මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට මිහින් ලංකා ගුවන් සමාගම ප්රධාන පෙළේ රාජ්ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්යංශ වාර්තා සඳහන් කරයි. 17 June 2020
පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්යක්ෂවරයකුට වරෙන්තු ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය. 17 June 2020
ව්යාජ චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් හොරණින් අල්ලයි හොරණ ගොඩැල්ල ප්රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට ව්යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි, අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 17 June 2020
අබුඩාබියේදී ගැබිනියන් වූ 100ක් හෙට උදෑසන ලංකාවට එති අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු හෙට (17) පෙරවරුවේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 16 June 2020
කෝටි 6 ක මත්කුඩු කුරණින් අල්ලයි රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්රදේශයේ දී පොලිස් මත්ද්රව්ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය කොට්ඨාසය කියයි . 16 June 2020
කොරෝනා මඩින්න සෞඛ්ය අංශවලට තවත් බලතල කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත. 15 June 2020
හිටපු ජනපති දෙන්න ගිය ශිෂ්යත්ව මැතිවරණ කොමිසම අත්හිටුවයි පොලොන්නරුව දිස්ත්රික්කයේ සරසවි වරම් ලබා සිටින දරු දැරියන් 360 දෙනෙකුට තමන් අතින් අද(15) දිනයේ පිරිනැමීමට සූදානම් කර තිබූ අධ්යාපන ශිෂ්යත්ව සහ තිළිණ කවුරුන් හෝ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නියමයෙන් අත්හිටුවීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය. 15 June 2020
පකිස්තානයේ සිටි ශ්රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 15 June 2020
විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්රී ලංකාවට ගෙන්වා අවසන් කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2020
ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්රසන්න රණතුංග මහතා අද (14) පැවසීය. 14 June 2020
ඇඳිරිය කඩමින් පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති. 14 June 2020
මාලදිවයිනේ සිට ශ්රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්යය තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 13 June 2020
කල්බදු නොගෙවූ වාහන පැහැරගත්තොත් කොල්ලකෑමේ නීතියට වැඩ කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. 12 June 2020
ප්රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්රමාද කරන්න උපදෙස් පාසල් නැවත පටන් ගැනීමේ දී ප්රතිශක්ති ඌණතා ඇති සහ ප්රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්රමාද කරන්නැයි අධ්යාපන අමාත්යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. 12 June 2020
පිලිපීනයේ රැදී සිටි ලාංකිකයෝ 223 ක් කටුනායකට කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දින මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 12 June 2020
ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපතිට පහර දී ඝාතනය කරයි ත්රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 June 2020
මහ මැතිවරණය අගෝස්තු 5 මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද (10 වැනිදා) තීරණය කළේය. 10 June 2020
රාජිත සේනාරත්නට ඇප සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 10 June 2020
ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්යාපන අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 09 June 2020
කොවිඩ් 19 රෝගීන් 67 ක් සනීප වෙලා ගෙදර ගිහින් කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 67දෙනෙකු සුවය ලබා අද(09) පිටව ගොස් ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි. 09 June 2020
ජූලි අග සිට බස් ගාස්තු ගෙවීමට පෙරගෙවුම් කාඩ්පතක් ලංගම හා පුද්ගලික මගී ප්රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්රවාහන සේවා කළමනාකරණ අමාත්යාංශය පවසයි. 09 June 2020
කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ ඒකකය කියයි. 09 June 2020
ආසන සංඛ්යාව ඉක්මවා මගීන් ගෙන යන බස්වලට නීතිමය ක්රියාමාර්ග බස් රථවල ආසන සංඛ්යාවට වඩා මගීන් ප්රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා බව මගී ප්රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 June 2020
තෙමසකට පසු මඩකලපුව - කොළඹ දුම්රිය ගමන යළි ඇරඹෙයි කොරෝනා වයිරසය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් නතර කර තිබූ මඩකලපුව - කොළඹ දුම්රිය ධාවනය අද (08) යළි ආරම්භ කෙරිණි. 08 June 2020
ප්රවාහන සේවා හෙට සිට සාමාන්ය පරිදි කරන්න අනුමැතිය අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල ද හෙට (8) සිට ක්රියාත්මක කරවීමට සෞඛ්ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්රවාහන සේවා සාමාන්ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
පොදු ප්රවාහන සේවා සාමාන්ය පරිදි ක්රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට පොදු ප්රවාහන සේවා සාමාන්ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හෙට (8) පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බව මගී ප්රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 June 2020
එංගලන්තයේ සිටි ශ්රී ලාංකිකයින් 278 ක් කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 07 June 2020
ලොරියක් මතට අධිබලැති විදුලි රැහැන් වැටී තරුණයින් දෙදෙනකු මරුට මාතලේ - කැටවල අංකන්ද වත්තේ කොස් කැඩීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලි සැර වැදී අද (6) මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි. 06 June 2020
ජර්මනියේ සිට ශ්රී ලාංකික නාවිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට ජර්මනියේ නැව් සමාගම් කීපයක සේවය සදහා ගොස් සිටියදී කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්රී ලාංකිකයන් 235 දෙනෙකු ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යායානයකින් අද (06) දින දහවල් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 06 June 2020
ශ්රී ලංකාවට පැමිණෙන රාජ්ය තාන්ත්රික නිලධාරීන්ගෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ ඉල්ලයි ශ්රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්ය තාන්ත්රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්යාංශය කියා සිටී. 05 June 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026