
(රන්ජන් කටුගම්පොල)
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන් 03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක් මේ වන විට අභියාචනාදීකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් කැඳවු අවස්ථාවේදී අධිකරණය එලෙස නියම කළේය.
නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඞ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුකූලව නාම යෝජනා පත්‍රයක් හදා ගන්න බැරි අය රටක් නොවෙයි ප්‍රාදේශීය සභාවක් පාලනය කරන්න සුදුසු නැහැ. ඒ නිසා රටේ හා ජනතාවගේ කාලය හා මුදල් නාස්ති නොකර නියමිත දිනයට මැතිවරණ පැවැත්වීමට මැදිහත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි.