
(ඩබ්ලිව් ඩී එම් විතානගේ )
රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනාගෙන් දෙවන සැකකරු වන හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට ඇප ලබා ගැනීම සදහා ඉදිරිපත් කර තිබු දිවුරුම් සහතිකය සමග වෛද්‍ය සභතිකය ප්‍රතික්ෂේප කරමින් එම සැකකරුවන් හතර දෙනා මේ මස 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට සැගවී සිටින සැකකරුවන් දෙදෙනා වන හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අයවලුන්ගේ දේපල තහනම් කිරීමට ඉදිරි පියවර ගැනීම සදහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව එම දෙදෙනා අත් අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් ද නිකුත් කළාය.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොතිබු හෙයින් එම නියෝගය ඔවුන්ට බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කසිප්පුවන් අල්ලන්න බැරිද පොලිස්පතිතුමා...?
ප්‍රසන්න මැතිතුමා මේවායින් නිදහස් වෙලා තවත් කාලයක් අපිට සේවය කරන්න ඉන්න ඕනෑ.
හැංගිලා ඉන්න තරමට පොලිය වැඩියි පුතෝ… වැලිකඩ ගියාම කම්මල් පාටියටම සෙට්වෙයි.
යකෝ මේ මිරිස් කුඩ්ඩවත් අල්ලගන්න බැරි පොලිසියක්ද .කෝ අර ඩෙස් එකකුයි පුටුවකුයි අරගෙන එන්න කියපු පොලිස් ඇමති .අර සෙව්වඬියා ආ ගිය අතක් නෑ .
මුන්ගේ වටේ කැරකිච්ච ඇඟේ එල්ලිලා හිටපු කූඩැල්ලෝ කිනිතුල්ලෝ දැනටමත් වැටිලා ඇති නේ
පොලිස්පති තුමනි, ප්‍රසන්නයා හැංගිලා ඉන්නෙ ලක්මව් බෑනාගේ ගෙදරද කොහෙද?
රෝහණ, අපි එහෙම තමයි අපේ අයට හොඳම ට්‍රේනින් දීල තියෙන්නේ. අලුත් රිලව් ආවත් අපේ මිනිස්සු තාම අවශ්‍ය තැන්වල ඉන්නවා.
මූ අර එයාර්පෝර්ට් එකේ අහිංසක මනුස්සයෙකුට ගහපු කම්මුල් පාර මතක් වෙනවා ... මැටි ඇමතීම තමා ...