
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥ භාවය වංචනිකව ලබාගෙන තිබේද? යන්න පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය රහස් පොලිසියට අද(03) නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නිතීඥ භාවය ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
රහස් පොලිසිය මගින් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස හෝ දූෂණය පිටුදැකීමේ පුරවැසි බලය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය.
නාමල් රාජපක්ෂ මහතා නීතිඥ භාවය ලබා ගැනීමට අදාල ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගයට මුහුණ දීමේ දී වංචාවක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බවත්,ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ලේඛන පරීක්ෂා කරමින් එම විමර්ශනය දියත් කර ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉතා දැවෙන ප්‍රශ්නයක් විසඳීමට ඉදිරිපත් වූ මාලිමා ආණ්ඩුවට අපගේ ප්‍රණාමය! රන්වලගේ හොර ආචාර්ය උපාධිය සහ අධිකරණ ඇමතිගේ බොරු පට්ටමින් ද මාලිමාව වෙනුවෙන් දිවා රෑ මිනිසුන් නොමග යැවූ තවත් එවැනි හොර උපාධිකරුවන් නිසා හොට බිම ඇන ගත් ආණ්ඩුවට මෙමගින් හෝ හුස්මක් කටක් ගන්න ඉඩකඩක් ලැබේවායි ප්‍රර්ථනා කරමු!
මාලිමාවේ රන්වල ඇතුළු පච රැළගේ ඒවත් හොයමු, ඔහොමම...
ඕක මුලින්ම එලිකරපු එකට ජීවිතේ බේරගන්න රටෙන් පැනල යන්න වෙච්ච පුද්ගලයාවත් සාක්ෂියට කැඳවන්න.
අපෙ ගම්වල කියන්නේ... "පච කෙලින අයගේ රෙදි ගැලවෙනවා" කියලයි. මෙම චොදනාව ටක්කෙටම ඔප්පු උනොත් එහෙම, මැදමුලන අබ්බගාත බෙබිගෙ කළු කබා යත්, රෙදිත්, කුරහන් සාටකයත් ගැලවී යන එක නම් ෂුවර්ම තමා. බෙන්ජා කියනවා වගේ... "පව් අනේ පව්"...
නෑ මොළයා හොර පෙරකදෝරුවෙක් බව දන්නෝ හොන්දාකාරවම දනිති .
හොර නීතිඥ පට්ටම ගැලවේ, නාමල්ට බේබිට අද හෙට කෙලවේ, හීන් කෙදිරි හඩ වැඩිවේ, පොහොට්ටු ගැලවී බිමට වැටේ.
"කමින් කලර් නෝ ගුඩ්" කීවලු. හනික රට පැනගත්තොත් නරකද බේබි. සල්ලි ප්‍රශ්නයක් ඇත්තෙම නෑනේ. අර මාකොස්ගේ පුතාට කළා වගේ ආපහු රතු පලස් එළලා වඩම්මන්න සැදී පැහැදී ඉන්න, වහල්ලු කියනඑක නම් එච්චරම සදාචාරාත්මක නැතිනිසා පිරිසක් කියමු, තවම ඉතුරුවෙලා ඉන්නවනේ. ඊයේ පෙරේද හිරේගිය කාටද නිල්වෙන්නම නෙළලා කියලත් කියනවා. ඇත්තද දන්නේ නම් නැහැ. එහෙම දෙයක් උනොත් ඉතින් නෙළල ඉතුරු කරන එකක්නම් නැහැ ඔන්න.
රාජපක්ෂලාගේ ඥාති කපිල දිසානායකලාගේ හොරකම් සහ මැරකම් ගැනද හොයන්න….
නාමල් නීතිඥ විභාගේ පාස් කෙරුවනම් අපේ පොල් කඩන සිරිසේන මහාචාර්ය වෙන්න ඕනේ. මොකාද නාමල් කියන කරන දේවල් මොන්ටිසෝරි ළමයෙක් වගේනේ. ඔහොම පුලුවන්ද දේශපාලනය කරන්න, නඩුවක් වෙනුවෙන් කොහොම පෙනී සිටීද?
කෙලින් වැඩ කරන ආණ්ඩුවක්නම් රන්වලගේ බොරු මහාචාර්ය පට්ටම ගැනත් කියන්න. හොයන්න ඕනේ. මිනිස්සු බලාගෙන ඉන්නේ. හැමෝටම සාධාරණයක් තියෙන්න ඕනේ. පස්සේ කණගාටු වෙන්න එපා ඕවා අමතක කරලා දාල අනිත් ආණ්ඩු වගේ.
