
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් පිරිසක් පලා යාමට උත්සාහ කිරීමත් සමග එම බන්ධනාගාරය තුල දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තේය
එම තත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවද වාර්තාවේ.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මිදිගම ප්‍රදේශයේ රැදවියකු මාතර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට උත්සාහ කිරිමේ සිද්ධියක් මුල් කර ගෙන වාට්ටු වල සීටි රැදවියන් ඉබි අගුළු කඩා ගෙන පිටතට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව කියති.
එසේ පලමුව පිටතට පැමිණි රැදවියන් තවත් වාට්ටු කීහිපයක රදවා සිටි රැදවියන්ගේ වාට්ටු වල ඉබි අගුළු කඩා ඔවුන් ද පිටතට ගෙන තිබේ.
ඊට අමතරව බන්ධනාගාරය තුල සිට රැදවියන් කලු ගල් ප්‍රහාර කිහිපයක් පීටතට එල්ල කර ඇති බවද දැන ගන්නට ඇත.
මාතර බන්ධනාගාරය අසල නිවසක පදිංචිකරුවකු ෙ ප්‍රකාශ කලේ බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහීපයක් ඇසුණු බවයි.
කෙසේ වෙතත් මාතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලීසිය,පොලිස් විශේෂ යතුරුපැදි බලකාය,පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබුණි.
තවද ඔවුන්ගේ සහායට යුද හමුදාවේ සහාය ද ලබා ගැනීමට නියමිතව තිබුණේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකද මාලිමා පචයින් නැටුවා මැගසින් බන්ධනාගායේ කලබලයක් වුණු වෙලාවෙ ? මේවා පාලනය කරන්න හුරතල් කරලා හරියන්නෙ නෑනෙ. සේරම ඉන්නෙ නරක මිනිසුන් .