IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


හිටපු ජනපති දෙන්න ගිය ශිෂ්‍යත්ව මැතිවරණ කොමිසම අත්හිටුවයි

(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සරසවි වරම් ලබා සිටින දරු දැරියන් 360 දෙනෙකුට තමන් අතින් අද(15) දිනයේ පිරිනැමීමට සූදානම් කර තිබූ අධ්‍යාපන ශිෂ්‍යත්‍ව සහ තිළිණ කවුරුන් හෝ මැතිවරණ කොමිසමට කර ඇති පැමිණිල්ලක් නිසා මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ නියමයෙන් අත්හිටුවීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමා කිසිවිටෙකත් මැතිවරණ නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කරන්නේ නැතැයිද එම නිසා ඉතා දුරබැහැර සිට පවා මෙහි පැමිණි දරුවන්ට හිස් අතින් ආපසු යාමට සිදුවීම ගැන සිය කණගාටුව පිරිනමන බවද කීවේය.

එසේ වුවද මේ අධ්‍යාපන ශිෂ්‍යත්‍ව සහ තිළිණ ඒ අයුරින්ම මැතිවරණයෙන් පසුව දිනයෙක මේ දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී කීය.

පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අද පෙරවරුවේ මෛත‍්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම මගින් මේ අධ්‍යාපන ශිෂ්‍යත්ව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් 2019 වසරේ විශ්ව විද්‍යාල වරම් ලද සිසු දරු දැරියන් අගැයීමට ලක් කරමින් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි.



අදහස් (28)

හිටපු ජනපති දෙන්න ගිය ශිෂ්‍යත්ව මැතිවරණ කොමිසම අත්හිටුවයි

Prabha Monday, 15 June 2020 09:51 AM

කොටපු කුඹුරේ වී විකුණලා වෙන්න ඇති මේ ශිෂ්‍යත්ව වලට සල්ලි හොයාගන්න ඇත්තේ...

:       35       650

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 June 2020 10:01 AM

මේ ශිෂ්‍යත්ව ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ශිෂ්‍යත්වලාභීන් ගැනද දුකයි. ඒත්, මේක ඡන්ද ගුණ්ඩුවක්. ඒත් කියන්නේ තමන් නීති කඩන්නේ නැතිලු. එහෙනම් මේ වැඩේ නවත්වන්න මැතිවරණ කොමසාරිස්තුමාට මොකක්ද තියෙන බලය...එතුමා වැරදි නම් නීතිමය පියවරක් ගැනීමට පුළුවන් නේද?... රටේ පොදු නීතිය හෝ හරිහැටි නොයොදවාපු කෙනා දැන් මොනවාද මේ දොඩවන්නේ...? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා වැරදිකරු වුණු දේවල් දැන් මතක නැහැ වගෙයි පේන්නේ ...

:       40       481

චමින්දMonday, 15 June 2020 01:20 PM

මේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියා මෙහෙම නම් එයාගෙ ගෝලබාල අනෙක් අයගැන කවර කතාද? පසුගිය කාලේ බලයේ හිටපු අයගෙන් කොන්දක් ඇත්තෙකු හිටියා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළා කියලා මෙතුමාට විරුද්ධව අධිකරණයට යන්නත් තිබුණා නේද කියලා හිතුණා..

:       0       35

සමිත සේනක අලුත්ගමගේ.Tuesday, 16 June 2020 08:31 AM

චමින්ද මහතා, ඔබතුමා නිවැරදියි.

:       0       18

Chandana Monday, 15 June 2020 10:06 AM

අයියෝ සිරිසේන, දැන දැන වැරැදි කරමින් වැරැදි නොකරන බව පවසයි.

:       1       585

Hafeel Monday, 15 June 2020 04:30 PM

අපවත් වූ මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ වරක් කියලා තිබුණා මේ විධායක ජනාධිපති පුටුව ඉතා භයානකයි කියලා. මේ පුටුවේ වාඩිවුණු අය නරක් වෙනවලු. යන්න කැමති නැහැ කියලා. මේ දක්වා කිව්වේම බොරු. මොහුත් ආවේ පොලොන්නරුව මහගෙදරේ විශ්‍රාම ජීවිතය ගත කරනවයි කියලා. අවසානයේ කෝටි 800ක් වටිනා නිවසත් අයිති කරගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවථාවත් උල්ලංඝනය කරලා ගියා ...

