
(සුජිත් හේවාජුලිගේ)
නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ.
මෙම දීමනා කප්පාදුව හේතුවෙන් එම සේවකයන් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
අතිකාල දීමනා නොමැතිකම මෙන්ම වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා කාලයක් තිස්සේ නොකඩවාම ලබා දී තිබූ බව පැවසේ.
දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද සූදානම් වන බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ වැඩ කරන්න ඕන තරම් සූදානමින් එලියේ අය ඉන්නවා. පන්දමට රස්සා ගත්තු, විශේෂයෙන්ම රාජපක්ෂලගෙ බැලයෝ, එලවලා පක්ෂ පාට බලන්නැතුව කට්ටිය බඳවගන්න. වැඩත් ලස්සනට යයි..
දැන් අඩුවට කෑම නැති නිසා අමාරුව තවත් වැඩි ඇති.
පල නොකියා පළා බෙදන්න ඔය බත්බැලයොන්ට. අළුත් තරුණ නිලධාරින් අඩුදීමනා යටතේ බදවා ගන්න. ඕකේ ලොකුම පුටුවල ඉන්නේ රාජපක්ෂ සුරතලුන්…
පාර්ලිමේන්තුවේ විධායක ඉහළ කාර්ය මණ්ඩලය හැමදාම ඉහළ වැටුප් සහ වරප්‍රසාද සෙසු සමාන්තර රාජ්‍ය සේවයට සහ තම රාජකාරී ක්‍ෂේත්‍රයට පරිබාහිරව අයථා ලෙස භුක්ති විඳිමින් සිටිනවා. එම වරප්‍රසාද කප්පාදු කිරීම සහ සියලුම සේවකයන්ට නොමිලේ පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ලබා දෙන ආහාර සඳහා බදු ගෙවන මහජනතාවගේ අති විශාල ධනස්කන්ධයක් පාර්ලිමේන්තු සේවකයන් පමණක් භුක්ති විදීම අතිශය ලැජ්ජා සහගතය. මේවා නැවත්වීමට ආණ්ඩුවට පිට කොන්ද තිබිය යුතුය.
ඔවුන් දැනටමත් අන් අයට නොලැබෙන බොහෝ පහසුකම් , වරප්‍රසාද ගන්නවා . ඔවුන් වැඩ වර්ජනය කළහොත්, ඔවුන්ව සේවයෙන් පහ කර, රැකියා විරහිත උපාධිධාරීන්ට සහ අනෙකුත් සුදුසුකම් ලත් තරුණයින්ට එම රැකියා ලබා දෙන්න, ඔවුන්ට වඩා හොඳ සේවයක් ලබා ගත හැකි බව මට විශ්වාසයි.