
(අංජුල මහික වීරරත්න)
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (4) රාත්‍රී 8ට දිවයිනට පැමිණෙයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී පිළිගැනීමට නියමිතය.
නරේන්ද්‍ර මෝදි මහතා අද (4) සිට ඉරිදා (6)දක්වා මෙරට නිල සංචාරයේ නිරත වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ සංචාරයේ නිරත වෙයි.
ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය සෙනසුරාදා(5) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එදින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡා වල නිරත වීමට සහ ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර හමුවකට සහභාගී වීමට සැලසුම් කර තිබේ.
මෙහිදී ඉන්දියාව සහ ලංකාව අතර බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වලට අදාලව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාල ගිවිසුම් හුවමාරු කර ගනු ඇත.
ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරේ.
එසේම, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමටත්, ඉන්දියා රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉරිදා(6) පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිම කරමින් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්බිම නැත්නම් මරණය
රෑ ගමන් හොඳෙයි ඔය වයසට?
බොම්බයි ලූණු මයිසූර් පරිප්පු කන්ඩ එපා කිව්වා
රෑට ආවත් දවල්ට ආවත් ගිවිසුම තියෙන්නේ ඉංගිරිසියෙන්... මේවා තේරෙනවා නම් මොනවා කරන්ඩ බැරිද?
අර නෝනලා කෑ ගැහුවට රෑට බල්ලෝ පැන්නේ නැහැ අනේ...
ඔය ගිවිසුම කමත් භාෂාවට පරිවර්තනය කරලා දෙන්න අත්සන් කරන්න කලින්
විපක්ෂයේ සිටින තාක් කල් මැවූ ඉන්දියානු බිල්ලා සමග එකගෙයි කන්නට සිදු වීම මාලිමා ආණ්ඩුවට වූ තවත් අබග්ගයකි. විලිසංගයක් නැති ආණ්ඩුවටත් එහි බත්බැල කුලී ලියන්නන්ටත් දැන් සිදුව ඇත්තේ ඒ සියල්ල අමතක කර මෝදී සහ ඉන්දීය ගුණ ගී ගැයීමට ය. තවමත් තාප්පවල තියෙන ජෙප්පන් විසින් ලියන ලද "රනිල් - මෝදී ගිවිසුම් වහා හකුලා ගනිව්" වැනි ගොබ්බ වැකි මෝදී මෙහි ගොඩ බැසීමට පෙර මකා දමන්නට මාලිමා සේදුම් බලකායට පැවරුවොත් නරකද?
මෝඩි අගමැතිතුමා සාදරයෙන් පිළිගන්නවා. 88 කාලේ විජේවීර මිනීමරුවා නිතරම කෑගැහුවේ, හාන්කවිසියක් නැති නූගත් මිනිස්සු ඇවිස්සෙව්වේ ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කියමින්, ඒ මදිවාට 60,000ක ජීවිත නැතිකරලා එකාත් මැරිලා ගියා. දැන් ඔවුන්ගේ අලුත් පරම්පරාව ඉන්දීය අගමැති බැහැ දකින්න දේකට තුනට නැවිලා ඉන්නවා. දකිනවිට අපිට නිකම් අමුතු හිනාවක් එනවා..
අතීතයේ කාලයක් තිබුණා ඉන්දීය අගමැති ලංකාවට එනකොට රටේ ඇඳිරි නීතිය දාන්න වුණා. මොකද ඒ තරම් විරෝධයක් තිබ්බේ මේ කට්ටියගෙන්...
ලැජ්ජ නැති ජාතියක්නේ මාලිමා ජාතිය...