(මනෝප්‍රිය ගුණසේකර )
උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස් .එම් රංජිත් මහතාට සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රෙස්නට වසර 16ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු අධිත්‍ය පටබැඳිගේ මහතා අද(02) නියම කළේය.
2012 -2014 කාල වකවානුවේදී උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 2,080,500 ක මුදලක් ලබා ගැනීම ඇතුළු චෝදනා කිහිපයකට මෙම නඩුව පවරා තිබිණි.
අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව දීර්ඝ විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීමෙන් මෙම දඩුවම් නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිර දඬුවම ඉතින්, ආපහු නාමල් බේබි හරි පුතනෝ හරි බලයට එනකන් විතරනේ. ඊට පස්සේ ජනපති සමාව සමඟ නිදොස් කොට නිදහස්. හිරේ හිටපු කාලෙට වන්දිත ගෙවයි, ආණ්ඩුවේ සල්ලි වලින්ම. අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් බැරිනම් සංස්ථා සභාපති, තානාපති තනතුරක්වත් දෙයි. එහෙමනේ ඕවා වෙන්නේ."
හොරු අදහන්නෝ කෙඳිරිගායිද?
හිරේ දැම්මම ආයෙත් ආණ්ඩුවට වියදම්. හොඳම දෙය ඔවුන්ට හැකි තරම් අමාරු වැඩ ගැනීමයි (වගා කිරීම් , ගල් කැඩීම, පිරිසිදු කිරීම, මාළු වේලීම , නිරමාණ කිරීම). එහෙම උනොත් රටේ ආර්ථිකයට හොඳයි.
ඔයා හරි මචන් එහෙම වෙන්නේ, ආයිත් ඔය සෙට් එක අවොත් නේ, එ නිසා එ ගැන බයවෙන්න දෙයක් නෑ.
සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී. ඊට අමතරව ඔය අයියා මල්ලී දෙන්නගේ නමට තියන ඉඩම් ගැනත් හොයලා බැලුවොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙයි.
යන්තම් ඇති අල්ලස් කොමිසමට ඇහැ ඇරිලා 1990 ගණන්වල පාපැදි වලින් ගියපු ඈයෝ දේශපාලනේට ආවාට පස්සේ පවුල් පිටින් ප්‍රකෝටි පතියෝ වුනේ කොහොමද කියලා හොයලා බලන්න ඕනේ... හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉන්නවා... කොට තට්ටේ ටිකක් පෑදීගෙන එන ඩයල් එකක පැට්‍රල් ෂෙඩ් 7-8 තියෙන, ඔවුන්ගේ පවුල් ගැනත් සොයා බලන්න.
මේ තීරණය තවත් ආකාරයකින් හොඳයි. අපේ අධිකරණයට ගරු කළේ නෑ කියලා නීතීඥයෝත් හිරේ දාන්න තරම් ගාමිභීරයි. ඒත් දේශපාලුවෝ අධිකරණය, සී.අයි.ඩී. එක යන්නේ එන්නේ... ඇවිල්ලා මයික් ඉස්සරහ කතා කරන්නේ නැන්දා, මාමා බලන්න ගිහින් ආවා වගේ. මේ සංස්කෘතිය නැති කරන්න ඕනෑ.
කොච්චර කාලයක් හිරේ ඉඳීද දන්නෑ, පුංචි චන්දෙ ඉවර වෙනකොට එළියට දාන්න ඔට්ටු නෑ ඕං. චන්දෙන් කලින් සංදර්ශන මාලාවක් තියෙනවා කියලා ආරංචියි. හිරේ දාන ගමන්ම හොරා කාපු මුදලත් අයකර ගත්තා නම් තමයි හොඳ. නැත්නම් මෙයාලා එදත් හෙටත් යැපෙන්නෙ බදු ගෙවන මහජනයාගේ මතම තමයි.
හොද වැඩේ ඕකුන්ට....
ගරු අධිකරණයට හිස නමා ආචාර කරමි…!
නීතිය ක්‍රියාත්මක වනු දැකීම රටටම සතුටක්...!
