
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් පෙබරවාරි මස 27 සිට මාර්තු මස 19 වෙනි දින දක්වා සැඟව සිටීමට පහසුකම් සහ ආධාර අනුබල කී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තලවතුගොඩ පදිංචි අයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කළයුතු දෙය, මින් පස්සේවත් අනිත් අය පාඩමක් ඉගෙන ගනීවි...!
දේශබන්දු තමයි දැන් ආණ්ඩුවට ලොකුම හොරා. ඒත් අර කෝටි 15,000 හේ සීනිබදු වංචාව? කෝ ලංකාවේ අපනයන ව්‍යාපාරිකයෝ පිටරට හංගලා තියෙන ඩොලර් බිලියන 50 විමර්ශන? ඒ මොකවත් නැහැ... මේ දේශබන්දුවෙක් අල්ලන් නටන නාඩගම අපි දන්නවා, මොකද මේ ආණ්ඩුවේ ලොකුම අනුග්‍රහකරුවෝ ඔය ලොකු ව්‍යාපාරිකයෝ ටික, ඉතින් ආණ්ඩුවත් පොඩි සංදර්ශන දාලා අර වංචා වහනවා...
ඒ අයගේ ෆෝන් රෙකෝඩ්ස් ගන්න. ඒ කතා කරපු අයගේ සහයෝගය නැතුව මේවා කරන්න බැහැ. ඊට පස්සේ... ඊට පස්සේ.. මේවා මෙහෙම නිකං කරන්න බැහැ... ගෙවීමක් නැතුව.
පොලිස්පතිට පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ රැකවරණය ඉල්ලන තරමකට පහත් තත්වයකට වැටුණා එහෙනම්.
දිට්ඨධම්මවේදනීය කර්මය.