එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රජපක්ෂ  ලබන  19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අද (28) නියම කළේය.

මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීතිඥවරු  දැනුම්දීමක් නොතිබූ බැවින්   අධිකරණයේ පෙනී නොසිටියහ.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.