
(අංජුල මහික වීරරත්න)
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.
"අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා. එහෙම හොඳ නැද්ද?
17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න.
හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කොටියක කජු කෑවා කියලා හෝ වෙනත් අබුත කරණයකට රනිල්ව දුෂණ කොමිසමට ගෙන ඒමට වඩා ලොකු ගනුදෙනුවක් Donald trump සමග විසදාගන්න තියෙනවා. අමෙරිකාවෙන් පනවපු 44% තීරු බදු ගැටලුව විසදා ගැනීමට කටයතු කරන්න.
ඔව්, ඔය ඔක්කොම එකට හිටෝලා අසූචි වලින් නාවන්න ඕන. ඔය සෙට් එකම දේශපාලනික වශයෙන් උඩින් එකිනෙකට විරුද්ද අදහස් ජනගත කලාට, යටින් ඔක්කොම කල්‍යාණ මිත්‍රයෝ. රට බංකලොත් වුණාට, රටේ සාමාන්‍ය ජනතාව බංකලොත් වුණාට, ඒ සෙට් එකයි, ඒගොල්ලොන්ගේ හෙන්චයියෝයි ආර්ථික වශයෙන් සමුර්ධිමත්. එකයි වෙනස.
2015 AKD ගෙනාපු MY3 Supreme Court වැරදිකාරයා කලේ! වන්දි ගෙව්වේ!
කොමිසම් වලින් සිතසි යවන්න බෑ නේද? සිතාසි යවන්නේ උසාවි වලින් නේද? ජනාධිපති තාම ඒකවත් දන් නෑ නේද? ගැලරි ටෝක්ස් නේද?
උසාවි එන්න සිතාසි එවන එකයි ප්‍රකාශයක් සටහන් කරගන්න කොමිසමට එන්න කියනවා කියන්නෙ දෙකක් කියලාවත් මෙයා දන්නෙ නැහැනෙ.
ආරක්ශාව අඩු කරගන්න එපා මහත්තයෝ.
අනේ මන්ද අනුර, ඔයාලට වෙන ලෝකයක් නෑ. එපාවෙලා නැද්ද ඕක ?
හිටපු ජනාධිපති කෙනෙකුට සිතාසි එවීමක් ගැන බලේ සිටින ජනාධිපති, ප්‍රසිද්ධ දේශපාලන, මැතිවරණ වෙදිකාවක රඟපාන එක නම් සදාචාරාත්මක නෑ කියා මගේ ආච්චි සීයාට කියනවා මට ඇහුණා. අනේ උන්දැත් දන්නා දේශපාලනේ...
ඇයි නැත්තේ, රනිල් ජනාධිපති කාලේ සිරිසේන ජනාධිපතිතුමාට සිතාසි ගියා.
හිටපු ජනාධිපතිවරයෙකුට කැඳවීමක් ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ. හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයෙන් කැඳවීමක් ලැබී ඇතැම් වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වී තිබෙනවා පමණක් නොව. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණයෙන් කැඳවීමක් ලැබී නොමැති අතර, වෙනත් දේශපාලනඥයන් විසින් සිදු කර ඇති බවට සැක කෙරෙන වරදක් සම්බන්ධයෙන් CID විසින්ද කැඳවීමක් කර තිබෙනවා. එබැවින් CID යේ සාකච්ඡාවෙන් පසු රනිල්ට ගෙදර යා හැකියි.
මාර වැඩේ රනිල්ට උනේ ?...
සිල්ලර අනුර. ජනතාව තමන් තේරී පත් වූ පුද්ගලයා පිළිබිඹු කරයි.
භාණ්ඩාගාරයෙන් පළාතේ සංවර්ධනය සදහා ලබාදෙන මුදල් සංවර්ධනය සදහා නොගෙන බැංකුවල ස්ථිර තැන්පතුවල තැන්පත්කර ජනතාවගේ හිමිකම් උල්ලංඝනය කර කටයුතු කිරිම වරදක් ලෙස සලකා එම මුදල් ආපසු ගැනීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් වෙනවාද නැත්නම් රජයෙන් දුන්නු මුදල් මධ්‍යම රජයේ වැඩකටත් නැතුව පළාත් සභාවේ වැඩකටත් නැතුව බැංකුවල තබාගෙන සිටීමෙන් පාඩුවක් වෙනවද තේරුම්ගන්න බැරි එවුන්ට කල නොහැකි කිසිවක්ම නැහැ කියලා මේ කතාවෙන් පේනවා තවත් අතකින් බැලුවනම් ජනතා මුදල් රටේ සංවර්ධනයට නොගෙන බැංකුවෙ තබාගෙන සිටීම අනුමත කිරීමක් තමයි කියන්නෙ
88 89 වැනි අතිතයේ මෙයාලා කළ ත්‍රස්ත ක්‍රියාවලට සොබා දහමේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වුණා නම් මෙයාට මේ ප්‍රකාශ කරන්න වෙන්නේ අපායේ ජනපති වශයෙනුයි.
බරපතල වැරදි හා අඩුපාඩු සියයක් කරලා තියෙද්දී වෙන එකෙකුගේ දේකට සාක්ෂි දෙන්න කියලා ලියුමක් යවලා මිනිස්සු රවට්ටන්න බෙරිහන් දෙනවා...!
හිටපු ජනාධිපතිවරණයකට විරුද්ධව නම් වික්ටර් අයිවන් නඩුවක් දිනුවා.
ඔයාගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරනවා. මුලින්ම සිතාසි ආපු හිටපු ජනාධිපති තමයි මෛත්‍රීපාල සිරිසේන. ඔයාටත් එයි අනාගතේදි බලන් ඉන්න.
අති විශිෂ්ඨයි. ඔබතුමා ඇතුළු මාලිමාවේ අය සද්භාවයෙන් හැම අතින්ම රට ගොඩනැගීමට වෙර දරන බව පෙනෙනවා. අපි එයට එකසිතින් හැකි පමණින් සහාය දෙනවා.
පට්ට වැඩ්ඩෙක් තමයි. හැබැයි තමන් දැන් ජනාධිපති කියලා අමතක වෙලා.
මේ ගොන් ආතල් හොඳයි මඩකලපුවේ වහබි කාරයින්ට...!
මෙයාගේ පම්පෝරිය අහපල්ලා අලුත් අවුරුද්දටත්.
බයවෙන්න දෙයක් නැත. ඔබටත් සිතාසි ලැබේවි...!
100% ක් එකරටක්... එක නීතියක්.