IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?

(මනෝප්‍රිය ගුණසේකර)

විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ශ්‍රීලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා දැනුම් දී ඇත.

ඊශ්‍රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වන සමහර ආයතන කාලයක පටන් වංචා කරන බව පෙන්වා දෙමින් ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ පැවැති සාකච්ඡාවකදී ලාල් හෙට්ටිආරච්චි මහතා ඒ බව දැනුම් දී ඇත.

ඊශ්‍රායලය ඇතුළු රටවල විදේශ රැකියවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී ලියාපදිංචි වී සිටින ගුවන් ටිකට්පත් ආයතන 25 ක් පමණ නොසළකා හරිමින් එක් ආයතනයකට පමණක් වාසී වන අන්දමින් ලංසු කැඳවා ඇත්තේ කෙසේදැයි ප්‍රශ්ණ කිරීම හේතූවෙන් ඒ පිළිබඳව විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයා, නිලධාරීන් සහ ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

ටෙන්ඩරයක් ආරම්භ කළ පසු එහි කටයුතු අවසන් වන්නේ දින 07ක කාලයකින් බව රජයේ පිළිගත් නීතීය වී තිබියදී එම නීතීයට පටහැනිව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රමිකයින්ට 103 දෙනකුට පසුගිය 03 වැනිදා ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී විනාඩි 63ක් වැනි ඉතාම සුළු කාලයක් තුළ එක්තරා සමාගමකට එම ටෙන්ඩර් ප්‍රදානය කර ඇත්තේ කෙසේදැයි ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතයින් ප්‍රශන කර ඇත.

ටෙන්ඩර් කැඳවීමට පෙරම ගුවන් මගීන්ගේ විස්තර ගමනාන්තයන් සහ දිනයන් පිළිබඳ විස්තර එක්තරා සමාගමකට දීම හේතූවෙන් මෙම ගැටළුව උද්ගතව ඇති බවත් ඊට විදේශ රැකියා ඒජන්සියේ ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධතාවයන් ඇති බවත් කරුණු සහිතව පෙන්වා දී ඇති ගුවන් ටිකට්පත් සැපයුම් ආයතන නියෝජිතන් දීර්ඝ කාලයක් පුරා එකම සමාගමකින් ගුවන් ටිකට්පත් සැපයීම සඳහා ටෙන්ඩර් දීම මඟින්ම මෙය ජාවාරමක් බව පෙන්වා දී ඇත.

 



අදහස් (8)

රැකියා ගුවන් ටිකට් පතිනුත් වංචාවක්?

ලක්මව් ඛන්නා Thursday, 10 April 2025 08:02 AM

අපේ මිනිස්සුන්ට කිසිදෙයක් කරගන්න දෙන්නෙ නෑ මේ අලුතින් ආව රිලව්. නැවතත් අපිව පත්කරන්න රටම පෙළගැහෙමු.

:       82       25

de silva Thursday, 10 April 2025 08:21 AM

රජයේ ආයතන වල මහා පරිමාණ සහ සුළු පරිමාණ වංචා විශාල සන්ක්යාවක් අතීතයේ සිදුවුණා , වර්තමානයේත් සිදු වෙනවා , අනාගතේදීත් සිදු වෙන්න පුළුවන් , මේවා පිළිබඳව මාධ්‍ය මගින් සවිස්තරාත්මකව විශාල ප්‍රචාරයක් ලැබුනත් බොහෝ විට දුෂිත නිලධාරීන්ට විරුධව විමර්ශන ක්‍රියාත්මක කර අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීමක් නොසිදුවේ බොහෝ විට සිදුවන්න අභ්‍යන්තර විනය පරික්ෂණයක් කර ඔවුන්ට ස්ථාන මාරුවක් ලබාදීම පමණි , වංචා දුෂණ ඔවුන් විසින් අලුත් ස්ථානයේ සිට ක්‍රියාත්මක කරති ,

:       0       48

mahanama Thursday, 10 April 2025 09:15 AM

විශ්වවිද්‍යාල වල බඩු මිලදී ගැනීමේදි කථිකාචාර්යවරුන් මුහුණ පාන බරපතලම ගැටලුව තමයි, ලංකාවේ ව්‍යාපාරිකයන් සමග අනධ්‍යන සේවකයන්ගේ පවතින සබදතා. පවතින රෙගුලාසි යටතේ යම් පර්යේෂණ උපකරණයක් ලංකාවේ මිළදී ගැනීමට තිබෙනවා නම්, එය විදේශයෙන් මිළදී ගත නොහැකියි. නමුත්, මේ අය කරන්නේ, aliexpress/ebay/amazon වැනි වෙබ් අඩවියකින් ලක්ෂ දෙකකට පමණ මිලට ගත හැකි දේ ලංකාවේ ලක්ෂ දහය දොලහ දහතුන වැනි අධික මිල ගණන් වලට විකුණන සමාගම් සමග සබදතා පවත්වා ඒ දේවල් ලංකාවේ අයගෙන් මිලට ගත යුතු බවත්, එසේ නැතිව මිලට නොගත හැකි බවත් දන්වනවා. වර්ෂ අවසානයේ සල්ලි ආපසු යවන්නට වෙන නිසා, බොහෝ විට ඒ මිළදී ගැනීම් කළ නොහැකියි.