බොහොම හොදයි. අල්ලස් ගත්තනම් වැරදි වැඩ කළා නම් දඬුවම් ලැබිය යුතුයි. ජවිපෙ කාඩරයෙන් සැදුම් ලත් පලි ගැනීමේ බලකායෙන් නෙවෙයි, පිළිගත් අධිකරණ ක්‍රියා මාර්ගයකින්. ඒ වගේම, අනුරාධපුරයම වාස භුමිය කරගත් කයිවාරුකාරකමට අමතරව කප්පම් ගැනීමට ද නම් දැරූ, ඉඩම් නඩුවකට ද පැටලී ඇති වසන්ත සමරසිංහ ගරු ඇමතිතුමාට ද නීතිය ක්‍රියාත්මක වන අයුරු බලා සිටීම ආස්වාදජනක ය.
හුඟ දවසකට පසු හොඳ පුවතක් ජයවේවා ආණ්ඩුවට
ඉතිං මෙතුමාට ඕක ගෙවලා නිදහස් වෙන්න බැරිද දඩේකුත් එක්ක... දෙන්නා එකතුවෙලා ගෙව්වා නම් හරිනේ....
අවභාවිතා කළ මුදලත් දඬුවමත් අතර යම් විෂමතාවක් පෙනෙනවා. වැරැදිකරුවෙක් නම් නීතියෙන් හෝ කර්මයෙන් දඬුවම් ලැබිය යුතුයි. නමුත් කෙනෙකුට දඬුවමක් ලැබෙන වැට උඩ පැන පැන සතුටු වෙලා අකුසල් පුරවාගන්න තරම් පහත් මානසික මට්ටමක් අපට නොතිබිය යුතුයි.
මේ මුදල රංජිත්ගෙන් අයකරගත යුතුව ඇත.
රට පාලනේ කරපු උන් ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු උන් නම් වටේ හිටපු දූෂිත දේසපාලුවෝ ගැන කවර කතාද?
හොර පෙරකදෝරුවා හෝ පුතානෝ බලයට එනකම් ඇඟිලි ගණන් කරකර ඉන්න පුළුවන් මේ පල් හොරාට . හිර කුටියේ ඉඳගෙන. මේ වගේ අපතයන් හිර කුටියෙත් වැඩිකල් ජීවත්වෙන්නේ නැහැ. කළ කම් පලාදේ!"
යහපාලනයේ වටිනාකම පේනවානේ. කොහේද මේ රටේ එවුන්ට විරුවෙක් ගේන්න ඕනේ වුණානේ...!
"6.55 ප්‍රවෘත්ති වලින් කට්ටිය කෙදිරි ගානවා අහන්න වෙනවා නේ?"
කෝ මේ ෆයිල් පෙන්නපු කට්ටිය අල්ලපු හොරු....පච රැළ...
මුන් හිරේ ගියත් අලාභය දරාගන්න ඕනේ අපිමද? ඔය කියන අලාභය ගෙවන්නේ කවුද?
මෙතන කමෙන්ට් වලින් 20% කැමති ලංකාව හයිටිය, සෝමාලියාව වගේ වෙන්න.
හිටපු දේශපාලුවෝ හැමෝම වාගේ මේ වරද කරල තියනව. ඒ අයට නඩු නැද්ද?
අර ගෙනාපු ෆයිල් වල තිබිච්ච සියලුම හොරු පිළිබඳව වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා හොරු ටික ඇතුලට දාන එකයි උන්ගෙ ළඟ තියෙන හොරට ගත්ත ජනතා මුදල් ලබාගෙන රට දියුණු කරන එකයි කරා නම් මේ රට ගොඩගන්න ඒ ඇති. හිස නමා ආචාර කරමු...... තවත් හොරු ඉන්නව මිනිස්සු පැහැදිලිවම දන්න. මේ රටේ මෙතුවක් සිද්ධ නොවූ මහජනතාවට සාධාරණය සිදුවන නීති ක්‍රියාත්මක වීමක් කුමන ආණ්ඩුවකින් හරි මේ විදිහට ඉටුවීම ගැන අප්‍රමාණ සතුටක් තියෙන්නේ. ඉතිරි හොරු ටිකත් ඇතුලට දමමු. "යහ"පාලනය යනු මෙයයි.
කෝටි ගණන් හොරකම් කළ මිනී මරුවෝ නිදැල්ලේ. රුපියල් ලක්ෂ 20කට අවුරුදු 16ක සිර දඬුවම්... අමුතු නීති දැන් !