ලොකු දෙයක්. නැත්නම් ඊළග ඡන්දෙටත් ජෙප්පො මේක මාකට් කරනවා.
මේවා නම් සාමන්‍ය දේශපාලන පළිගැනීම්. නමුත් මෙහිදී මාලිමාව නොදන්නා දෙයක් සිද්ධ වෙනවා. නාමල්ගේ උපාධිය පිළිබඳ සත්‍ය තහවුරු වෙයි. එය ඔහුට හොඳක්. එය බොරුවක් නම් එයත් තහවුරු කළ හැකියි. හැබැයි මේ කිසිවක් රටේ දියුණුවට අවශ්‍ය දේවල් නෙවෙයි.
නාමල්ගේ නීතීඥ කමේ සුජාත භාවය පිළිබඳ සමාජයේ පවතින විචිකිච්චාව අහෝසිකරලා සුජාත නීතිඥ භෘවයක් අත්කරලා දෙන්න කරන උත්සාහයක් වගේ. නිදොස් කරලා නිදහස් වෙන සීන් නේ දකින්න තියෙන්නෙ බහුතරයක්ම.
උගන්ඩාවේ ඩොලර් වලට වෙච්ච දේ නොවේවා. නැත්නම් ජෙප්පෝ තවත් චොර වෙනවා.
මාළිමාවේ රන්වල වෙනයි.එයාව කතානායක කමිනුත් අයින් කෙරුවා.හොර පෙරකදෝරුවා එහෙමද? හොරට ලියපු හැටි,දන්නෝ හොන්දාකාරවම දන්නවා සාක්ෂිත් එළි පිටම තියෙනවා .
අපේ රටේ තිබෙන තවත් අති දැවැන්ත ප්‍රස්නයක් විසඳන්න මාලිමා ආණ්ඩුව ගන්නා උත්සාහයට අපේ ප්‍රමාණය. දැන් අපිට ප්‍රස්න ඇත්තෙම නැහැ, අස්වසුමෙන් සල්ලි ලැබෙනවා, ආණ්ඩුවේ කැන්ටිමෙන් කන්න ලැබෙනවා, කොල්ලට බල්ලට රස්සාත් ආණ්ඩුව දෙනවා කියනවා, අපි ඉන්නේ සැපේ සැපේ!
රාජපක්ෂලාව දකිද්දී, හතරගාතෙන් වැටිලා ජන්ගියේ මුත්‍රා පිටකරගන්න ජාතියේ නොන්ජල් මිනිස්සු ඉන්න රටේ, නාමල් නීති විභාගේ ලියන්න එද්දී, බුලත් අතක් දීලා දනගහලා පිළිගත්තු විභාග ශාලාධිපති වරු නොහිටියා කියන්නත් බැහැ...අනික ඉතින් කවදත්, මෝඩයෝ රජකරන මේ පාරාදීසයේ උගත්, නුගත් කියලා බේදයක් නැහැ, හැමෝම නරුම ගති තියන තමන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් ආත්මය පාවාදෙන ගෝත්‍රික රැළක්නේ..
ලකුනු සීයෙන් සීයම ගත්තා වගේ මතකයි?
නීතීගරුක සිෂ්ට සම්පන්න රටක් දකින්ඩ අකමැති ,දූෂිත දේසපාලුවන්ට ගැති වහල්ලුත් ඉන්න බව සමහර කොමෙන්ට්ස් වලින් පේනවා.
සිම්පල් මැටර්…., උඩින් නොම්මරෙයි යටින් නොම්මරෙයි දෙන්නගෙන් අහන්න මැදින් මේ යෝදය වාඩිවෙලා විබාගෙට ලිව්වද කියලා..!
නාමල්ගේ නීතිඥ භාවය තමයි මේ රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ. වැඩ බැරි මාලිමා ආණ්ඩුව තමන්ගෙ නොහැකියාව වහගන්න කරන බොළඳ සිඟිති ආතල් මේවා.
