බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක් කර තිබේ.
ඇතිව තිබෙන තත්ත්වය මත අධිකරණ කටයුතුවලටද බලපෑම් එල්ලවී ඇතැයි බන්ධාගාර ආරංචිමාර්ග කියයි.
රැදවියන්ට බාර වීමට අවස්ථාවක් :10 ක් කැමැත්තෙන්ම එයි

මාතර බන්ධනාගරයතුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරමින් හැසිරෙන රැඳවියන්ට සිය කැමැත්තෙන් විත් පාලනාධිකාරියට බාර වීමට හැකි බව මේ වන විට දැනුම් දී තිබේ.
ඒ අනුව මේ වන විට සිරකරුවන් දස දෙනකු කැමැත්තෙන්ම පැමිණ බන්ධනාගාර බසයකට ගොඩ වී සිටින අතර ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට සූදානම්බව බන්ධනාගාර අරංචිමාර්ග කියයි.
එමෙන්ම තවත් පිරිසක් බන්ධනාගාර භූමිය තුළ කා බී ගීත ගයමින් විනෝදවෙමින් සිටන අතර ඔවුන් පවසනුයේ ඔවුන්ගේ නිදහසේ සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස බවද කියයි.
එමෙන්ම බන්ධනාගාරයේ ඖෂධ හා ජංගම දුරකථන රැදවියන් භාරයට ගෙන තිබේ.

මාතර බන්ධනාගාරය තවමත් සිරකරුවන් අතේ
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත් රැදවියන් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇතිවු තත්වය මත මාතර බන්ධනාගාරය තුල රදවා සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු කඩනමින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කලේය.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැදවියෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට තීරණය කිරිම නිසා සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් 500 කට වැඩි පිරිසක් ඉන් පිටතට පැමිණ කළහකාරීව හැසිරීමට පටන් ගෙන තිබුණි.
ඔවුන් බන්ධනාගාරය තුල වු දේපොල වලට ද අලුභ හානී සිදු කරන ලදි. මේ වන වීට මාතර බන්ධනාගාරය අවට පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ආදී වශයෙන් නිලධාරීන් 200 කට වැඩි පිරීසක් යොදවා පිටත ආරක්ෂාව තර කර තිබේ.


( ඡායාරූප සහ කතාව ක්‍රිෂාන් ජිවක ජයරුක්)
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.....
පෙර පුවත් සබැඳි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සහ සාමය සුරකින්න පොරොන්දු දී ආපු ආණ්ඩුව පත්වෙලා මාස් 6ට මිනීමැරුම් 100 කට වැඩියි. බන්ධනාගාර වල කැරලි. ගෙවල් වලට පැනල වෙඩි තියනවා. උසාවියේ වෙඩි තියල මරනවා. බන්ධනාගාර නිලධාරීන් මරනවා. පොඩි උන් පිස්සු වැටිලා හෙල්මට් වලින් ගහල යාළුවො මරනවා. එත් ඒ ප්‍රශ්න තියෙද්දී ඇමතිලා වාහන බෙදාගන්න චක්‍රලේඛ ගහනව. ඔන්න රටකට ගිය කල.
ඇත්ත තත්වය නම් අපේ සමාජය දැන් ලෝකයේ තියෙන පළමු ගනයේ තිරිසන් සමාජයක තත්වයකට වැටිලයි තියෙන්නේ. නමුත් වගකිවයුතු කිසිවෙකු මේවා ගැන අවධානයක් ගන්න බවක් පෙනෙන්නේ නැහැ . මෙහෙම ගියොත් පුනරුද හෝ ධර්මිෂ්ඨ හෝ සමාජයක් නෙවෙයි උරුම වෙන්නේ ම්ලේච්ච සමාජයක්. හරිම කනගාටුයි මේ ගැන. ගුරුවරු, පොලිසිය , බන්ධනාගාර නිලධාරීන් ,පුජ්‍ය හා පුජක පක්ෂ මෙන්ම දේශපාලකයින් තම තමන්ගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම මේ සමාජ ව්‍යසනයට ප්‍රභලම හේතුවක් උනා . ඒ වාසිය අපචාර වල යෙදෙන්නන්න්ට වාසියක් උනා .
ලොකු අයට වගේ "මිරිස්" කුඩු ටිකක් විකුණගෙන, කුලී "වැඩක්" කරගෙන නිදහසේ ඉන්න තමයි ඉල්ලන්නේ. නීතිය සැමට සමනම් ඉල්ලීම සාධාරණයි.
ෆෙරාරි සීයා ගෙන්නපු කල් පැනපු කඳුළු ගෑස් නැතෙයි?
ගෝඨාභය සෑර් හිටියා නම් මෙලහකටත් විසදලා, දෙතුන් සීයක් හරි මරලා ! එහෙම නැති අඩුපාඩුව, දුක තමයි බකල ජයාලා ගුණරත්නලා එහෙම කියන්නේ. ආයේ හීනෙකින්වත් එහෙම වෙන්නෙ නැහැ හොදේ !
සියල්ල කළ හැකි කියා උදම් ආණ්‌ඩුවක් සමහර අමාත්‍යවරුන්ට සහ ආරක්ෂාව සම්බන්ධ පංති පවත්වන අයට මෙය කළ නොහැකි බව දැන් තේරෙනවා. එමෙන්ම බන්ධනාගාර පාලනය පාතාලේ අතට සිහින් තියෙන බවත් පෙනේ. උදාහරණයක් ලෙස, මේ පොලිසිය බන්ධනාගාරය (මහජන ආරක්ෂාව STF ට බාර දී රටට වැඩක් ගන්න, උද්ධය නිම කරන්න දින වකවානු කිව්වා සේම මෙයත් රට වෙනුවෙන් කරලා දෙයි
ගලේ පහරපු කෙනා වගේ ඉන්නේ ආණ්ඩුව. වෙඩි තියන්න විදියක් නැතිව...!
දැන් තේරෙනවද නරඹනකොටයි, ක්‍රීඩා කරන කොටයි වෙනස මල්ලි...!