
(ටී.කේ.ජී.කපිල )
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති '' මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය " (Face Recognize System ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහාය කර ගෙන තිබුණි .
31 හැවිරිදි අම්බලන්ගොඩ , කුළීවත්ත ප්‍රදේශයේ පදිංච් විජේමුනි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නැමති මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක " කරන්දෙණිය සුද්දා " නැමති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ .
ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නැමති ව්‍යාජ නමකින් සකස් කළ ගමන් බලපත්‍රයක් යොදා මොහු රටින් පැන යාම සදහා භාවිතා කර තිබූ අතර මොහු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සදහා ද පොලීසියට අවශ්‍යව සිටි අයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් බලපත්‍රය හදලා තියෙන්නේ ආගමන විගමන එකෙන්ද? එහෙමනම් කරන්‍දෙණියේ සුද්දගේ ගෝලයෝ එතැනත් ඇති...?
මිනීමරුවන්ට අපේ බදුමුදල් වලින් කන්න බොන්න දෙන්න එපා. ආයුධ පෙන්නන්න ගෙනියන්න.