කතානායකගේ සහතික බැලිල්ලට මොකද වෙන්නේ එතකොට
කෝ කිව්ව දේවල් කෙරුවද කියලා අහන අයම ඒවා එක එක කරන කොට දක්වන ප්‍රතිචාර බලා ඉන්න එකෙත් පොඩි ආතල් එකක් තියනවා. පව් අසරණ ජීවිත. බඩ වියත රැක ගන්නනේ ඔය සේරම. මැක්ස්, යෝගා සහ ගුණරත්න වැනි මැක්කන්ට බල්ලෙක් නැතුව බෑ.
මැදමූලන "හොර කළු කබාකාරයා" කියා චොදනා ලබා සිටින "නාමල් නාම්බා" යන සුරතල් නාමයෙන් හඳුන්වන, මෙම කළු කබා අබ්බගාත උන්නැහේ, උසාවියෙන් වැරදි කරු උනොත් එහෙම, මෑන් ලියපු ඉඩම් ඔප්පුවලට මොකද වෙන්නෙ ? මෙයා රාජපක්ෂ පරම්පරාවට සහ ගජ මිතුරන්ට හොර ඔප්පු හදා, ඉඩ කඩම් වංචාවෙන් අල්ලා ගත්තාද කියා සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්නත් වෙවිද දන්නෙ නෑ ! !
ගමේ මිනිසුන්ට පෙන්න බැරි චරිතයක් නාමල් හැබැයි කෙමෙන්ට් බලකායේ සේනානායකයා ලු
"නොට් ටු වොරි. අයි නොර් ද ලෝ" මට බැරිනං "මයි ෆ්‍රෙන්ඩ්ස් නොර් ද ලෝ"
නීතියේ ආධිපත්‍යයට, සුපිරිසිදුකමට කමට කෑ මොර දෙන නීතිඥ ප්‍රජාවවත්, අදාල දෙපාර්තමේන්තුත්, පද්ධතිත් හොරට උපාධියක් අරගෙන ඒක මාර්කට් කරන එකෙන් වෙන හානිය, විශ්වාසය බිඳවැටීම ගැන නිහඬ ඇයි? විභාග අපේක්ෂකයෙක්ව බුලත් දීල පිලිගත්ත කියල ඇසින් දුටු සාක්කි බොහෝ ගණනක් තියෙනවා. ඒකෙන්ම පැහැදිලියි මෙය නීතියේ අංශයක් බාරව ඉන්න කොන්ද පණ නැති අය එක්කෙනෙකුට විතරක් විශේෂ සැලකිලි දීල ආචාර ධර්ම උල්ලංඝනය කරල තියෙනවා කියල. නීතිඥ සංගමයත් මේ ගැන එදත් අදත් නිහඬයි. ලංකාවේ හර පද්ධතිය, වටිනාකම් විනාශ කරල, ලංකාව පාදඩකරණය කරපු මේ අය දේශපාලනයට තියා, නගර සභාවක කුණු අදින්නවත් ගැලපෙන්නේ නැහැ.
හොඳයිනේ හොයන එක. හැබැයි උගන්ඩා ඩොලර් වගේ පච කෙලියා කියලා මාට්ටු උනොත් නාමල්ට වාසි වෙනවා. අපිත් හරි ආසයි සත්‍යය දැනගන්න.
කව්ෂි දීගෙන ඉන්නවා .Wili oopan
නාමල් මේ වෙනකොට නඩු කීයක් හසුරුවල තියෙනවද?
සමහර ප්‍රතිචාර දාපු අය නාමල් ගිය පාසලේ වැසිකිළි හෝදන්නවත් ගන්නේ නැහැ...
ඔයා ඔය ප්‍රශ්නෙ වැරදි විදියට ඇහුවෙ... මෙහෙමයි අහන්න ඕනේ...: තමන්ගේ පරණ පවකට නඩුවක් මෙම බහුබූත නාමල් නාම්බාට, වැරදිලාවත් බාර දීපු කී දෙනෙකුගේ නඩු, මෙ බෙබි දිනාගත්තාද ??? මෙයා "පෙනී හිටපු" යම් නඩුවක්, යම් උසාවියක තිබුනානම්, ඒ සියල්ලම අවසාන වුනෙ, විනිසුරු වරයාගේ...waste paper basket එකෙ බව "නානා" හොඳින්ම දන්නා කරුණකි... නානා ගෙ කුරහන් සාටක අප්පච්චි ගෙ අබ්බගාත පට්ටමත්, පුතානොගෙ, වගෙමයි... නඩු 0 ලු !!! පව්... අනේ...පව්...