(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත.
නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව රෙගුලාසි පැනවේ.
මෙමඟින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ට ද නව බලතල පැවරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් වරින් වර විධාන පැනවීමට, චක්‍රලේඛ සහ නියෝග පැනවීමට මේ යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බලය පැවරෙනු ඇත.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශවලට අදාළ මාර්ගෝපදේශ ද මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.
මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම, රෝගීන් හඳුනාගැනීම, පරීක්ෂණවලට ලක් කිරීම, නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් මෙම නව රෙගුලාසි පැනවෙන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර ගැසට් නිවේදන දෙකක නිකුත් කරනු ලැබූ අතර මෙය ඒ සම්බන්ධයෙන් නිකුත් කරන තුන්වන ගැසට් නිවේදනය වේ.
කොරෝනා වසංගතය නිරෝධායන පනත යටතට ගැනෙන රෝගයක් ලෙස නම් කරමින් පළමු ගැසට් නිවේදනය ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසි බලධරයා කරමින් දෙවැනි ගැසට් නිවේදනය ද සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය විසින් මීට පෙර නිකුත් කරනු ලැබීය
තුන්වන ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මර්ධනය ඉතා සැලසුම් සහගතව, පියවරෙන් පියවර ඉදිරියට යමින් පවතී. එය සතුටට කරුණක්. සෞඛ්‍ය අමාත්‍යාංශය දුර දැක්මක් ඇතිව සිය කාර්යය කරගෙන යන බව පෙනේ....... පීඩනය ඉවසා දරාගෙන කටයුතු කළ ආකාරය ගැන අපට කියා දුන් ආදර්ශමත් පාඩම් බොහෝ ය. එය පැසසුමට ලක් විය යුතුය.
පක්ෂග්‍රාහී නුවණ මඳ උපදේශක වරුන්ගේ ඉච්චා බස් වලට නොරැවටී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපතිට බලතල ලබා දෙන්න. එසේ වුවහොත්,රජය කෙරෙහි මහජන ප්‍රසාදය වැඩිවී විශාල බුද්ධිමත් ඡන්ද පදනමක් ගොඩ නැඟේ.මේ බව දියුණු රටක අත්දැකීම් ඇති අය හොඳින් දනී. පුදුමය කියන්නේ ... ඒවා ක්‍රියාවේ නොයේදීමය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිට නොව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට බලතල ලබා දෙන්න. එසේ වුවහොත් පැසසුමට ලක්විය යුතු ආකාරයට පියවරෙන් පියවර ඉදිරියට යමින් පවතියි.