(මහනාම විතාන)
කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා දෙන්නැයි සී.අයි.ඩී ය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයි බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට අවසර දුන්නාය.
ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ ආරක්ෂාවන සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිිරිසක් දැනට රිමාන්ඩ් බාරයේ පසුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු රාජ්‍ය ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?
හොඳම දේ තමයි දංකොටුව පැත්තෙන් හොඳට පදම් කළ මැටි ගුලියක් දීලා ඇතුලේ තියාගන්න එක්ක. අඩුම ගානේ මැටි ගුලියෙන් නව නිෂ්පාදනයක් වත් කරලා රට තැනකට ගෙනෙයිනේ. මොකද රාජ්‍ය ඇමැති කාලයේදීවත් මැටි වුණාට කිසිම වැඩක් කළේ නැහැනේ...
මේ එක්කෙනෙක් විතරයි... රාජපක්ෂලා කාලේ හිටපු අනිත් අයත්... ෆයිල් එළියට එනකොට බයියෝ කෙඳිරි ගායි...
හංගපු ආයුධ තියෙනවා ඇති. අරන් යන්නේ නැද්ද?
පොඩි ඡන්දෙත් පැරදුන හින්දා බුවා බය වෙන්න ඇති බඩු තමයි කියලා. හැබැයි මේවා දේශපාලන පළිගැනීම් කියලා කිව්වට දැන් වැඩක් නෑ.
දේශපාලන පලි ගැනීමක්ලු........එතකොට අපිද බොල ආණ්ඩුවේ ඉඩම වික්කේ.....