(සුජිත් හේවාජුලිගේ සහ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ.
මේ තොරතුරු අනාවරණය වූයේ අදාළ සෞඛ්‍ය අංශු නිලධාරීන් ඕෆ් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමේදීය.
එම ඖෂධ වෙනුවෙන් සේවරිට් සමාගම ඇතුළත් කිරීමට උපදෙස් දුන්නේ ලේකම්වරයා බවත් ලේකම්වරයාට උපදෙස් දුන්නේ කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා බවත් අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
ඒ සැපයුම්කරු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට යෝජනාවක් දී තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
වෛද්‍ය සැපයුම් මංශයේ ඖෂධ 151ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 5278ක් ශූන්‍ය මට්ටමක පවතින බවට තොරතුරු තිබුණේදැයි කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙළිය හිරේ යැව්වෙත් සිවිල් ක්‍රියාකාරීන් .එහෙම උනේ නැත්නම් කෙහෙලියත් තවම දේශපාලනයේ ඉන්නවා .හොරු ඇල්ලිල්ල එහෙම තමා
මූව හිරේ දාලත් මදි. මෙහෙව් වින කරපු උන්වනේ අපේ බදු සල්ලි වලින් පඩිත් ගෙවල, වාහනත් දීලා, ඉන්ඩ බංගලාත් වෙන් කරලා දීගෙන නඩත්තු කරල තියෙන්නේ.
නිලධාරීන් ඉන්නේ දේශපාලකයින් කියන හැම දේම කරන්න නොවේ. නීත්‍යානුකූල දේවල් කරන්න විතරයි.දැන් දකුණු පළාතෙ ආන්ඩුකාරයා කියන කියන ඒවා නිලධාරින් කරනව නම් මොකටද පරිපාලන සේවයේ අය ඒඒ තනතුරැ වලට පත් කරන්නේ. ඒ නිසා 2023 අංක 9 දරන දූෂන විරෝදී පනතතේ 111 වගන්තිය අනුව නිලධාරීන් කිසිවෙකුට වත් මේ දූෂණ වලින් ගැල වෙන්න බැහැ. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ විදුහල්පතිවරයා දැන් වසර 20 කට වඩා ඒ පාසලේ ඉන්නවා. මිනිහ පාසලට ලමයි දාල ගන්න මුදලින් කොටසක් ආණ්ඩුකාරයාටත් පුධාන ලේකම්ටත් අද්‍යාපන ලේකම් ටත් ආදි වශයෙන් හැරමෝ ම අතරෙබෛදා ගන්නවා. කෙහෙලියත් ඔය මුදල් නිලධිාරීන් අතර බෙදා ගන්න ඇති. මේ =ඔක්කොම සංවිධානාත්මක අපරාධ කාරයෝ . මේ රටේ ගරැ අධිකරණය පමණයි තමවත් විශ්වාස කල හැක්කේ . ඔය උඩින් තියෙන මගේ නම හරිම පුසිද්ධයි. සීඅයි ඩී එක මගේ ලගට එව්න්න මම ලග තියෙනව දකුණේ අපරාධ කාරයො ගැන ඔක්කොම තොරතුරැ. දැන් දේශපාලන අධිකාරියක් මේවට හවුල්. මේව නතර කරන්න කිසිම උවමනාවක් නැහැ. වගකීමෙන් කියන්නේ. මම ජයවීර
මේකටත් බයියො කෙඳිරිගායි දැන්. බයි වීරයෝ ඔක්කොම මේ ජාවාරමට අත උස්සලා ජාවාරමාව බේරගන්න ඡන්දෙ දුන්නා. හොරු අදහන බයියන්ට මේවා වීර ක්‍රියා.
ඔවුන්ට අත සෝදා ගැනීමට හැකියාවක් නැත. නිශ්චිත සිදුවීම ඇද නොගෙන "කෙහෙළිය යක්ෂයාට" සහ අනෙකුත් වැරදිකරුවන්ට දඬුවම් (ජීවිතාන්තය දක්වා සිර දඬුවම්) ලබා දීමට රජය සහ අදාළ බලධාරීන් වහාම පියවර ගත යුතුය.
