IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාතර බන්ධනාගාරයේ කලබලයක්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර බන්ධනාගාරයේ සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් පිරිසක් පලා යාමට උත්සාහ කිරීමත් සමග  එම බන්ධනාගාරය තුල දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තේය

එම තත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවද වාර්තාවේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මිදිගම ප්‍රදේශයේ රැදවියකු මාතර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට උත්සාහ කිරිමේ සිද්ධියක් මුල් කර ගෙන වාට්ටු වල සීටි රැදවියන් ඉබි අගුළු කඩා ගෙන පිටතට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව කියති.

එසේ පලමුව පිටතට පැමිණි රැදවියන් තවත් වාට්ටු කීහිපයක රදවා සිටි රැදවියන්ගේ වාට්ටු වල ඉබි අගුළු කඩා ඔවුන් ද පිටතට ගෙන තිබේ.

ඊට අමතරව බන්ධනාගාරය තුල සිට රැදවියන් කලු ගල් ප්‍රහාර කිහිපයක් පීටතට එල්ල කර ඇති බවද දැන ගන්නට ඇත.

මාතර බන්ධනාගාරය අසල නිවසක පදිංචිකරුවකු ෙ ප්‍රකාශ කලේ බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහීපයක් ඇසුණු බවයි.

කෙසේ වෙතත් මාතර බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලීසිය,පොලිස් විශේෂ යතුරුපැදි බලකාය,පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබුණි.

තවද ඔවුන්ගේ සහායට යුද හමුදාවේ සහාය ද ලබා ගැනීමට නියමිතව තිබුණේය.



අදහස් (1)

මාතර බන්ධනාගාරයේ කලබලයක්

රම්බොඩ Tuesday, 22 April 2025 10:00 PM

මතකද මාලිමා පචයින් නැටුවා මැගසින් බන්ධනාගායේ කලබලයක් වුණු වෙලාවෙ ? මේවා පාලනය කරන්න හුරතල් කරලා හරියන්⁣නෙ නෑනෙ. සේරම ඉන්නෙ නරක මිනිසුන් .

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site