IMG-LOGO

2025 ජුනි මස 01 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයේ (Foreign Relation and Protocol) රුපියල් කෝටියකට වැඩි මුදලක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම කාර්යාලයේ මුදල් සීමාවකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නියෝගයක් පරිදි විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම නිලධාරියා එක්තරා අවස්ථාවක විදේශයක ව්‍යවස්ථාදායක කටයුත්තකට උපදෙස් ලබාදීම සඳහා දින නවයක සංචාරයකට සහභාගි වී ඇති බවටත් එම කටයුත්තට ලක්ෂ තිහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණයවී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම විදේශ සංචාරක රැසකට හිතුමතේ සහභාගිවී ඇති බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලවී ඇත.

තවද මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාල සීමාව වාහන අසීමිතව අවභාවිත කර ඇතැයිද එම විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හිමිකම නොමැති නිලධාරිනියක සහ නිලධාරියෙකු එහි වාහන දෙකක් නිල වාහන ලෙස පාවිච්චි කරන බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ අවධානය යොමුවි ඇත. පාර්ලිමේන්තුවෙන් නිල වාහනයක් හිමි වන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පමණකැයි පැවසේ.

 



අදහස් (13)

පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්

sachith Tuesday, 13 May 2025 08:04 AM

පුහුල් හොරා කරෙන් දැනේ කියලා කියනවනේ...!

:       1       13

ලුම්බිණි Tuesday, 13 May 2025 08:52 AM

ගිය වියදම් නිලධාරියාගෙන් අය කර ගන්න...

:       1       18

Perera Tuesday, 13 May 2025 09:30 AM

රටේ හිටපු ලොක්කොත්, ගෝලබාලයොත් එක්කම හිතුමතේට රට සවාරි ගිය එකේ, ඕවා පුදුම වෙන්න දේවල්ද? 

:       3       17

පිටිගල මිලානෝ Tuesday, 13 May 2025 11:56 AM

ඕකේ ඉන්නේ රාජපක්ෂ සුරතලුන්….

:       4       30

fairoos Tuesday, 13 May 2025 12:14 PM

ඔයා එන්නේ NPP ආණ්ඩුවක් ආවේ නැතිනම් ගුණරත්නත් කොහේහරි ගිහින් ඇති.

:       3       18

NPP Tuesday, 13 May 2025 01:26 PM

නම කියාගන්න බැරුව දුක්විඳින්න එපා. ධම්මික පැණිය දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි....

:       2       27

Small man Tuesday, 13 May 2025 02:06 PM

ඔය කියන දසනායක ගියා තමයි. හොඳට කෑවා තමයි. ඒ කාපු කෑමට උදව් කරපු අයට සලකන්නත් එපායෑ.

:       2       26

PGPTHILAK Tuesday, 13 May 2025 05:25 PM

ඇයි තනතුර කියන්න ඔච්චර බය?

:       1       14

සුනිල් Tuesday, 13 May 2025 06:05 PM

ආණ්ඩුවේ කට්ටිය කියපු හැටියට මම නම් හිතාගෙන හිටියේ ජනාධිපති රනිල්ම විතරයි. ලෝකෙ වටේ කරක්ගැහුවේ කියලා දැන් බැලුවාම තවත් කට්ටියක් ඉඳලා තියෙන්නේ...

:       1       14

Jay Mathurata Wednesday, 14 May 2025 04:58 AM

නමත් එක්කම දාල ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි ? රටම දැන ගන්න ඕන කවුද ඒ කියලා. මිනිස්සුන්ගෙ බදු සල්ලි ඒ ඒ නිසා ඒක දැනගන්නත් අයිතියක් තියෙනවා

:       0       2

vernon Wednesday, 14 May 2025 10:14 AM

විදේශ සංචාර යෑම වරදක් විදිහට ලියවිලා තිබ්බත් ඒ සංචාර සඳහා අනුමැතියක් ලැබුනාද නැද්ද දාලා නෑනේ.

:       0       2

ඇම්ඩා Thursday, 15 May 2025 08:13 PM

ලිස්ට් විතරයි . කොලු කාරයන්ට වැඩ බෑ....

:       0       1

කොලුකාරයා Thursday, 15 May 2025 08:20 PM

නම් එක්ක දාන්න බෑ. මොකද ඒව නීත්‍යානුකූලව සිදුකරපු එවා. කුහකයන්ගෙ නිරුවත හෙලිදරව් වෙනව නෙ...පව්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 294 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 594 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site