(ඩයනා උදයංගනී)
බස් රථවල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ප්‍රවාහනය කළහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොදු ප්‍රවාහන සේවා අද(8) සිට සාමාන්‍ය පරිදි සෞඛ්‍යාරක්‍ෂික අන්දමින් ආරම්භ කෙරුණු බව කී අමාත්‍යවරයා එම වැඩපිළිවෙල සියයට 95ක් සාර්ථක බව ද සඳහන් කළේය.
ඒ අනුව බොහෝ බස්රථවල මගීන් ආසන සංඛ්‍යාවට පමණක් රැගෙන ආ බව කී ඇමතිවරයා ඇතැම් ස්ථානවල ගැටලුකාරී තත්ත්වයන් ඇතිව තිබූ බව ද කීවේය.
දුම්රියවල ද ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන ලෙස නිර්දේශ කර ඇතත් එය ප්‍රායෝගිකව දුෂ්කර කටයුත්තක් බව කී ඇමති මහින්ද අමරවීර මහතා සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර දුම්රියවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කරමින් වැඩි මගීන් ප්‍රමාණයක් ගෙන යා හැකි වැඩපිළිවෙලක් සකස් කරන බව ද ප්‍රකාශ කළේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස ගණනක් ධාවනය නොකෙරුණු පෞද්ගලික බස්රථවල අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා සහන පොලී අනුපාතිකයක් යටතේ රුපියල් ලක්‍ෂ තුනක ණයක් ලබාදීමට රජය තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා කීවේය.
ජනාධිපතිවරයා සමඟ අද (8) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බව කී අමාත්‍යවරයා එහිදී බස් රථ හිමියන් කළ ඉල්ලීම අනුව බස් රථයේ මාර්ග බලපත්‍රය ඇපයට තබාගෙන මෙම පහසුකම ලබාදීමට තීරණය කර ඇතැයි ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටට කරුණක්...! ඒ වගේම ප්‍රශංසා කළයුතු ක්‍රියාවක්.. මින්පසු පොල් පටවන්නා සේ, වවුලන් එල්ලන් යන්නා සේ මගීන් ප්‍රවාහනය කිරීමට නොහැකිය. කිසිවෙකුට මෙල්ල කළ නොහැකිවූ බස් කාරයින්ව හිත් පිත් නැති කොරෝනා මෙල්ල කළ වගයි..
මතුගම ටවුමට කිට්ටුව පොලිස් නිලධාරියෙක් අතයටින් ගාන අරන් පොල් පටවපු ප්‍රයිවට් බස් එකට යන්න දුන්නේ ඊයේ නැත්නම් පෙරේදා... අපේ යාලුවෙක් බස් එකේ වාඩිවෙලා හිටියේ. බේබද්දෙක් රාලහාමි කැත වැඩේ කියලා කෑගැහුවාමත් ගණන් අරන් නැහැ. ඔන්න ඉතින් උඩින් මොනවා කරත් යට ඉන්න අයගේ කැත ගති නිසා වැඩේ හරියන්නේ නැහැ. හොඳට කිඹුහුම් අරින එකෙක් හිටගෙන හිටපු ගොඩේ ගියාලු...
නීතිරීති දමලා අඩම්තේට්ටම් කරලා කොළඹ ශ්‍රවණාගාරවල ඉඳලා පාට් දැම්මට වැඩක් නැහැ. තවමත් කොරෝනා වයිරසය පිළිබඳව මිනිසුන් දැනුවත් කරමින් සෙමින් සෙමින් ක්‍රියා මාර්ග සෑදිය යුතුයි. එමෙන්ම බස් රථ ප්‍රමාණය වැඩිකළ යුතුයි. ඔය බස්වල, කෝච්චි වල එල්ලිලා යන අය තමයි පරිසරයට හිතකාරී පිරිස...
බයිලා තමා.., සවස 5න් පස්සේ බලන්න හිටගෙන යන හැටි... ඔය බයිලා ඡන්දය ඉවරවෙනකම් විතරයි. ඔය කතාවලට අහුවෙන්නේ බයියන් තමයි...
රටේ බස් සේවාව ගැන හරිහැටි සොයා නොබලා ගත්ත ගොන් තීරණයක් අපේ පාරෙ වැඩකරන්නෙ එකම එක බස් එකයි එක ගමන් වාරයක් ගිහින් ආයෙත් එන්න පැය තුනක් ගතවෙනවා. අතරමගින් නගින්න ඉන්න මිනිස්සු ලොකු අමාරැවක වැටෙනවා.
මේකත් අර හාල් අල්ලන්න ගියා වගේ වේවි.