
(සුරංග රාජනායක)
සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.
එම සරසවියේ දෙවන වසරේ සිසුවකු වන චංක චරිත් දිල්ෂාන් දයාරත්න සිසුවා මෙසේ මියගොස් ඇති අතර මෙම මරණයට විශ්ව විද්‍යාලය තුළ සිදු කළ අමානුෂික නවක වදය දරා ගැනීමට නොහැකිව සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවට මව්පියෝ චෝදානා කරති.
ඒ ගැන වහා පරීක්ෂණයක් සිදු කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා එම සිසුවාගේ පියා වන රුවන් දයාරත්න ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය වෙත අද පැමිණිලක් ඉදිරිපත් කළේය.
ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි 23 හැවිරිදි මෙම සිසුවා විශ්ව විද්‍යාලයේ සිට හදිසියේම නිවසට පැමිණ කාටත් හොර රහසේ නිවස පිටුපසදී 29 දින සවස ගෙලවැලාගෙන මියගොස් තිබුණි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක එකම විශ්ව විද්‍යාල සිසුවා මෙසේ මිය යාමට ප්‍රථම දැඩි කම්පනයට පත් මව්පියන් හා ඥාතීන් ශෝක වී සිටිති.
මියගිය චංක චරිත් දිල්ෂාන් දයාරත්න විශ්වවිද්‍යාලයේ මුහුණ දුන් නවක වාද සිද්ධියේ අමානුෂිකත්වය සිය පුංචි අම්මා වන හර්ෂණී තරංගා හට මිය යාමට පෙර පැවැසූ බව පුංචි අම්මා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පුදුම දෙවැනි වසරේ ළමයෙක් වෙලත් තවමත් රැග් එක කන්න තරම් බොලඳ මොකද කියලා? බොහෝ විට වෙන්නේ දෙවන වසරේ අය තමයි ඕක ලීඩ් කරන්නේ. ළමයාට වෙන අවුලක් තිබුණාද බලන්න...!
දෙවන වසරේ නම් නවකයෙක් වෙන්නේ කොහොමද? වෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න ඇති...
දැන් ජෙප්පෝ දෙවැනි වසරේ අයටත් නවක වදේ දෙනවා වගේ...
මේ අමානුෂික නවක වද කාරයින්ට මේ ආණ්ඩුව යටතේ නම් දඬුවම් හිමි නොවනු ඇත. නවක වදයේ අප්පොච්චිලා දැන් රටේ රජ කරන හෙයිනි...
සෙනෙවිරත්න වැනි ජවිපෙ හෝදන්නන් මෙම අමානුෂික ක්‍රියාව තනුක කිරීමට උත්සාහ දරන්නේ එතුමන්ලාගේ දේශපාලන ස්වාමිවරුන් රටේ වත්මන් පාලකයන්ව සිටින නිසාද?
මාලිමා ආන්ඩුවේදී මේවා කවදාවත්ම වෙන්නේ නෑ කියලා නේද සහෝදරවරු කිව්වේ? මේ ආන්ඩුවේ ඇති එකම වෙනස රටේ දුප්පත්කම වැඩිවෙන්න සලස්වපු එකම විතරද?
ඒ ළමයාට දොස් කියන අය කියවන්න ඉන්ටර්නෙට් එකේ ඔය ගැන කියලා තියෙන දේවල්. ළමයාව දිගටම ඉහළ වසරවල අයත් රැග් කරලා. කොට කලිසමක් ඇන්දා කියලා කාමරෙන් එළියට අරන් අනික් ඔක්කොම ඉස්සරහ වද දීලා තියෙනවා. ඕවා කියලා තියෙන්නේ ඒ කැම්පස් එකේ වෙනත් ළමයි. අපේ අගමැතිනිය කියලා තිබුණා වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා කියලා. එයාලාගේම පක්ෂවලින් ඉදිරියට ගෙනියන ඔය නවක වදය දැන්වත් නවත්වන්න කොන්දක් තියෙනවා නම්. අනික් ආණ්ඩු ඕවා නවත්වන්න හැදුවාම ඒවාට විරුද්ධ වුණෙත් ජේවීපී ඇතුළු පිරිස. ඒ නිසා ඔයාලාම මේ අපරාධ නවත්වන්න.
ආණ්ඩුවේ වගකීම තමයි මේ පිස්සු බල්ලන් බැඳ තැබීම, ඒත් ආණ්ඩුවට ඒ ගැන තැකීමක් නැහැ... මොකද මොවුන්ම තමයි පස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙන්නෙත්, කාලෙකට ඉහතදී කම්පියුටරෙකින් ගහලා සිසුවෙක් මරාපු එකා ප්‍රධානම මාලිමා පාක්ෂිකයෙක් කියලා අපට අහන්න ලැබුණා...
මේක නිදහස් රටක්... ඕනම කෙනෙක්ට තමන්ට කැමැති අදහස් දරන්න පුළුවන් වෙන්න ඕනේ. කාටවත් පුළුවන් කමක් නැහැ කාගෙවත් චින්තනය වෙනස් කරන්න. නවක වදය කියන්නේ කාලකණ්ණි වැඩක්. ඒක හැර ඒකෙ වෙන කිසි දෙයක් නෑ.
