රන්ජන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණ නියම කර තිබේ . 15 January 2020
සංස්ථා සභාපතිවරුන්ගේ පඩිය ලක්ෂයකට සීමා කෙරේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට නියෝග කරමින්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. 14 January 2020
රන්ජන් අත්අඩංගුවට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. 14 January 2020
රන්ජන්ට වරෙන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වරෙන්තු නිකුත් කළේය. 14 January 2020
රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට අද ( 14) නියම කර තිබේ . 14 January 2020
රාජිත රෝහලෙන් පිටවී යයි හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත. 14 January 2020
‘මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්රභාකරන්ට විතරයි‘ තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි. 13 January 2020
‘භාරත ඝාතන නඩුව ගැන ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවක් නෑ‘ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ වැරැදිකරුවන්ට සහනයක් ලබාදීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් කර නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ‘ලංකාදීප’ යට අද(13) පැවැසීය. 13 January 2020
මකුණෝ අක්ෂි රෝහලේ ඇඳන් ආක්‍රමණය කරති ජාතික අක්ෂි රෝහල පුරා ඇඳ මකුණන් බෝවී තිබීමෙන් නේවාසික රෝගීහු බරපතල අපහසුතාවන්ට පත්වන බව එහි එහි කළ සංචාරයක දී දැකිය හැකි විය. 12 January 2020
යුක්රේන ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය පිළිගනී ඉරානයේ හමුදා ප්රකාශනයක් උපුටා දක්වමින් යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. 11 January 2020
‘මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි‘ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබද විධිමත් සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 10 January 2020
‘නවක වදය නිසා වසරකට 2,000ක් සරසවි යන්නේ නැහැ’ නවක වදයට මුහුණ දීමට සිදුවන බැවින් සිසුන් 2,000ක් පමණ වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (9) පැවැසීය. 09 January 2020
ජනපති කොළඹ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට අද (9) පැමිණ තිබේ. 09 January 2020
‘එෆ්.සී.අයි.ඩී අහෝසි කරනවා ‘ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. 09 January 2020
ශානිට රට ගමන් තහනමක් වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල මහතා අද (8) තහනම් නියෝගයක් නිකුත් කළේය. 08 January 2020
අනාරාධිතව පැමිණි අමුත්තා නිසා ශ්‍රීලනිප රැස්වීම අතරමඟ නවතී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (7) පැවැත්වීමට නියමිතව තිබූ එම පක්ෂ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනාරාධිතව පැමිණීමෙන් ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා රැස්වීම අවලංගු කිරීමට සිදු වූ බව වාර්තා වේ. 07 January 2020
සරණ ගුණවර්ධනට ඇප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (7) නියම කළේය. 07 January 2020
සරණට වසර 3 ක සිරදඬුවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය. 07 January 2020
පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළෙයි-8 ක් මරුට පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ අද(6) සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් ඇති බව මඩොල්සිම පොලිසිය කියයි. 06 January 2020
දැරියට පහරදීමේ පැමිණිල්ල බාර නොගත් ස්ථානාධිපතිවරියන්ගේ වැඩ අත්හිටුවයි නිකවැරටිය සහ කොටවෙහෙර පොලිස් ස්ථාන දෙකෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරියන් දෙදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. 06 January 2020
හේමසිරි - පූජිත් 20 තෙක් රිමාන්ඩ් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 January 2020
රංජන්ට ඇප හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය. 05 January 2020
රංජන් රාමනායක අත්අඩංගුවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (4 - සෙනසුරාදා) සවස අත්අඩංගුවට ගන්නා ලදි. මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන ලද අතර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි. 04 January 2020
රංජන්ගේ නිවස සෝදිසි කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි. 04 January 2020
සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය. 04 January 2020
Y-12 යානයක් කඩා වැටී ගුවන් හමුදාවේ 4 ක් මරුට හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානය බවට මේ වන විට තහවුරු කරගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි. 03 January 2020
කඩාවැටුණු යානයෙන් නියමුවා ඇතුළු තිදෙනෙකුගේ සිරුරු හමුවෙයි හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ සැහැල්ලු ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 03 January 2020
අමාත්‍යවරුන්ට - රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන ගැනීම නතර කරයි ඉදිරි වසර තුනක කාලයක් ගතවනතුරු අමාත්‍යවරුන්ට හා රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීම නතර කරන ලෙසට ආයතන ප්‍රධානීන්ට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2020
රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට වැඩිපුර මුදල් ගෙවා මිළදී ගැනීමේ ක්‍රියාවලියකට එරෙහිව වෙනත් ඖෂධ සමාගමක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය වහාම එකී මිළඳී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 02 January 2020
මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක් මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට පවතින ජල කාන්දුව ජලාශයට හෝ බැම්මට විශාල හානියක් නොවන බව මොරගහකන්ද කළු ගඟ ජලාශ ව්‍යාපෘති අධ්යක්ෂ පි .බී . විජේරත්න මහතා පැවසීය. 01 January 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026