
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්දී ඇත.
මේ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. ඔහු විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට එම වර්ෂයේදීම පත් කෙරිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට ලක්ෂ පහක පමණ දීමනාවක් මෙන්ම වාහන ඇතුළු නොයෙකුත් පහසුකම්ද හිමිවිය.එසේම දසනායක මහතාට පාර්ලිමේන්තුවේ රාජකාරි කිරීමට ඇමතිවරුන්ගේ කාමරයක්ද පසුගියදා වෙන්කෙරිණ.
සාමාන්‍යයෙන් ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයේ මීට පෙර කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාය.
මේ අතර වාහන පාවිච්චිය ඇතුළු විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හිටපු ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී බරපතළ චෝදනා එල්ල විය.
වාහන අවභාවිතය සහ විදෙස් සංචාර සඳහා විශාල වශයෙන් රජයේ මුදල් වැය කිරීම එම චෝදනාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රටේ යහපාලනය වෙනුවෙන් පිහිටවනු ලැබූ ආයතනයකි. නීතිපති පොලිස්පති විනිශ්චකාරවරු ඇතුළු ඉහළ නිලධාරීන් පත් කිරීම අනුමත කෙරෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු හොරකමට අකැමැති පුද්ගලයින්ට කැමැති නෑ.
මහජන බදු මුදල් අයථා විදියට හොරා කාපු ඒවා දැන් බඩ යනවා ඇති.
ඉතාම හොඳයි... ඉස්සර ආණ්ඩුවලින් පත්කළ මේ වගේ පින්පඩි කාරයින් කොහොමත් අස්කරන්න කළින් අස්වෙන එක හොඳයි.
පරණ කොඩිවින අයින්වෙන එක රටට හොඳටම හොඳයි. තව ඉන්නවා...
තන්හාවක මහත, විශ්ව විද්‍යාලයෙන් (ජනාධිපතිව) පිටවෙලා නැවතත් පාසලේ පළමු වසරට (මංත්‍රී වෙලා) ඇතුලත් වූ දේශපාලුවෝ අනුගමනය කරපු නිලධාරිනුත් හිටපු බව පේනවා...
මෙයා ගැන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේත් එච්චර පැහැදීමක් නෑ. ඉන්න කාලේ තමන් වෙනුවෙන් මිසක් කාර්යමණ්ඩලය වෙනුවෙන් කරපු දෙයක් නෑ.
අපට තියෙන ප්‍රශ්නේ මේ වගේ නිලධාරීන්ට ආණ්ඩුව ලක්ෂ පහ හය පඩි ගෙවන්නේ මොන රොකට් සයන්ස් එකෙන් කරන වැඩේටද? මේසා මුදල් සුදු කරපටි නිකමුන් ගෙවනවා නම් මේ රට දශමයක් වත් ඉදිරියට යන්නේ නෑ...! සාමාන්‍ය වැටුපකට වැඩකරන්න උගත් නූගත් හැමෝම සූදානම් වනතුරු මේ රට බංකොළොත්...! ජාතික ජන බලවේග ආණ්ඩුවටවත් මේ සත්‍ය, අවිහිංසාවාදීව ඉදිරිපත් කරන්න ආත්ම ශක්තිය නැත්තේ ඇයි?