වතු කම්කරුවො වගේ මිනිස්සු කොට කලිසම අදින නිසාද මන්දා අවුරුදු විස්සට වැඩි තරුණයොත් කිසි ලැජ්ජාවක් නැතුව කොට කලිසම හා ටීසර්ට් ඇදගෙන ගමන් බිමන් යනවා හරිම කැතයි. අතීතයේ පොලිස් නිළධාරි කොට කලිසම ඇද්දා .එය අශෝභනයි කියල සිරිමාවෝ මැතිණිය එම නිළධාරින්ට දිග කලිසම අදින්න නියම කලා .මෙම සිසුවා ළදරුවෙක් වගේ කොට කලිසම ඇදගෙන විශ්ව විද්‍යාලයට ගියානම් ඒක හරියි කියන්න බැහැ උගත් බුද්ධිමතෙක් වරදක් කලොත් නූගතෙක් කම්කරුවෙක් කලාට වඩා බරපතලයි කියන්න වෙනවා නිදහස් රටක් නිසානේ නිදහසේ මැරිල තියෙන්නෙ
දැනටමත් ප්‍රශ්නය විසඳලා හේතුව හොයාගෙන වගේ..., ඉන්ටනෙට් එකට ප්‍රශ්න දාලාද ඒකත් හොයන්න. අද කාලේ බොහෝ ළමයින්ට කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා... ඒකට හේතුව ළමා කාලයක් නැතිකම, මොනවා වුණත් ඇත්ත හෙළිවෙයි...
මෙතැන ජවිපෙට මඩ ගහන්න කලින් ඔය තමුන්ගේම දරුවෝ බව අමතක වෙලාද? සරසවියට ඇවිත් වසරයි දෙකයි... තමන්ගේ දෙමාපියන්ගෙන් ළඟ වසර විස්සක්.., සරසවියට ආපු සේරම ජවිපෙ කියලා ලේබල් අලවන සරසවියක නවක වදයක් ගැන නොදන්නා අය තමයි මෙතැන කියවන්නේ...
අධ්‍යාපන ඇමති නිහඩව සිටින්නේ මේ සිද්ධිය අනුමත කරන නිසා විය යුතුයි.
සැක කරුවන් වහා අත්අඩංගුවට ගෙන දින 90ක් රැදවූ නියෝගය ලබා ගන්න. සාක්ෂි ඇත්නම් මහ අධිකරණයේ අධී චෝදනා ගොනු කරන්න.
මමද විශ්වවිද්‍යාලයේ එද්දී ජෙප්පංගේ, පෙරට්ටංගේ වැඩ හොඳින් දැනගෙන සිටියෙමි. මන්ද මානසිකත්වය, කුහක කම, පලිගැනීම, ඊර්ෂ්‍යාව ඔවුන් මෙහෙයවන සාධකය . ඔවුන් මේ සියල්ල අපේ ලංකික හදවත් තුලට දැනටමත් මුසුකොට හමාරය.
විශ්වවිද්‍යාල ක්ලීන් කරමු!
නවක වධය විඳපු මිනිස්සු අවුරුදු ගානක් හිතින් විඳවනවා ඒ සිදුවීම්. නරින්ට කුකුල්ලු භාර දුන්නා වගේ කැම්පස් ඇතුලේ ළමයින්ට වධ දුන් වධකයන්ට ආණ්ඩුව දුන්නම ඒවා වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑනෙ. ඒකට නම් ආණ්ඩුවට බැනල වැඩක් නෑ. ඡන්දෙ දුන්න පුනක්කු බයියන්ට තමයි අල්ලගෙන නෙලන්න තියෙන්නෙ. 68 ලක්ශේ මෝඩ හැත්ත.
හායි
මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් පවත්වා මෙම තත්වයට හේතුපාදක වු කරුණු සම්බන්ධයෙන් තහවුරුකරගෙන අදාල පාර්ශවයන්ට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. අධ්‍යාපනය ලබා ගැනීම හැර සියළු කටයුතු නැවැත්විමට කටයුතු කල යුතු අතර සියළුම විශ්ව විද්‍යාල සදහා යුධ හමුදා/පොලිස් නිලධාරීන්ගේ උප පොලක් සිථාපිත කිරීමට හා ගැටලුකාරී තත්වයන් දැන්විමට රහස්‍ය ටෙලිග්‍රෑම් හුවමාරුවක් සකස් කල යුතුය. මෙය මගේ අදහසයි. මොකද මෙම තත්වය කවදාවත් නතර කිරීමට නොහැකි විම නිසා. විශ්ව විදයාල මැර කල්ලි නතර කරලිමට කටයුතු කල යුතුය.
ඔය නවක වැඩ දෙන අසහනකාරයෝ උපාධි අරගෙන රාජ්ය සේවයට බැඳෙනවා. ඊට පස්සේ ජනතාවටත් මුන් රැග් එක දෙනවා හැමදාම. ඕකුන්ව පුනරුත්තාපනය කරන්නේ නැතිව රටක් හැටියට අපිට ඉදිරියට යන්න බැහැ
ටිකිරි බණ්ඩාරගේ ටිකිරි මොලේ... ගිහින් වෛද්‍යවරයෙක් මුණගැසෙන්න.
දෙවන වසරේ ? එහෙම රැග් නෑනේ. මෙතැන බුලින් වෙලාද ඒ දරුවාගේ ඩිප්රෙෂන් වැඩිවෙලාද හොයලා බලන්න එපැයි...
නවක වදය දීම තුළින් සිසුන් අවාසනාවන්ත ලෙස මියයාම හරිම කණගාටුදායකයි ..ලොව කිසිම නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක මෙවැනි සිද්දීන් අහන්ඩවත් නැති තරම්.මේවා අපේ රටෙන් තුරන් කළ යුතුමය .