IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්

(රන්ජන් කටුගම්පොල)

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව මැතිවරණය පැවැත්විමේ කටයුතු ඉදිරියට කරගෙන යෑමෙන්  03 වැනි දින තෙක් වළකින ලෙස දැනුම් දෙන්නැයි  අභියාචනාධිකරණය අදාළ තේරීම් භාර නිලධාරීන්ට අද නියෝග කළේය.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක්  මේ වන විට අභියාචනාදීකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් කැඳවු අවස්ථාවේදී අධිකරණය එලෙස නියම කළේය.

නාම යෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්ව ජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව ගණනාවක් ගොනු කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඞ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලිණි.

 



අදහස් (1)

මැතිවරණ වැඩ අනිද්දා තෙක් වළක්වන නියෝගයක්

අරවින්ද මොණරවිල Wednesday, 02 April 2025 07:40 AM

නීතියට අනුකූලව නාම යෝජනා පත්‍රයක් හදා ගන්න බැරි අය රටක් නොවෙයි ප්‍රාදේශීය සභාවක් පාලනය කරන්න සුදුසු නැහැ. ඒ නිසා රටේ හා ජනතාවගේ කාලය හා මුදල් නාස්ති නොකර නියමිත දිනයට මැතිවරණ පැවැත්වීමට මැදිහත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site