(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනකු සඳහා පත්වීම් ප්‍රදානය  ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. 

කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 690 ක් සහ තවත් 160 දෙනෙක් මෙහිදී  ද්වියිතික මට්ටමේ පත්වීම් ලැබූහ.

තාක්ෂණික නිලධාරීන්, ගොවිපොළ  ලිපිකරු, බීජ කාර්මික, නේවාසිකාගාර පාලක පාලිකාවන් වැනි තනතුරු මෙහි ඇතුළත් විය. 

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙහිදී කීවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 15ක 20ක පමණ කාලයක් සේවය ස්ථීර ක‍ර ගත නොහැකිව සිටි සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ස්ථීර කරමින් රටේ ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව මනා කැපවීමෙන් උනන්දුවෙන් කටයුතු කරන බවයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාද සහභාගී විය.