( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා PCRපරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් සම්බන්ධයෙන් අද (05) නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව කියා සිටී.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බවය.
පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින සහ කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට හෝ නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් පෙරේදා (04) ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් නිකුත් කිරීමෙන් අනතුරුව, එම උපදෙස් කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය වහාම පියවර ගත් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම සංශෝධන උපදෙස් මෙසේය.
සංශෝධන අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිය හැකි බව එම අමාත්‍යාංශය කියා සිටී.
එසේම එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු බවද එම අමාත්‍යාංශය කියා සිටී.
එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය යැයිද සදහන් වේ.
මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතුය.
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න. වෙසක් පොසොන්, රාමසාන් වලට එක නීතියකුත්, තොණ්ඩමන්වරුන්ට එක නීතියකූත් ක්‍රියාත්මක වෙනවිට ලෝකේ ඉදිරියේ රට බාල්දු වෙනවා. රජය හා දේශපාලකයන් නීතිකඩන ගමන් අන් අයට නීතිය රකින්නලු...
දැන් PCR පරීක්ෂණ නොමැතිව පැමිණි පුද්ගලයාට මොකද කරන්නෙ ? පැමිණෙන රාජත්‍රාන්තිකයෙක් ගුවන්තොටුපොළේදී PCR පොසිටිව් වුනොත් යවන්න රෝහලක් සූදානම්ද ? මේ ගැන විදේශ කටයුතු ඇමතිවරයා සද්ද නැත්තේ ඇයි ?
ඇමරිකන් අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහනවා. රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය තිබ්බට කොරෝන වලට මුක්තිය නැති බව පෙන්නලා දෙන්න ඒ වෙලාවේ කොන්දක් තිබිල නැහැ. ඇමරිකන් පුරවැසියෙක් රාජ්‍ය නායකයා හින්ද බලය පෙන්වල යන්න ඇති. ඇවිල්ල තියෙන්නෙත් මැද පෙරදිග ඉඳන් එන ශ්‍රී ලාංකිකයන්ට විවෘත කරපු ගුවන් මාර්ගය හරහාද?
කිසිවෙක් කලබල වෙන්න එපා…. ඔව්ව අදාළ ඇමෙරිකාවට…. ලංකාවට නොවෙයි.
කතාව ටිකක් පැහැදිලි මදි. පැය 72 කට වැඩි ඕනෑම පරීක්ෂණයක්, එ කියන්නේ සතියක් දෙකකට නැතිනම් මස දෙක තුනකට පෙර ලබාගත්තු පරීක්ෂණ ප්‍රතිපල වුණත් ඇතිද? නැතිනම් උපරිම වශයෙන් පැය 72ක පෙර ලබාගත් පරීක්ෂණයක් විය යුතුද? අනේ මන්ද මේ අපේ සිංහල භාෂාව අංජබජල් නිසා මොන තරම් නම් නඩු හබ වලට ගිහින් තියෙනවද?
අස්සයා ගියපසු ස්ථාලයේ දොර වැසීමෙන් පලක් නැත. කෙසේනමුදු අලුත් අස්සයන්ටත් පනින්න බැරිවිදියට දොර අලුත් වැඩියා කරන එක තමා වඩාත් සුදුසු. නිදහස් ස්වෛරී රාජ්‍යයක් හැටියට අප සැමගේ ආරක්ෂාව අප විසින්ම සලසා ගතයුතුවේ.
අපේ වාසුදේව මහත්තයා මේ වැඩේ "ලංකාව කොවිඩ් වසංගතය සාර්ථකව මැඩපැවැත්වීම බාලගෙන ඉන්න බැරි නිසා ඇමෙරිකාවේ ට්‍රම්ප් මහත්තයා ලංකාව පුරා කොවිඩ් වසංගතය නැවතත් බෝකිරීමට කල භයානක කුමන්ත්‍රණයක්" කියල බොහොම තරහෙන් කියනවා ඇහුනා. අර ඊට කලින් තවත් එක්කෙනෙක් "ඇමෙරිකන් කාරයින්ගේ කොකාකොලා වගේ දේවල් වර්ජනය කරලා ඇමෙරිකාව දන ගස්සවලා හොඳ පාඩමක් උගන්වමු" කියලත් කියනවා අපට ඇහුනා. ඒ වැඩේ කෙරුනද කියල නම් ආරංචියක් නැහැ.