:       0       10

විපරමා Monday, 15 June 2020 10:15 AM

පොලොන්නරුවෙන් ඡන්දෙ ගන්න ගහපු උප්පරවැට්ටියක් වගේ ?

:       19       342

sanjeewa milano Monday, 15 June 2020 10:34 AM

මෙම පැමිණිල්ල ලැබුණේ පොහොට්ටුවේම කෙනෙකුගෙන් කියලයි ආරංචිය...

:       1       403

fairoos Monday, 15 June 2020 10:43 AM

සිරිසේන කොහේ ගියත් අනාගන්නවා.

:       12       371

rama Monday, 15 June 2020 10:44 AM

ජනපති පඩියෙන් හොයපු සල්ලිද? ඔච්චර සල්ලි තියේනම් කෝටි 800ක ගෙයක් ගත්තේ ඇයි? මහජනතාවගේ සල්ලි නේ... වාහන කොච්චර ගත්තද මුලු පවුලටම..? රටේ සල්ලි මංකොල්ල කාලා පොලොන්නරුවේ ළමයින්ට විතරක් දුන්නම හරිද? හරිනම් ඒවට තෝරන්න ඕනේ මුලු ලංකාවෙන්ම...

:       1       308

Lion Monday, 15 June 2020 10:45 AM

බොරුවෙන්ම ජීවත් වෙන්නයි හදන්නේ..

:       52       219

සෑම් Monday, 15 June 2020 10:45 AM

කාට කියන්නද මේවා? මේ වගේ අය තමයි රට පාලනය කලේ, තව ඉස්සරහට වෙන්නෙත් ඕකමයි.

:       35       142

pradeepa Monday, 15 June 2020 10:55 AM

අපේ හිටපු ජනාධිපතිතුමා දැන් පුවත්පත් බලන්නේ නැහැවගේ... මොකද රටේ ඡන්දයක් තියෙනවා කියලා දන්නේ නැතිව ඇති.

:       1       92

මෝ Monday, 15 June 2020 10:59 AM

ඔය ශ්ෂ්‍යත්ව දෙන්න සල්ලි බූදලේ විකුණලා හම්බ කරපුවා වෙන්න ඇති. රැස්වීමෙන් නෙවෙයි රටිනුත් පන්නා දැමිය යුතු පුද්ගලයෙක්...

:       24       441

Rohana Monday, 15 June 2020 11:06 AM

බැරි මගුල් නොකර ගෙදරට වෙලා විශ්‍රාම සුවයෙන් හිටියොත් නරකද? පසුගිය පාලන කාලයේ වැඩ ඔක්කොම අනාගත්තා. කෝටි 800ට ගෙයක් දුන්නේ ගෙදරට වෙලා ඉන්න ඕනෑනිසා බව මතක තබාගන්න.

:       56       274

sena Monday, 15 June 2020 11:50 AM

රටේ ව්‍යවස්ථා රකින්නේ කොහොමද මේ මනුස්සයා ඡන්ද නීතියවත් දන්නේ නැති කොට...

:       0       20

rocky Monday, 15 June 2020 01:45 PM

නීති කඩන්නේ නැතිලු..!!! ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරුවා මතක නැද්ද? ඔහෙටත් මිනිස්සු ඡන්දෙ දෙනවා නම් ඒ අයට අනුකම්පා කරන්න ඕනෑ. දෙයියන්ගේ පිහිටෙන් ඉතා ඉහළින්ම පරාජය වේවා..!!!

:       0       8

ලැවොයිසියර් Monday, 15 June 2020 02:01 PM

කපටි ගමරාළ විහිළුවක් කරලා බැලුවද මන්දා...? මිනිහා මේ මැතිවරණයේදී වෙනම විදිහක ප්‍රචාරක වැඩ කරන බව පේනවා. මේකෙනුත් සැලකිය යුතු ප්‍රචාරයක් ලබා ගත්තනේ...

