
(නිමල් ජයරත්න)
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි.
අදාල ව්‍යාපාරිකයා එම බාල පොහොර දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවාල, දියබෙදුම, ගිඟුරක්ගොඩ, සිරිපුර, ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
එම බාල බෙහෙත්වල සියයට 46 ක නයිට්‍රිජන් ප්‍රමාණයක් ඇති බවට ලේබල් ගසා වැඩිමිලට ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට සැපයිමට සූදානම් කර තිබී ඇතැයි ද පොලිසිය කියයි.
ඔහු විසින් බෙදාහරන ලද පොහොර භාවිතා කෙරු ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, අස්වැන්න අඩු වීමට එම පොහොර බලපා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.
විවිධ වර්ගයේ පොහොර වල නට්‍රජන් සියයට 46ක් ඇති බවට සටහන් කර තිබුණ ද එහි අඩංගුවට ඇත්තේ නයිට්‍රජන් සියට 21 ක් බවත් ව්‍යාජ ලේබල් සැකසූ තවත් පො හොර මලු, විශාල ප්‍රමාණයක් පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල් හොරුන් රට පාලනය කෙරුවොත් රටේ මිනිස්සුත් හොරකම වංචාව ජීවිකාව කරගන්නවා
මේ කාලයේ පොහොර ගැන නම් කියලම වැඩක් නැහැ අපි තේ වගාවට SLS සහිත පොහොර දානවා එහෙම දැම්මම මාසෙකට සුලු දලු වැඩිවීමක් තියෙනවා මාසිකව පොහොර දාන්න බැහැනේ ඊළග මාසයේ වැඩක්ම නැහැ වත්මන් රජයවත් මේ රැවටීම් ගැන බලනවානම් ලොකු සෙතක් වෙනවා
නිමල් ජයන්ත මහතා මේ ඩොල්ෆින් වෑන් මොන්ටෙරෝ ප්‍රාඩෝ පොහොර බෙදා හැරීමට යොදා ගත්ත ඒවාද ?