මේකත් අර සහල් පාලන මිල වගේ. ජනතාවට සහන සලසන්න කියලා පාලන මිලක් හඳුන්වා දීලා, ඊට පස්සේ සහල් මාෆියාවට සහන සලසන්න මිල වැඩිකරනවා. තානාපති මුක්තිය හිමි නිලධාරීන් නිරෝධායනයට අකමැති උනාම ඔවුන්ව නිරෝධායනය නොකර රටට ඇතුල් කරගත හැකි පරිදි නීති වෙනස් කරනවා. කොම්පියුටරයකුත්, ප්‍රින්ටරයකුත්, තියන ඕනෑම කෙනෙකුට මොකක් හරි කොලයක PCR පරීක්ෂණය නෙගටිව් කියලා ලියාගෙන එන එක ලොකු දෙයක් නොවේ. ඒ වගේම මේ රෝගය බෝ වීමට ඉහලම සමභාවිතාවයක් තියෙන්නේ ගුවන් ගමන සහ අතරමැද ට්‍රාන්සිට් ගුවන් තොටුපොල වලදී කියන එකත් මෙතනදී අමතක වෙලා /කරලා.
මම දන්නේ නැහැ මේ ප්‍රවෘත්තිය හරිද වැරදිද කියල.... විය යුත්තේ පය 72ක් ඇතුලත ලබා ගත් වාර්තා මිස පැය 72 පෙර ගත් වාර්තා නෙවෙයි නේද?
එතකොට ගොන් වස්සෝ ඉතුරු පැය 72 ඇතුලත් වගේම එන මගදි බෝ වුනොත් මොකාද වග කියන්නේ ?
අශ්වයා ගියාට පස්සේ ඉස්ථාලය වහන්නේ කුමකටද? තවමත් සුදුහමට බයයි
නිකන් ලෝකෙට විහිළු සපයන්න එපා. ඉස්සෙල්ලම කෝවිඩ් නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් තොන්ඩමන්ගේ මරණය සංවිධානය කරපු සහ ඊට සහභාගිවුණු ජනාධිපති, අගමැති සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට තර්ජනය කලා යයි කියන තොන්ඩමන්ගේ පුතා ඇතුළු සියළු දෙනාට දැඩිව නීතිය ක්‍රියාත්මක කර පෙන්වන්න. විදේශ රටවල කකුල් දෙකේ හරක් නැති බව දැනගන්න.
අර අපි එලවල දැම්ම "වැඩ බැරි යහපාලන" ජෝකියෝ ටික හිටියනම් අනිවාර්යෙන්ම ඇමෙරිකන් කාරයන්ට කොරෝන හැදිලා තිබුනත් රටට එන්න අවශ්‍ය දේවල් නීතියෙන්ම සම්මත කරලා දෙනවා. කොන්දක් ඇති අහිමානවත් ජනාධිපතිතුමනි ඔබට චිරන් ජයතු
ඇමරිකානුවන් , මාන්නයෙන් ඉදිමුණු විනයක් නැතිම ජාතියක් බවට දැන් සනාත වෙමින් පවතී.
මහා මෝඩ තර්කයක් ඉදිරිපත් කරලා තියෙන්නේ . ඔය කියන රාජතාන්ත්‍රික පිරිසත් පැමිණෙන්නේ අන් මගින් සමග නේද මොන පරීක්ෂණ කරගෙන ආවත් වැඩක් තියෙනවද? ලංකාවට එන අතරමගදී මේ වයිරසය ශරිරගත වුණොත් එහෙම කොහොමද පැමිණෙන පර්යන්තයේදී එයාලව චෙක් වෙන්නේ. පොදුවේ හැමෝටම එක නීතියක් තියෙන්න ඕනේ මොන පරීක්ෂණ කරගෙන ආවත් රට ඇතුලට ...
අඩුම ගානේ ඒඩ්ස් වයිරසයවත් බලෙන් පරීක්ෂා කරන්න නීතියක් නැහැ. හැමදේටම සිය කැමැත්ත දෙන්න ඕනෑ. එ්නිසා නීතිය දන්නා විදේශිකයන් අකමැති වුනොත් ගුවන් තොටුපල නිලධාරීන් අසරණ වෙනවා. යුරෝප් ගුවන් තොටුපළවල් වල කරන්නේ ශරීර උෂ්ණත්වය මැන බැලීමයි.