IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ සහ පාකිස්තානයේ පාලනය යටතේ පවතින කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් වෙත ඉන්දීය සන්නද්ධ හමුදා අද(07) අලුයම මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය හමුදා ප්‍රහාර එල්ල කළ ස්ථාන 9 අතර ලෂ්කර්-ඊ-තායිබා සහ ජයිෂ්-ඊ-මොහොමඩ් යන ත්‍රස්තවාදී සංවිධානවල බළකොටුද තිබෙන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව අද(07) අලුයම 1.44 ට පමණ එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.

ඉන්දීය හමුදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය ගුවන් හමුදවට අයත් ප්‍රහාරක ජෙට් යානා තුනක් පාකිස්තාන හමුදා විසින් වෙඩි තබා බිම හෙළා ඇතැයිද විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඉන් ප්‍රහාරක ජෙට් යානා 2 ක් බිම දමා ඇත්තේ ඉන්දීය භූමිය තුළදී බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.

 



අදහස් (1)

ඉන්දියාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

fairoos Wednesday, 07 May 2025 10:50 AM

ඩොනල් ට්‍රම්ප්ට තමයි වාසි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site