
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමේ සිද්ධියට සම්බන්ද තවත් ජේෂ්ඨ සිසුන් 04කු අද (05) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පවසයි.
නවක වඳය ලබා දිමේ සිද්ධිය සම්බන්දයෙන් සිසුන්ගෙන් ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසු සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්යාංශය මගින් සිදුකල විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස මෙම සිසුන් සිව්දෙනා නිතිඥවරයෙකු මාර්ගයෙන් සමනල වැව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාර වු බව පොලිසිය පැවැසීය.
මෙම නවක වදය සිද්ධිය සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරන බැවින් එම සිසුන් සිවි දෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.
එම ජේෂ්ඨ සිසුන් සිවිදෙනා බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට (06) ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මේ අතර මිට පෙර අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සිවිදෙනෙකු බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය සංගම්වලට දොස් කියන්න පෙර මේ ළමුන්ගෙ අම්මට අප්පට දොස් තියන්න. මේ කුණුවෙච්ච සමාජයට දොස් තියන්න. මොකද සරසවියෙ ගතකළ කාලයට වඩා වැඩි කාලයක් හිටියෙ ඒ අය ලඟ, දහම්පසල් වල , පාසල් වල , ටියුෂන් ගුරාල ලඟ, සරසවියෙ තියෙන වැඩ කන්දරාව එක්ක සහජ ගතිය වෙනස්වෙන්න තරම් ඇසුරක් ලැබෙන්නෙ නැහැ, වැඩි දෙනෙක් ඔන්ලයින් වැඩ කලේ.
අවුරුදු 10ක් වත් ඇතුළට යවන්න ඕනි බරපතල වැඩ සහිතව!
මෙයාලා අලුතින් ඇවිල්ලා බන්දනාගාරයේ උප සංස්කෘතිය විනාශ කරන්න පුලුවන්. ඒ නිසා හිරේ ඉන්න ජේශ්ට උත්තමයින් මොවුන්ට නවක අනුරූපතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.
මුන්ගේ ශිෂ්‍යභාවය අහිමි කරන්නම ඕනේ... අපේ බදුමුදලින් නිකන් ඉගෙන ගෙන... ඉගෙන ගන්න අනෙක් අයට බාධා කරන කාලම කන්නියෝ..."
කාටත් මතක ඇති විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට හමුදාවෙන් යම් පුහුණුවක් පටන් ගත්තා. ඒක කළේ යුද්ධ කරන්න නෙවෙයි පෞර්ෂත්වය හදන්න. ඒත් පහත් මානසික මට්ටම් ඇතිවුන් ඊට එරෙහි වෙලා එය නවතා දැමුවා. ඒ ප්‍රතිඵල තමයි මේ. මේවට දඬුවම් නෑ. ඒකයි ඔය පහත් මිනිසුන් ඇවිත් භාර වෙන්නෙ. විශ්වවිද්‍යාලයවල සියල දෙනාට මනෝවිද්‍යාව සැසි කළ යුතුයි.
රටේ නීතිය අනුව තවත් කෙනෙකුව පීඩනයට පත් කිරීමට නීතිමයව කිසිඳු අවසරයක් නැහැ. මුළු ලංකාවම රටේ නීතියට යටත්ව පවතින අතර එම නීතියෙන් කිසිවෙකුට බේරෙන්න බැහැ. මෙවැනි ක්‍රියා වලට සම්බන්ධ වූ අයට නිසි දඩුවම් ලබා දී, විශ්වවිද්‍යාලවලින් නෙරපා දැමිය යුතුය. විශ්වවිද්‍යාලය වැනි උතුම් භූමියක් අපරාධකරුවන්ගේ තෝතැන්නක් විය යුතු නැහැ.