(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හොරණ ගොඩැල්ල ප්‍රදේශීය පවත්වාගෙන ගිය යතුරු පැදි වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක කොටන ස්ථානයක් වටලා එන්ජින්,චැසි, අමතර කොටස් මෙන්ම එම අංක කෙටීමට උපයෝගී කර ගත් උපකරණ සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .
එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා යතුරුපැදි වල එන්ජින් 10ක්, චැසි දෙකක්, අමතර කොටස් රැසක්, ග්‍රයින්ඩරයක්, අංක තහඩු දෙකක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය බාරයට ගෙන ඇත .
යතුරුපැදියක් නැති වූ බවට පිළියන්දල පොලීසියට ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කිරීමේදී පිලියන්දල පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරකට අනුව හොරණ ගොඩැල්ල ප්‍රදේශයේ මෙම ස්ථානය වැටලූ බව පොලිසිය කියයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුකළ අගනා ක්‍රියාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විෂ්වනාත් මහතාව වහාම සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්කොට ත්‍යාගයක්ද ලබාදිය යුතුයි. අනෙකුත් සියලුම නිලධාරීන්ටද, උසස්වීම් හිමිවිය යුතුයි. එයින් අනෙකුත් නිලධාරීන්ද දිරිමත් වෙයි. පොලිස් සේවයේ සිටින මෙවන් අගනා නිලධාරීන්ට අපගේ ස්තුතිය...!
නියමයි. ඔය වගේ අයව එල්ලන්න ඕනෑ. මිනිස්සු කොච්චර මහන්සි වෙලාද වාහනයක් ගන්නේ..? තව දෙයක්... බොහෝමයක් රටේ කාර් සේල්වල තියෙන්නේ ජපානේ හැප්පිලා විනාශ වුණු වාහන... ලස්සනට උඩින් හදලා මිනිස්සුන්ව අන්දලා මේවා විකුණනවා. නිකමට හරි ඔක්ශන් ලිපි පරීක්ෂා කරලා බැලුවේ නැතොත් මිනිස්සු අමාරුවේ වැටෙනවා. මේ කාර් සේල් ඒවත් වටලා පරීක්ෂා කරන්න. හොර කාර්සේල් කාරයෝත් එල්ලන්න ඕනෑ..
තව ඕකට ප්‍රසිද්ධ තැනක් තියෙනවා නාරම්මල ටවුමේ...