:       21       32

himalThursday, 10 April 2025 04:00 PM

විදෙස් රටක නිපදවන භාණ්ඩයක දේශීය නියෝජිතයෙක් ඉන්නවා නම් අර විදෙස් සමාගමින් සෘජුව ගන්න බෑ ගත්තට පස්සේ මෙරට දේශීය නියෝජිතයට කියලා වගකීම් සහතික ගැනීමේ ගැටළු එන්න පුළුවන්. ඊලඟට සියලුම ආනයන කටයුතු ආයතනයට කරගන්න වෙනවා. අනික ඔයා ඔය කියන අන්තර්ජාල වෙළඳපළින් සෘජුව ගන්න ඔයා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න කැමතිද? මොකද රජයේ ආයතන භාණ්ඩ මිලට ගන්නේ ටෙන්ඩර් කරලා, ණය පදනම මත. අත්පිට මිලයි ණයට මිලයි දෙකක් කියලා සිල්ලර මුදලාලි කෙනෙක් පවා දන්න දෙයක්. ඔයා aliexpress එකේ දැක්කා කියලා එහෙම ගන්න බෑ රජයේ මුදලින්.මොක්ද ඒ භාණ්ඩයම ඊට වඩා වෙනස් මිලකට තව දෙන්න පුළුවන් සැපයුම්කරුවන් ඉන්න පුලුවන්. ඊට කලින් ඔයා හොයලා බලන්නකො මාසෙට දවසක්වත් ලෙක්චර් කරන්නෙ නැති ලෙක්චර්ලා, තමන්ගේ කාලසටහනේ දේශන නවකයින්ට පවරලා තමන් පුද්ගලික වැඩ කරන අය, දේශනවල විෂය කරුණු නැතිව වෙන වෙන දේවල් කරන අය කොච්චර ඉන්නවද කියලා.

:       19       12

MahanamaSaturday, 12 April 2025 06:12 AM

ලක්ෂ දෙකකුත්, දහයකුත් අතර වෙනසක් සිදු වෙනවා නම්, ඒ ඉතුරු මුදලට වෙන දේ කාටත් තේරෙනවානේ. ඕක තමයි කිව්වෙ, එහෙම කරන්න බැරි එක තමයි ප්‍රශ්නය කියලා. ලොකු මුදල් ගසා කන ආකාරයට සකස් කරලා තියෙන්නේ. විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය මට්ටම අනුව අධ්‍යන, පරිපාලන, පර්‍යේෂණ තුනකට කටයුතු බෙදෙනවා ප්‍රතිශත ලෙස. ඔබ කිසිත් නොදැන, කියවන වදන්, දන්න අය දන්නවා මොන තරම් අපහසුද කියලා විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම. ප්‍රථම පන්ති සාමර්ථ අරගෙන, ආචාර්ය උපාධි සම්පූර්ණ කර එන කෙනෙක් පැය දෙකක් උගන්වන්න දිනකට දෙකකට පළමුව ඉඳන් වෙහෙසෙනවා. ඔබට පෙනෙන්නේ කොටසයි. ඔයාටත් ඒ නිදහස ඕනා නම්, මහන්සි වෙලා ඉගෙන ගෙන වගකියන කෙනෙක් වෙන්න. ඕක ගොඩක් අය හිතන හැටි. සත්‍ය හොයලා බලන්න

:       0       0

Perera Thursday, 10 April 2025 10:25 AM

ජරාපක්ෂ සංකල්පය අපේ ඒවා හොයන්න එපා, අපි උඹලගේ ඒවා හොයන්නේ නෑ. පේනවා නේද සංකල්පයට අනුව දූෂණය ගසා කෑම, කෙතරම්, ඔඩු දුවලද කියලා. මුන් ඔක්කොමම පෙලට තියාගෙන... ඔලුව අතගාන්න ඕනේ!

:       37       19

රනේ Thursday, 10 April 2025 01:05 PM

කෙසෙල් ගහට කොටල වගේ..

:       25       11

සෙනෙවිරත්න Thursday, 10 April 2025 01:52 PM

හැම තැනම වංචාව, අපි බලමු ඉස්සරහටත්, උදාහරණයක් කියන්නම් සරලම, මේ දවස්වල පාසල් වල තීන්ත ගානවා, ඒවට බිල්දානකොට තීන්ත ඇසුරුමේ දාපු ගනන තමයි බිලට දාන්නෙ , නමුත් පොඩි දරුවෙක් පවා දන්නව ඕනම තීන්ත කඩේකින් 30%-60% දක්වා කොමිස් එකක් දෙන බව ,මේ වංචාව අසරණ දෙමව්පියන්ට කරන පාසල් ගුරාල, සමිති කාරයො ඉන්නව, මේව ගැන ප්‍රශ්න කරන්න බය දරුවන් අසරණ වෙයි කියල,

:       30       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site