IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජිත සේනාරත්නට ඇප

 

(නිමන්ති රණසිංහ)

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයේ බොහෝදුරට විමර්ශන අවසන් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

 

 

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (15)

රාජිත සේනාරත්නට ඇප

සිරා Wednesday, 10 June 2020 05:33 AM

තවත් එක්තරා නාට්‍යයක් එසේ අවසන් විය.

:       1       110

Keppetipola Wednesday, 10 June 2020 05:49 AM

සුපුරුදු පරිදි නැවතත් ඇප... විමර්ශන අවසන් කරලා නම් නඩුව අහන්නේ නැද්ද? ඡන්දෙ කරන්නද රාජිතට නිවාඩු ලබා දුන්නේ?

:       24       80

සේන Wednesday, 10 June 2020 06:32 AM

ඔච්චර තමයි. මේ මිනිසුන් මොන වරද කළත් කවදාවත් නිසි දඬුවම් ලැබෙන්නෙ නෑ. මොන ආණ්ඩුවක් තිබ්බත් ඒක එහෙම තමයි. පොදුවේ සියලු දේශපාලකයින්ට නියමිත පොදු ගුණාකාරයයි.

:       0       92

Nuwan Wednesday, 10 June 2020 06:35 AM

මේවා ඡන්ද ගුණ්ඩු!!!

:       0       17

Lal Wednesday, 10 June 2020 06:36 AM

දැන්වත් හැකර කට පියාගෙන ඉන්න.

:       24       108

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 June 2020 06:50 AM

රාජිත වැරැදි කරු ලෙස ඔප්පු වුණොත්, සිදුකළ බොරුවට දඬුවම් දිය යුතුමයි. ඒත් ඒක වේවිද? රාජිත පැත්ත වෙනස් කරොත්, ඔහුට දඬුවම් ලැබෙයිද? නැත කිසිසේත්ම නැත. එසේනම්, අද ඔහුට බණිනා අය හෙට ඔහුට බණීවිද? නැත. එයට හොඳම උදාහරණය නම්, එදා සිරිසේන පක්ෂය කඩාගෙන ගියවෙලේ, ඔහුට බැන්න අය අද බණිනවාද? නැත. මොනවා වුනත්, එස්.එම්. චන්ද්‍රසේන කිව්වා සිරිසේනව ගත්තා කියන්නේ කොරෝනා හැදුණා වගේ කියලා. ප්‍රසන්නත්, ඔහුට බනින කෙනෙක්... බොහෝ අය එහෙම නැහැ. එහෙම තමයි මේ රටේ දේශපාලනයේ හැටි. මේ යථාර්ථය නොදන්නා බොහෝ දෙනා පොර කුකුළන් සේ තමන්ගේ පැත්ත නිදොස් කරගන්න මහා ගාල ගෝට්ටි කරනවා. කෙටියෙන් කියනවා නම්, පක්ෂ දේශපාලනය විසින් මේ අයව ඒ අයට නොදැනීම දක්කනවා. ඒක තමයි සත්‍යය...

:       0       275

RaveendraWednesday, 10 June 2020 10:54 AM

ඔබගේ විග්‍රහය ඉතාමත්ම නිවැරදිය. දේශපාලුවන් යනු සතපහකට විශ්වාසය තැබිය නොහැකි කොට්ඨාශයකි. එකම වෙනස පක්ෂ ලකුණ, පාට පමණි. තක්කඩි වැඩ, බලු වැඩ, හොරා කෑම, දූෂණ කිසිඳු වෙනසකින් තොරව එක සමානයි. මිනිසුන් නිකමට නොවේ දියවන්නාවේ 225හේ පට්ටිය ලෙස හඳුන්වන්නේ... ඒ තරමටම සියලුම දේශපාලුවන් මූසල ජාතියකි. "කිසිඳු දේශපාලුවෙකුට අනේ අපි නම් හරිම සාධාරණයි, පින්වන්තයි කීමට නොහැක. ඔක්කොගේම අත්වලද ලේ තැවරී ඇති බවද කිව යුතුයි..."...

:       73       52

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 11 June 2020 02:05 AM

ස්තූතියි රවීන්ද්‍ර මහත්මා.

:       0       29

Siri Sean Wednesday, 10 June 2020 07:04 AM

නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කළ ජනපතිට, අගමැතිට අපේ හදපිරි මෙව්ව එක හිටන්... ඔයාලට 2/3 ලැබෙනකන් නේද බලන් ඉන්නේ?

:       27       130

ravi Wednesday, 10 June 2020 07:35 AM

කාපු මඩ කන්දරාවේ හැටියට.. අඩුමගානේ එළියට එනකොට හිටපු පක්ෂයවත් ඉතුරුවෙලා තිබුණා නම්... චුට්ටක් හරි සැනසෙන්න තිබුණා නේද..?

:       2       20

රොමේෂ් Wednesday, 10 June 2020 07:51 AM

රාජිත හිරේ යවන්න මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තතාවයක්. කවුරු ආවත් ඔච්චරයි.

:       1       34

palitha Wednesday, 10 June 2020 08:25 AM

ප්‍රකෝටි ගණන් හොරාකාපු එකාට ඇප ලක්ෂ 10යි. හිරේ හිටියේ සති තුනයි. ඡන්දෙ කරන්න එළියට ගත්තා. බඩගින්නට අඹගෙඩි 3 කඩපු කෙනා මාස 6ක් හිරේ, දඩේ නොගෙව්වොත් වැඩිපුරත් හිරේ. බම්බුවේ නීති.

:       0       55

P. ILANGARATNE. Wednesday, 10 June 2020 08:37 AM

චතුර, දැන්නම් මිනිස්සු කුපිත වෙලා ඉන්නේ ඇප දීපු නිසා.

:       1       40

pradeepa Wednesday, 10 June 2020 02:30 PM

ස්තුතියි ගරු රාජපක්ෂ මතිඳුනේ.., අපේ රාජිත මන්ත්‍රීතුමාට නිදහස ලබාගන්ඩ හෙල්ප් කළාට, රාජපක්ෂලා රාජිතලා පරණ හොඳ මිතුරන්නේ...

:       69       18

Perera Thursday, 11 June 2020 03:32 AM

මෙයාට රිමාන්ඩ් එකේ ඉඳලා ඇප රවියට කට්ටි පැනපැන ඉඳලා රිමාන්ඩ් නොගිහින්ම උසාවියට භාර වෙලා ඇප... සාමාන්‍ය කෙනෙක් ඕකුන් දෙන්න කරලා තියෙන දේවල්වලින් කාලක් කරලා අහුවුණා නම් ඇපත් නැතුව කෙලින්ම හිරේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියන්නේ නිකන්යැ!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site