරීන්ට විරුධව විමර්ශන ක්‍රියාත්මක කර අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොසිදුවේ බොහෝ විට සිදුවන්න අභ්‍යන්තර විනය පරික්ෂණයක් කර ඔවුන්ට ස්ථාන මාරුවක් ලබාදීම පමණි , වංචා දුෂණ ඔවුන් විසින් අලුත් ස්ථානයේ සිට ක්‍රියාත්මක කරති ,
විශ්වවිද්‍යාල වල බඩු මිලදී ගැනීමේදි කථිකාචාර්යවරුන් මුහුණ පාන බරපතලම ගැටලුව තමයි, ලංකාවේ ව්‍යාපාරිකයන් සමග අනධ්‍යන සේවකයන්ගේ පවතින සබදතා. පවතින රෙගුලාසි යටතේ යම් පර්යේෂණ උපකරණයක් ලංකාවේ මිළදී ගැනීමට තිබෙනවා නම්, එය විදේශයෙන් මිළදී ගත නොහැකියි. නමුත්, මේ අය කරන්නේ, aliexpress/ebay/amazon වැනි වෙබ් අඩවියකින් ලක්ෂ දෙකකට පමණ මිලට ගත හැකි දේ ලංකාවේ ලක්ෂ දහය දොලහ දහතුන වැනි අධික මිල ගණන් වලට විකුණන සමාගම් සමග සබදතා පවත්වා ඒ දේවල් ලංකාවේ අයගෙන් මිලට ගත යුතු බවත්, එසේ නැතිව මිලට නොගත හැකි බවත් දන්වනවා. වර්ෂ අවසානයේ සල්ලි ආපසු යවන්නට වෙන නිසා, බොහෝ විට ඒ මිළදී ගැනීම් කළ නොහැකියි.
ජරාපක්ෂ සංකල්පය අපේ ඒවා හොයන්න එපා, අපි උඹලගේ ඒවා හොයන්නේ නෑ. පේනවා නේද සංකල්පයට අනුව දූෂණය ගසා කෑම, කෙතරම්, ඔඩු දුවලද කියලා. මුන් ඔක්කොමම පෙලට තියාගෙන... ඔලුව අතගාන්න ඕනේ!
කෙසෙල් ගහට කොටල වගේ..
හැම තැනම වංචාව, අපි බලමු ඉස්සරහටත්, උදාහරණයක් කියන්නම් සරලම, මේ දවස්වල පාසල් වල තීන්ත ගානවා, ඒවට බිල්දානකොට තීන්ත ඇසුරුමේ දාපු ගනන තමයි බිලට දාන්නෙ , නමුත් පොඩි දරුවෙක් පවා දන්නව ඕනම තීන්ත කඩේකින් 30%-60% දක්වා කොමිස් එකක් දෙන බව ,මේ වංචාව අසරණ දෙමව්පියන්ට කරන පාසල් ගුරාල, සමිති කාරයො ඉන්නව, මේව ගැන ප්‍රශ්න කරන්න බය දරුවන් අසරණ වෙයි කියල,