IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි

(නිමල් ජයරත්න)

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි.

අදාල ව්‍යාපාරිකයා එම බාල පොහොර දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවාල, දියබෙදුම, ගිඟුරක්ගොඩ, සිරිපුර, ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.

එම බාල බෙහෙත්වල සියයට 46 ක නයිට්‍රිජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් ගසා වැඩිමිලට ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට සැපයිමට සූදානම් කර තිබී ඇතැයි ද පොලිසිය කියයි.

ඔහු විසින් බෙදාහරන ලද පොහොර භාවිතා කෙරු ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, අස්වැන්න අඩු වීමට එම පොහොර බලපා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.

විවිධ වර්ගයේ පොහොර වල නට්‍රජන් සියයට 46ක් ඇති බවට සටහන් කර තිබුණ ද එහි අඩංගුවට ඇත්තේ නයිට්‍රජන් සියට 21 ක් බවත් ව්‍යාජ ලේබල් සැකසූ තවත් පො හොර මලු, විශාල ප්‍රමාණයක් පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ.

 



අදහස් (3)

බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි

Perera Thursday, 15 May 2025 06:54 AM

පල් හොරුන් රට පාලනය කෙරුවොත් රටේ මිනිස්සුත් හොරකම වංචාව ජීවිකාව කරගන්නවා

:       0       0

Frencis Thursday, 15 May 2025 10:23 AM

මේ කාලයේ පොහොර ගැන නම් කියලම වැඩක් නැහැ අපි තේ වගාවට SLS සහිත පොහොර දානවා එහෙම දැම්මම මාසෙකට සුලු දලු වැඩිවීමක් තියෙනවා මාසිකව පොහොර දාන්න බැහැනේ ඊළග මාසයේ වැඩක්ම නැහැ වත්මන් රජයවත් මේ රැවටීම් ගැන බලනවානම් ලොකු සෙතක් වෙනවා

:       0       5

Kamal Koyrala Thursday, 15 May 2025 11:22 AM

නිමල් ජයන්ත මහතා මේ ඩොල්ෆින් වෑන් මොන්ටෙරෝ ප්‍රාඩෝ පොහොර බෙදා හැරීමට යොදා ගත්ත ඒවාද ?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16877 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site