IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

(මහනාම විතාන)

කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා දෙන්නැයි සී.අයි.ඩී ය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයි බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට අවසර දුන්නාය.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ ආරක්ෂාවන සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය  සැකකරුට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිිරිසක් දැනට රිමාන්ඩ් බාරයේ පසුවේ.

 



අදහස් (6)

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

කුකුල් චමින්ද Wednesday, 07 May 2025 03:07 PM

රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු රාජ්‍ය ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?

:       0       31

Jayasekara Wednesday, 07 May 2025 04:16 PM

හොඳම දේ තමයි දංකොටුව පැත්තෙන් හොඳට පදම් කළ මැටි ගුලියක් දීලා ඇතුලේ තියාගන්න එක්ක. අඩුම ගානේ මැටි ගුලියෙන් නව නිෂ්පාදනයක් වත් කරලා රට තැනකට ගෙනෙයිනේ. මොකද රාජ්‍ය ඇමැති කාලයේදීවත් මැටි වුණාට කිසිම වැඩක් කළේ නැහැනේ...

:       0       24

fairoos Wednesday, 07 May 2025 05:05 PM

මේ එක්කෙනෙක් විතරයි... රාජපක්ෂලා කාලේ හිටපු අනිත් අයත්... ෆයිල් එළියට එනකොට බයියෝ කෙඳිරි ගායි...

:       2       23

Nandana Wednesday, 07 May 2025 05:16 PM

හංගපු ආයුධ තියෙනවා ඇති. අරන් යන්නේ නැද්ද?

:       2       15

රුවන් Thursday, 08 May 2025 07:42 AM

පොඩි ඡන්දෙත් පැරදුන හින්දා බුවා බය වෙන්න ඇති බඩු තමයි කියලා. හැබැයි මේවා දේශපාලන පළිගැනීම් කියලා කිව්වට දැන් වැඩක් නෑ.

:       0       0

අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 11:11 AM

දේශපාලන පලි ගැනීමක්ලු........එතකොට අපිද බොල ආණ්ඩුවේ ඉඩම වික්කේ.....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site