හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 11 October 2024
වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 October 2024
පොහොර වංචාකරුවන් වහා අල්ලනු ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැව්කාර ආයතන අටක සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට අද (10)නියෝග කළේය. 10 October 2024
විමලුත් මහ ඡන්දෙට නෑ ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 10 October 2024
කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 10 October 2024
රංජන් අලුත් පක්ෂයකින් පොර පිටියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්රජාන්ත්රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09) දින සිදු විය. 09 October 2024
දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය. 09 October 2024
අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය. 08 October 2024
නිලන්තත් වන්දිය ගෙවයි පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාට නියමකර තිබු රුපියල් කෝටි 7 1/2ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවට ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කළේය. 07 October 2024
නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි නෙළුම් කුළුනෙන් පහළට වැටී ළමයෙක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි. 07 October 2024
ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා ’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත් සමඟම තිත තැබීමට හැකිවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 October 2024
හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්රාඩෝව හංගලා ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත. 06 October 2024
සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ. 05 October 2024
‘බන්දුල කලකිරේ‘ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) දින පැවසීය 04 October 2024
බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස හමුවේ අද (3) පැවසීය. 03 October 2024
මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ කොළඹ එම පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්වූහ. 03 October 2024
පුංචි ඡන්දය ළඟ එයි පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 03 October 2024
විපක්ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ. 02 October 2024
හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 02 October 2024
කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක් රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් 14 වැනි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 01 October 2024
ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ජාතික ජන බලවේග රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 30 September 2024
ඉන්ධන මිල පහළට ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය. 30 September 2024
මැති ඇමැති ආරක්ෂක ගිනි අවි යළි ගනී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවිය ලබාගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. 29 September 2024
ඩඩ්ලිගෙන් පාලන මිලට සහල් බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. 28 September 2024
රජයේ වාහන 4000ක් උස්සලා සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය. 28 September 2024
නතර වූ ජපන් ව්‍යාපෘති යළි අරඹයි ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවෙි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබෙි. 27 September 2024
ගොවීන්ට - ධීවරයන්ට ජනපතිගෙන් සහනයක් ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් සහ බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමටට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ. 26 September 2024
දිලුම් දිලිත්ට හේත්තු වෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය. 26 September 2024
වෑන් මාරයාට තරුණ යුවළ බිලි අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි. 25 September 2024
‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් අද (25) පැවසීය. 25 September 2024
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026