IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


විදුලි බිල ඉහළ දාන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලි බිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් රජයට  නැතැයි  බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බිල සම්බන්ධයෙන්  මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ තීරණය  මේ මස අග දැනුම් දීමට නියමිත බවද  හෙතෙම අවධාරණය කළේය.

කුමාර ජයකොඩි මහතා මෙසේද පැවසීය.

විදුලිබිල සම්බන්ධයෙන්  ආණ්ඩුව තවම  තීරණයක් අරගෙන නැහැ. එ් වගේම  විදුලිබල  මණ්ඩලය තවම තමන්ගේ ගණනයන්  කොමිසමට  බාරදීලත් නැහැ.  මේ මාසයේ අග තමයි කොමිසම තීරණයක් ගන්නේ.  අපි සුබවාදීව හිතනවා.  වැඩි  නොකර   ඉන්න.   අපිටත් ඕන බිල   අඩු කරලා ස්ථාවරව ගෙනියන්න.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී   පෙරේරා මහතා;

අධික විදුලි බිල  හේතුවෙන් පාරිභෝගිකයන්ගේ ජීවිතවලට අහිතකර බලපෑමක් ඇතිවෙලා තියෙනවා.  ජීවන වියදම වැඩිවෙලා තියෙනවා. අනාගත සංවර්ධනයට විශාල බාධාවක් ඇතිවෙලා තියෙනවා. අයිඑම්එෆ් කොන්දේසි අනුව විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ආරංචියි. අපේ රට පාලනය කරන්නේ අයිඑම්එෆ්ද. මේ ආණ්ඩුවද. ජාත්‍යන්තර බලපෑමට යටත් වෙලා පාරිභෝගිකයන්   පීඩාවට පත්කිරීමට කටයුතු කරනවාද. අපේ ස්වාධිපත්‍යය අහිමි වෙලාද.  කොහොමද අපි පාලනයක් ඇති කරගන්නෙ.



අදහස් (6)

විදුලි බිල ඉහළ දාන්නේ නෑ

යෝගා Thursday, 08 May 2025 02:40 PM

මෙන්න තවත් පචයක්. විදුලි බිල වැඩි කරන්න නැව් අනුර දැනටමත් අයිඑම්එෆ් එකට පොරොන්දු වෙලා ඉවරයි. පොරොන්දුව කඩ කලොත් නැව් නගින්න තමයි වෙන්නේ.

:       20       23

අරවින්ද මොණරවිල Thursday, 08 May 2025 04:45 PM

යන එන මං නැති රනිල්ගේ ගැටව් කෙඳිරි ගානවා.

:       7       7

රුවන් Thursday, 08 May 2025 04:44 PM

යෝගා වැඩ කරන්නේ IMF ඒකේද? මාරම දේවල් දන්නේ.

:       6       6

ගුණරත්න Thursday, 08 May 2025 06:34 PM

අද මට මැසේජ් එකක් ආවා, දිස්කොනේක්ෂන් නෝටිස් එකක් කියලා හිඟ මුදල 3500යි, එක ගෙව්වේ නැතොත් කරන්ට් කපනවා කියලා, අවුරුදු මාසේ නිසා බිල නොගෙව්වා, ඒත් අපි ඒවා නොගෙවා ඉන්නේ නැහැ.. නමුත් දැන් ආණ්ඩුවේ ම්ලේච්ඡකම තමයි ඔය තරම් සුළු මුදලකට පාරිභෝගිකයෝ ලැජ්ජාවට පත්කරන එකත් මේ වියදම් අධික මාසයක් කියලා තේරුම් ගන්න බැරිකමත්....

:       9       7

Naleen Thursday, 08 May 2025 10:24 PM

මහා මෝඩ ඇමැතිවරයෙක්... ඡන්දෙ ඉවර වුණාම කියනවා බිල වැඩි කරන්නේ නෑ කියලා...

:       0       0

Kaithan Friday, 09 May 2025 12:55 AM

පොඩ්ඩක් ඉවසලා හිටහල්ලකෝ. වෙලාව ආවාම ගාණට වැඩි කරලා දෙන්නම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site