IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට  අධිකරණයට බාර වන්නැයි  නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල කී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (6)

දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු

සෙනෙවිරත්න Saturday, 29 March 2025 10:32 AM

අන්න කළයුතු දෙය, මින් පස්සේවත් අනිත් අය පාඩමක් ඉගෙන ගනීවි...!

:       10       28

ගුණරත්න Saturday, 29 March 2025 11:10 AM

දේශබන්දු තමයි දැන් ආණ්ඩුවට ලොකුම හොරා. ඒත් අර කෝටි 15,000 හේ සීනිබදු වංචාව? කෝ ලංකාවේ අපනයන ව්‍යාපාරිකයෝ පිටරට හංගලා තියෙන ඩොලර් බිලියන 50 විමර්ශන? ඒ මොකවත් නැහැ... මේ දේශබන්දුවෙක් අල්ලන් නටන නාඩගම අපි දන්නවා, මොකද මේ ආණ්ඩුවේ ලොකුම අනුග්‍රහකරුවෝ ඔය ලොකු ව්‍යාපාරිකයෝ ටික, ඉතින් ආණ්ඩුවත් පොඩි සංදර්ශන දාලා අර වංචා වහනවා...

:       35       19

රහස් පරීක්ෂක බකල ජයා Saturday, 29 March 2025 11:36 AM

ඒ අයගේ ෆෝන් රෙකෝඩ්ස් ගන්න. ඒ කතා කරපු අයගේ සහයෝගය නැතුව මේවා කරන්න බැහැ. ඊට පස්සේ... ඊට පස්සේ.. මේවා මෙහෙම නිකං කරන්න බැහැ... ගෙවීමක් නැතුව.

:       6       35

TiranSaturday, 29 March 2025 08:40 PM

සිද්ධාලේප තවරා නා ගැනීම

:       2       13

Perera Saturday, 29 March 2025 11:47 AM

පොලිස්පතිට පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ රැකවරණය ඉල්ලන තරමකට පහත් තත්වයකට වැටුණා එහෙනම්.

:       10       28

ජගත් ලියනගේ Saturday, 29 March 2025 05:43 PM

දිට්ඨධම්මවේදනීය කර්මය.

:       7       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site