(නිමන්ති රණසිංහ)
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයේ බොහෝදුරට විමර්ශන අවසන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.





ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක්තරා නාට්‍යයක් එසේ අවසන් විය.
සුපුරුදු පරිදි නැවතත් ඇප... විමර්ශන අවසන් කරලා නම් නඩුව අහන්නේ නැද්ද? ඡන්දෙ කරන්නද රාජිතට නිවාඩු ලබා දුන්නේ?
ඔච්චර තමයි. මේ මිනිසුන් මොන වරද කළත් කවදාවත් නිසි දඬුවම් ලැබෙන්නෙ නෑ. මොන ආණ්ඩුවක් තිබ්බත් ඒක එහෙම තමයි. පොදුවේ සියලු දේශපාලකයින්ට නියමිත පොදු ගුණාකාරයයි.
මේවා ඡන්ද ගුණ්ඩු!!!
දැන්වත් හැකර කට පියාගෙන ඉන්න.
රාජිත වැරැදි කරු ලෙස ඔප්පු වුණොත්, සිදුකළ බොරුවට දඬුවම් දිය යුතුමයි. ඒත් ඒක වේවිද? රාජිත පැත්ත වෙනස් කරොත්, ඔහුට දඬුවම් ලැබෙයිද? නැත කිසිසේත්ම නැත. එසේනම්, අද ඔහුට බණිනා අය හෙට ඔහුට බණීවිද? නැත. එයට හොඳම උදාහරණය නම්, එදා සිරිසේන පක්ෂය කඩාගෙන ගියවෙලේ, ඔහුට බැන්න අය අද බණිනවාද? නැත. මොනවා වුනත්, එස්.එම්. චන්ද්‍රසේන කිව්වා සිරිසේනව ගත්තා කියන්නේ කොරෝනා හැදුණා වගේ කියලා. ප්‍රසන්නත්, ඔහුට බනින කෙනෙක්... බොහෝ අය එහෙම නැහැ. එහෙම තමයි මේ රටේ දේශපාලනයේ හැටි. මේ යථාර්ථය නොදන්නා බොහෝ දෙනා පොර කුකුළන් සේ තමන්ගේ පැත්ත නිදොස් කරගන්න මහා ගාල ගෝට්ටි කරනවා. කෙටියෙන් කියනවා නම්, පක්ෂ දේශපාලනය විසින් මේ අයව ඒ අයට නොදැනීම දක්කනවා. ඒක තමයි සත්‍යය...
නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කළ ජනපතිට, අගමැතිට අපේ හදපිරි මෙව්ව එක හිටන්... ඔයාලට 2/3 ලැබෙනකන් නේද බලන් ඉන්නේ?
කාපු මඩ කන්දරාවේ හැටියට.. අඩුමගානේ එළියට එනකොට හිටපු පක්ෂයවත් ඉතුරුවෙලා තිබුණා නම්... චුට්ටක් හරි සැනසෙන්න තිබුණා නේද..?
රාජිත හිරේ යවන්න මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක්. කවුරු ආවත් ඔච්චරයි.
ප්‍රකෝටි ගණන් හොරාකාපු එකාට ඇප ලක්ෂ 10යි. හිරේ හිටියේ සති තුනයි. ඡන්දෙ කරන්න එළියට ගත්තා. බඩගින්නට අඹගෙඩි 3 කඩපු කෙනා මාස 6ක් හිරේ, දඩේ නොගෙව්වොත් වැඩිපුරත් හිරේ. බම්බුවේ නීති.
චතුර, දැන්නම් මිනිස්සු කුපිත වෙලා ඉන්නේ ඇප දීපු නිසා.
ස්තුතියි ගරු රාජපක්ෂ මතිඳුනේ.., අපේ රාජිත මන්ත්‍රීතුමාට නිදහස ලබාගන්ඩ හෙල්ප් කළාට, රාජපක්ෂලා රාජිතලා පරණ හොඳ මිතුරන්නේ...
මෙයාට රිමාන්ඩ් එකේ ඉඳලා ඇප රවියට කට්ටි පැනපැන ඉඳලා රිමාන්ඩ් නොගිහින්ම උසාවියට භාර වෙලා ඇප... සාමාන්‍ය කෙනෙක් ඕකුන් දෙන්න කරලා තියෙන දේවල්වලින් කාලක් කරලා අහුවුණා නම් ඇපත් නැතුව කෙලින්ම හිරේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන්නේ නිකන්යැ!!