
(සුජිත් හේවාජුලිගේ )
විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට තවමත් නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ.
ගැනුම්කරුවන් කිහිප දෙනෙකු ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා ඉදිරිපත් කර ඇත්තේ තක්සේරු කළ මිලට වඩා අඩු මිල ගණන් බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.
පාර්ලිමේන්තුව තක්සේරු කළ මිලට එම වාහන ගැනීමට ඉදිරිපත් නොවුවහොත් යළි ටෙන්ඩර් කැඳවීමට සිදුවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙසේ විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම් කාර්යාලයට අයත් වී8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකයි.පාර්ලිමේන්තුවේ ඇති සෙසු සුපිරි වාහනද ඉදිරි දිනවල වෙන්දේසි කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව බාරයේ බස් රථ ඇතුළු වාහන සංඛ්‍යාව සියයකට ආසන්න සංඛ්‍යාවක් පවතින්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ඉතින් ගැණුම් කරුවන් කියන්නේ දේශපාලුවන්ගේම මිනිස්සුනේ. ආයෙත් එහෙම කුණු කොල්ලයක් එහෙම දාගන්න උත්සාහ කරන්න ඇති..
මේ වාහන සියල්ලම අඩුම වශයෙන් අවුරුදු 10 ක් වත් පැරැණියි. මේවායින් බොහෝමයක් අබිලි වාහන වෙන්දෙසි මගින් විකිණිය යුතුයි. මේ බව රජය නොදන්නවා නොවෙයි, නමුත් ගැලරිය පිනවීම වෙනුවෙන් මේ ගැන වරින් වර මතුකරමින් පෙන්වනවා. ඔය වගේ සිල්ලර වැඩ වලින් වැඩිකල් යන්න බැරි බව ඉක්මනින්ම ඔවුන් වටහා ගනිවී...
කලින් හිටපු දූෂිත දේශපාලුවන්ට තිබුණු රතගාය ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...
කවුරුත් දන්නවා මිලියන 10 20ක් මිල නියම කරලා තියෙන හද්දා පරණ ලඩි ගන්න පිස්සුවක් තියෙන්න ඕන. ඔය ගාන වියදම් කරන්න පුළුවන් මිනිහෙක් ජපානෙන් අලුත්ම එකක් අරන් පදිනවා මිසක් ගෙවිච්ච කබලක් ගන්නේ නැහැ.