
(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාවර මණ්ඩිය කිරිබත්ගොඩ කිරිල්ලවල මීගමුව ගම්පහ කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රසන්න රණවීර මහතා සෙවීම සඳහා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය පවසයි.
මේ අතර පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා ගැනීමටද දිවයින පුරා විවිධ ස්ථාන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කර ඇතත් ඇය ගැන ද කිසිදු හෝඩුවාවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය ගනේ මුල්ල සංජීව පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියවූ පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපුරාජ්‍යමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා නියෝගයක් නිකුත් කළාය.
ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වෙනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි මෙහෙමත් කෝලම්...!
රණවීර ඉන්න තැන සමහර අය දන්නවාලු. හැබැයි කවුරුවත් එතැනට යන්න බයයිලු. ඒ තරමට එයාව ආරක්ෂා කරන කෙනා බලවත්ලු. ඉන්න ගේ හරි විශාලයිලු...
හාවගේ වගේම ප්‍රසන්න, ලස්සන මුහුණක්...
මැටි අමතිනේ .මැටි ගුලියක් දාලා බලන්න ඉන්න තැනකින් ඇවිල්ලා ගිලීවී
මේ අයත් වෙස් වලාගෙන තමයි ඇත්තේ...
මේ වගේ විශාල මෙහෙයුම් වලට වියදම කවුද දරන්නේ? මම දන්නා විදියට නම්, පක්ෂ අරමුදල්? වෙලාවට රටේ JVP ආණ්ඩුවක් තියෙන්නේ, නැත්නම් ඉතින් මේ වගේ ශෝ වලටත් අපේ බදු සල්ලි තමයි...
අල්ලන හැටි කල් ඇතුව ප්‍රසිද්ධ කරන එක නම් හරි ෂෝක් ක්‍රියාදාමයක්. කාගේද දන්නේ නෑ ඔය ටිකිරි මොලේ...?
ආණ්ඩුව ෆේල්. ෆේල් කියන්නේ මාස 6න් මෙහෙම අප්‍රසාදයට පත්වුණු එකම ආණ්ඩුව මේක. පොලිසිය ගැන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටිලා තියෙනවා. මාධ්‍යවේදියෙක්ටත් බලපෑම් කරලා කියලා අහන්න ලැබුණා. ටික ටික පරණ ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ...
ප්‍රසන්න නම් මොකද? වැඩිම වුනොත් කාට හරි මිරිස් කුඩු ටිකක් ගහයි. අර අවුරුදු 24 කෙල්ල එක්ක නම් ලේසි නෑ. ඊගාවට කාව මරවයිද දන්නේ නෑ. ඇත්තට අප්පා නිකං ආණ්ඩුවක් නෙවෙයි... 1980 ගණන් අන්තිමේදී තුණ්ඩු කෑල්ලෙන් රට ඇරපු වහපු පක්ෂයක් බලයේ ඉන්න ආණ්ඩුවක් වුණත් මේ පොඩි කෙල්ලෙක් නිසා දෙකේ කොලේට වැටුණා නේද?
ප්‍රසන්නගෙ ලෝයර් අල්ලාගෙන ප්‍රශ්න කරන්න. එයා දන්නවා ඉන්න තැන.
ආයේ වෙස් මූණු ඕනේ නෑ. ඔය ආණ්ඩුවේ ඔක්කොම වෙස් මූණු දාගෙන තමා ඉන්නේ. ඉෂාරා හොයා ගන්න බැරි වුණාට.
හොරුන්, තක්කඩියන්, මදාවියන් රජකරපු රටක් සුද්ද කරලා හදන්න ලේසි නැහැ...නීති ක්‍රියාත්මක කරන්න සිටින ආයතනවල බොහෝ පිරිස් මේ මදාවියන්ව ආරක්ෂා කරනවා...පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට උසස් වීම් එහෙම ලැබුනේ නිකන්ද..? බුද්ධි අංශ, ඇතුළු ආරක්ෂක අංශ මේ රටේ තක්කඩි දේශපාලකයින්ව ආරක්ෂා කරන රටක මෙවැනි දේශපාලන පරිවර්තනයක් අතිවීමම ජනතාව ලැබූ ජයග්‍රහණයක්... ජාතික ආරක්ෂාවට වඩා, මේ හොර අමනයින්ගෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම වත්මන් රජය සතු වගකීමක්...
ආණ්ඩුවයි, පොලීසියයි වෙන්කරල අදුනගන්න බැරි මන්දමානසික දෙන්නෙක් කමෙන්ට්ස් දාල! පුළුවන්නං ඔහෙලගෙ සීයට කියල මහ බැංකු හොරාව ගේනවකො!
අතිශයින්ම බුද්ධිමත් අය කටෙන් තමයි හුස්ම ගන්නේ. පෙනුමෙන්ම පැහැදිලියි ජනතා නියෝජිතයෙකුට ඉතාම සුදුසුයි කියල. ඒ ඡන්ද දායකයෝ ඉතාම ආඩම්බර වෙන්ඩ ඕන තමන් කවදක හරි මෙතුමා වෙනුවෙන් තමන්ගේ අගනා ඡන්දය භාවිතා කරල තියෙනවනම්.
වෙස් අරං හොයනවා කියලා ප්‍රසිද්ධ කරපුවාම අල්ලන එක තවත් අමාරු වෙනවා...
මැට්ටා නං හුඹහක් ඇතුලේ ඇති. හැබැයි සෙව්වන්දි නම් හොයාගන්න වෙන්නේ අපායෙන් තමයි. සාක්ෂි වහන්න දැන් එයා එහේ යවලා ඇති මේ වෙනකොට...
පොඩි කෙල්ලෝ පාට් දාද්දී තමයි ඉවසන්න බැරි සහෝදරයා.
ඕවායේ ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. එයාලත් ඉතින් වෙස් වලාගෙන ඇති...
සරත් ෆොන්සේකා මහත්තයට කිව්වා නම් මේ අයව හංගන් ඉන්න සියලුම ගෙවල් පරීක්ෂා කරලා කුදලාගෙන අරන් එයි.
ඔය පළාතේ ඉන්න පොලිස් ලොක්කන් වෙන පළාතකට මාරු කරලා එව්වා නම් හරි
ආණ්ඩුව ෆේල්. හැබැයි ගුණපාලය පාස්. පාස් කියන්නේ, රට කාපු තක්කඩි හැතිකරේට රෙදි නැතිව කඩේ ගිහිං පාස්...
මේ ප්‍රාන්නයත් පාර්ලිමේන්තුවේ හිටියානේ ඇත්තට කසිප්පු මූණක් තියෙන්නේ. මුන්ට ඡන්දේ දීපු උන්ට ගහන්න ඕනී බූවල්ලෙන් . රටට මෙහෙම වෙනවා කියන්න දෙයක්ද මේ වගේ මෝඩ , මූසල ගවයෝ පාලක පන්තියේ හිටියාම. මූ අනිවාර්යෙන්ම ඉන්නේ කොහේ හරි කසිප්පු පොට් එකක.... සෙව්වන්දි නම් පොඩි ළමයෙක් කියමුකෝ. නොතේරුම් කමට කාගේහරි කීමකට රැවටිලා ඒකට උදව් කරන්න ඇති.කෙල්ල පොඩි උනාට මහජන ආරක්ෂක ඇමතිටත් ආරක්ෂාව ගැන පාඩම් කියලා දෙන්න පුළුවන් සුපිරි මොළ පොඩ්ඩක්.