
(මනෝප්‍රිය ගුණසේකර)
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් අද (28) නියම කළේය.
මේ වන විට වයස අවුරුදු 27 හා 29 වැනි වයස්වල පසුවුවත් අපරාධය සිදුවන අවස්ථාව වන විට බාලවයස්කරුවන් ලෙස අවුරුදු 15 සහ 17 වැනි වයස්වල පසුවීම නිසා විත්තිකරුවන දෙදෙනාට මෙලෙස ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කෙරිණී.
වසර 13කට පෙර 21 වැනි පසුවු ෆැන්සිස් සුරංජන් නමැති තරුණයාට කළ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.
2012 සැප්තැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මෝදරදී ෆැන්සිස් සුරංජන් නමැත්තාට ක්‍රිකට් පොලු ඇතු`ථ පොලු වලින් පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.
නඩු විභාගය අතරතුරදී විත්තිකරුවන් දෙදෙනෙකු මිය යෑම හේතූවෙන් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නඩුව විභාග කෙරිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීරඝ නඩු විභාගයේදී කෝවිල් දෙකක් අතර ඇති නිවසකදී පහරකෑමට ලක්වු මියගිය තරුණයා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් ඇති බව සාක්කි වලින් අනාවරණය විය.
ඉදිරිපත්වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේය.
විත්තිකරුවන්ට දඬුවම් ලිහිල් කිරීම සඳහා හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට ද්‍රවිඩ සහ සිංහල භාෂා වලින් අධිකරණය ඇමතූ විත්තිකරුවෝ තමන් මෙම අපරාධයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද එහෙයින් තමන්ට ලිහිල් දඩුවම් දෙන්නැයි ඉල්ලා සිටියහ.
සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් 07 දෙනාගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය පිලිබද වරදවලටද මෙලෙස මරණ දඩුවම දීමට නීති සම්පාදනය කල යුතුය.
එලියට ආවානම් පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න තිබුනා
හොදම වැඩක් වුනේ. නැත්නම් හැමදාම මරා ගන්නවා .පොඩි දේටත් ගැහැනු පිරිමි සම්බන්ද කම් වලටත් ඒ වගේ. තමුන්ට කැමති නැත්නම් නීතියෙන් වෙන් වනවා . කපන්න කොටන්න ඕන නැහැ. බකින්හැම් පැලස් එකේ නෙමේනෙ ජීවත් වෙන්නෙ. ඒ නිසා. දුරදිග හිතලා වැඩ කෙරුවම ඉවරයි. ජිවිතේ පාරයි. යාලුවෙක් හරි ආදරය කරන කෙනෙක් හරි හමුවෙන්නෙ. ජිවත් වෙන පොඩි කාලෙට අවුරුදු 75 කම දැන් හිරේ
අවර ගනයේ දකුණු ඉන්දීය චිත්‍රපටි බලලා හැදුන උං..මේ නඩු තීන්දුවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් දෙන්න ඕන..අනිත් උන්ට බලලා හැදෙන්න.
චතුරි, බකිංහැම් පැලස් එකේ ඉන්න කෙනෙකුට වෙන් වෙන්න ඕන උනාම කපලා දාලා වෙන් වෙන්නේ ?
මම හිතුවේ පාස්කු ප්‍රහාරයේ හෝ බටලන්දේ මහා මොළ කරුවන්ට කියලා
මිනීමරුවන්ට සුදුසු දඬුවම දීම තිබෙන්නේ... අධිකරණයට හිස නමා ආචාර කරමි. අනිත් එක තව ඔය වැනි වැරදි කරලා නිදැල්ලේ ඉන්නා අයට දැනටමත් කක්කා ගිහිං ඇති...