:       0       26

Mahesh Monday, 15 June 2020 02:39 PM

ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු මනුස්සයාට ඕක මොකක්ද..? පුදුමේ කියන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනාටත් නාමයෝජනා ලැබුණු එක. දින්නත් පරාදයි කවුරු හරි උසාවි ගියොත්...

:       0       6

ගමේ එකා Monday, 15 June 2020 03:03 PM

අපේ තාත්තා ගැන දුව ලියපු පොතෙන් ලැබුණු ආදායමෙන් වෙන්න ඇති මේ දේවල් කරනවා ඇත්තේ. තාත්තාගේ පැටිකිරිය ගැන කියවන්න වටිනවා...

:       0       4

Nihal Monday, 15 June 2020 03:22 PM

ඉතිහාසයේ දුටු දුර්වලම හා අලසම ජනාධිපති.

:       0       55

maheel Monday, 15 June 2020 04:05 PM

ඔහොම වෙලා මදි... "යහපාලනෙයි, මෛත්‍රී යුගයයි අපමණ අගයයි" ඔය වදන් සෙට් එකට අහුවෙලා මාත් මගේ පලවෙනි ඡන්දෙ ඔයාට කෙලලා ඇරියනේ..

:       0       3

Pradeep Monday, 15 June 2020 04:28 PM

මෙච්චර කාලයක් ඉඳලා ඡන්දෙට දිනත් නියම කළාට පස්සේ ඔය වගේ කැරට් අල බෙදන්න ගියාම ඔහොම තමයි මහත්තයෝ. මැතිවරණ කොමිසම දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා.

:       0       34

Nandalal DE SILVA - France Monday, 15 June 2020 04:50 PM

පොලොන්නරුවේ ගොයියගේ ඡන්ද ගැටය ‘‘සුරුස්‘‘ ගාලා ලිස්සා යාම ගැන රටේ බොහෝ දෙනෙක් කිරිබත් කනවා ඇත. අසරණ දරුවන්ට සෙතක් සලසන්න මෙයාට වසර 5ක් මදිවුණු නිසාද, ඡන්දෙ කටළඟ තියාගෙන මේ රඟපෑම සූදානම් කළේ..? අයියෝ සිරිසේන, වැඩේ බකල් කරගත්තා නේද?

:       0       26

Appuhami Monday, 15 June 2020 08:17 PM

සිරා අපිට තවම ආතල් දෙනවා එහෙනම්...

:       0       17

Wca Tuesday, 16 June 2020 12:24 AM

මෙයා බබානෙ. ග්‍රාමසේවක මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉඳලද දන්නැ මැතිවරණ කාලයේ කරන්න බෑ කියලා. තනිකර ඡන්ද ගුණ්ඩුවක්...

:       0       6

Ranjith Tuesday, 16 June 2020 04:03 AM

මැතිවරණ කොමිසම අහෝසි කළ යුතුයැයි හඩ නගන්නේ මෙවැනි දේ කරන්නට තමයි ඉස්සර ජන්ද පවත්වපු හැටි බොහෝ දෙනෙකුට අමතකයි. පක්ෂ නියෝජිතයන්ට පහරදි පලවාහැර පැය දෙක තුන යන විට ජන්ද පෙටිටි පුරවා මැතිවරණ කොමසාරිස්ට ආතතිය ඇතිකළ කාලයකුත් තිිබුනා නේද ? මෙිවා මතක අය මැතිවරණ කොමිසම අහෝසි කළ යුතුයැයි හඩ නගන්නේ නැත. මැතිවරණ කොමිසම‍ෙ ස්වාධිනත්වය තහවුරු කිරිමට ක්‍රියා කළ යුතුයි.

:       0       1

Kusal Tuesday, 16 June 2020 01:05 PM

අවුරුදු 5ක් ඉඳලාත් දැන්ද ළමයින්ට ශිෂ්‍යත්ව දෙන්න මතක් වුනේ...? හෙනයක් වැදුණත් වදින්නේ පොලොන්නරුවේ කුඹුරක ඉන්න ගොවියෙක්ටනේ... වුවමනා තැනට වදින්නේ නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 137 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 318 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 3179 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 286 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1464 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 206 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 647 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site