පෙර රජය කිසිදු ලැජ්ජාවකින් තොරව විශ්වාසභංග යෝජනාව ආරක්ෂා කිරීම ශ්‍රී ලංකාවට ශාපයක්. නාමල් බබා සහ සාගර දැන් කියන්නේ කුමක්ද?
කෙහෙල්මල් කමිටු වාර්තා උන්ව අල්ලගෙන එල්ලුම් ගහේ දමපියව් අහිංසක පාසල් දැරියක් නැති උනා. තවත් අය සිය ගණනක්ගේ ඇස් අන්ධ උනා. මුන්ට හෙන ගහන්න ඕනේ
මේ පොදු ව්‍යාපාර විගඩම මහ සද්දෙට පෙන්වන තවත් මාධ්‍ය සංදර්ශනයක් විතරයි! - කරුමේ කියන්නේ, මේ විගඩම කරන්නේ ආණ්ඩුවෙන්, රාජ්‍ය නිළධාරීන් මේ විගඩමට ගෙන්වල ඔහුන්ට සද්දේ දාමින් දේශපාලකයෝ මාධ්‍ය ඉස්සරහද "පොරවල්" වෙන්න හදනව! මෙය වසර ගනනක් තිස්සේ කරගෙන යනව, රටට වෙච්ච සෙතක් නම් - අල්ලපු හොරෙක් නම් නැ! රටට දීපු ආදර්ශයකුත් නැ! අන්න කෙහෙලිය රඹුක්වැල්ල බාල බෙහෙත් බීල ගෙදර දොයි!
ඖෂධ ගැන්වීම, රඹුක් වැල්ල, සෞඛ්‍ය අංශු, ඕෆ් කමිටුව, කෙහෙළිය රඹුක්කැල්ල ......බලන්න කොතරම් දෝෂ තිබෙනවාද කියා මේවා හොයා බලන්න කවුරුවත් නැද්ද ?
රටේ ජනතාවගෙ බදු සල්ලි කෝටි-ප්‍රකෝටි ගණන් හොරකාල, දැන් වගකියන්න එකෙක්වත් නෑ. නිලධාරීන් කියනවා ලේකම් කියලා, ලේකම් කියනවා හිටපු ඇමති කියලා, දැන් හිටපු ඇමති කියයි ලේකම් සහ නිලධාරීන් කියලා. හැබැයි මේ ඔක්කොම හොර තක්කඩින්ට රෙදි නැතිව කඩේ යන්නනම් කට්ටිය ඕසේට ඉන්නවා.
මෙය සමූහ ඝාතනයක් සේ දරුණු ක්‍රියාවක්. මේ මෘගයාට මරණ දඩුවම ලැබේ යැයි අපි විශ්වාස කරමු….
මුන් ඔක්කොටම චීනය වගේ දූෂීතයින්ට දෙන දඬුවම දිය යුතුයි.... එහෙම නැතුව අපේ රටේ හැදන්න බෑ
බයවෙන්න එපා මල්ලි... එයාට මුකුත් වෙන්නේ නෑ.
බාල බෙහෙත් දීලා අහිංසක ලෙඩ්ඩුන්ට කරපු අපරාදෙට, ඊට සම්බන්ධ වූ හැම එකාටම සාපවෙනවා. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙයි.
ඉහත ලියලා තියනවා ජයවීර කියලා මහත්තයෙක්. ඒ කාරණා 100% සත්‍ය, මොකද වත්තල පොලීසියේත් ඉන්නවා. දැන් අවුරුදු 15 කට වඩා ඉන්න නිලධාරියෙක්. පගා මරුවෙක්. මෙයාගෙන් එතැන ඉන්න ලොක්කටත් ගාණක් යනවාද මංදා... හැම දේකටම යවන්නේ මෙයාව. හැමදාම එකම පොලිසියේ වැජඹෙන රහස මොකක්ද?
දැන් මේවගෙ ප්‍රසම්පාදන කමිටුවල ඉන්න දොස්තරලට වගකීමක් නැද්ද? රෝගීන් ගැන හිතල වර්ජනය කරන්න තිබුණනෙ ඇමති බලපෑම් කලා නම්.