
(යොහාන් භාසුර)
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නිදාගැනීමට මෙට්ටයක් දෙන ලෙස කළ ඉල්ලීම වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයාට කොන්දේ අමාරුවක් තිබීම නිසා මෙට්ටයක් දෙන ලෙස බන්ධනාගාරයෙන් ඉල්ලිමක් කළ බවත් එම ඉල්ලීම බන්ධනාගාර වෛද්‍යවරයාට යොමු කළ පසු එය ප්‍රතික්ෂේප වූ බවත් දිසානායක මහතා කීය.
මෙට්ටයක් වැනි දෙයක් සැපයීමට නම් වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බව කී දිසානායක මහතා වෛද්‍ය නිර්දේශ නොමැතිව මෙට්ටයක් සැපයිය නොහැකි බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරයාට මෙට්ටයක් අවශ්‍ය නම් කොන්දේ පවතින රෝගී තත්වයට ප්‍රතිකාර ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති අතර එම වෛද්‍ය වාර්තා විශේෂඥ වෛද්‍යවරුන්ට යොමුකර සළකා බැලිය හැකි බවත් වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරු මන්ත්‍රීවරයාට දැනුම්දී ඇති බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලියේ ඉඳන් යටිගිරියෙන් කෑගහනකොට නැති අමාරු කූඩුවට ගියාම ඇතිවෙනවා. ලංකාව පාලනය කරන්නේ හොර ලෙඩ්ඩුයි, හිටියවැඩි මහල්ලොයි. ඉතින් අනාගතයක් තියෙයිද?
ඔය තරම් පුෂ්ටිමත් සරීරයක් තියෙද්දී තවත් මොකටද මෙට්ටයක් ?
බන්ඩි ගෙඩිය තැලෙයි. මොකක් හරි පිලිවෙලක් යොදන්න.
මුන් ලොකෙ තිබෙන ඔක්කොම කුජීත, පාදඩ වැඩ කරලා, පොලීසියෙන් අල්ලා, කූඩු කරාම තමා මහ පොළොව මත තිබෙන සියළුම මහ ලෙඩ මතක් වෙන්නේ..... යකො, පැදුරු කඩමාලු කෑල්ලක නිදාගන්න බැරි නම්, ඔය වගේ පාදඩ වැඩ නොකර ඉන්න නෙද තිබුනේ ????
මෙයාට මෙට්ට කෙසේවෙතත්, මේ යෝදයගෙන් නම් මෙට්ට තුනහතරක් හදතහැකි මගෙ හිතේ…!
ඔන්න දැන්නම් හිටපු මැති ඇමතිවරු වෛද්‍ය සහතික එහෙම කෝකටත් කියල අරන් තියාගන්න කොට්ටයක්,මෙට්ටයක් ,පැදුරත් හිරෙදී පාවිච්චි කරන්න. ගියාට පස්සේ ඉල්ලුවට ලැබෙන්නේ නැහැ
මෙට්ටයක් ඕන නම් මොට්ටයෙක් වගේ "මේක මාර ජනතාවාදී ආණ්ඩුවක් ය, නිකමට වත් බොරුවක් නොකියන්නේ ය, චන්දයට පෙර කළ කී දෑ, ගැසූ කයිවාරු එලෙසම ක්‍රියාත්මක කරන්නේ ය, ජූලී චන්ග්ට බියේ කටයුතු නොකරන්නේ ය, රණවිරු දඩයමට පක්ෂ නොවන්නේ ය, පොල් මිල අඩු කලේ ය, එක පෑන් පහරින් ඩඩ්ලිගේ හාල් මිල බැස්සුවේ ය, පාතාලය එක්ක හැප්පී එය කුඩු පට්ටම් කලේ ය, ජාතික ආරක්ෂාව තිතටම කරන්නේ ය, රිලව් ගණන් කිරීම වැනි දැවෙන ප්‍රශ්න වලට කර ගසන්නේ ය, දැන් රිලවුන් වෙනම දුපතකට දමා, කෑම නොමැති වන කාලයට මියෑදෙන්නට ඉඩ නොහරින්නේ ය, වරායෙන් කන්ටේනර් පන්නන්නට ඉඩ නොහරින්නේ ය වැනි අට අනුවක් දේ කිව්වා නම් හෙටම ඔහෙට මෙට්ට එකක් නෙවෙයි, දෙක්කම් ෂුවර් ය!
ඒ මෙට්ටෙ ලොකු මාරකයකින් ගැලවුනා කියල මට හිතෙන්න ... ...
ඔයා ඇවිල්ලා තියෙන්නේ බාගෙ ටිකට් එකකින් ඒ නිසා මෙට්ට නැහැ පැදුර විතරයි.
බිම නිදා ගැනීමෙන් ශරීරය හැඩගස්වනු ඇත. වෛද්‍යවරු ඒ ගැන හොඳින් දනිති. එබැවින් කරදර වීමට කිසිවක් නැත.
පව් අනේ! පව් කරන කොට වගේ නෙමයි දුක් විඳින කොට අමාරු ඇති..
කොන්දෙ අමාරුවට හොඳම ප්‍රතිකාරය තමයි මෙට්ට නැතුව නිදා ගැනීම.
වැඩිය කෑ ගහන් ආවොත් මෙට්ටයක්වත් දෙන්නේ නැහැ .
මූට කොන්දක් තියෙනවාද?
තව කොඳු අමාරු සැදිය හැකි පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බැවින්, මෙට්ට ටිකක් ගබඩා කර තබා ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරියෙන් ඉල්ලා සිටිමි.
මුන් කරලා තියන විනාශයට මහත තියා පැදුරක්වත් දෙන්න නරකයි
මාලිමා ආණ්ඩුවේ ඉන්න උන් ටිකත් මෙට්ට නැතිව බිම නිදා ගන්න ලෑස්ති වෙලා හිටපල්ලා. මේ ආණ්ඩුව වැඩි කල් දුවන්නේ නෑ. ආණ්ඩුව වැටුණු දාට පච කොටාටයි ගෝලයෝ ටිකටයිත් වෙන්නේ මෙට්ට නැතිව වැලිකඩ කූරු ගනින්න තමා.
බලේ තිබුණු කාලේ ඉදිරිය ගැන හිතලා හිර ගෙවල් ටික හොඳට සැප පහසුවට හද ගත්ත නම් හරි නේද ?
යකෝ මුන් තව ටික දවසක් ඉන්නකොට කියයි අහවල් අමාරුව තියෙනවා නෝනත් ගෙනත් දෙන්න කියලා. අහිංසකයෙකුට තමයි ගෙදරින් බත් ටිකක්වත් ගෙනිහින් දෙන්න අමාරු.