IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07)  දින අලුයම ලන්ඩන් නුවර සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (07)  දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .
 
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .

මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .
 
එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ .
 



අදහස් (27)

එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් 278 ක් කටුනායකට

pathirana Sunday, 07 June 2020 04:06 AM

මැද පෙරදිග ඉන්න අපි ගැන කාගේවත් හිත උණු නොවෙන්නේ අපි කළු නිසාද?

:       129       314

සෑම් Sunday, 07 June 2020 05:27 AM

රට විරුවෝ කියලා ගොනාට ඇඳගත්තු අයට දැන් සැපද? දැන්ම ඇවිල්ලා වැඩක් නැහැ. මැරන්නේ නැතුව ටිකක් ඉන්න. ප්ලේන් එකයි, අලුත් ඇඳුමයි එවන්නං ඡන්දෙ ලංවෙලා.

:       68       371

janahitha UAESunday, 07 June 2020 10:42 AM

ඔබතුමා ඉන්න රටේත් කොරෝනා බහුළලු නේද? දුප්පත් කම නිසා වේගයෙන් පැතිරෙන්න පුළුවන් රටක්ලු නේද? එ්ක පුද්ගල අාදායම ඩොලර් 10 වගේද කොහෙද? මන්දපෝෂණය උපරිම ලෙස වංචා, දූෂණ අහස ඉහළට කුඩු, මත්ද්‍රව්‍ය පළමු තැනටලු නේද? ඉතින් අලුත් ඇඳුම් දෙන්නේ හැන්දෙන් ගෙනැල්ල වෙන්න ඇති ඊයේ දවල්ට කෑම කෑවද? ගෙදර මුට්ටිය තුන් වේලටම රත් වෙනවද? මොකක් නැති වුණත් අරක්කු පෝලිමේ පොරකනවලු නේද?

:       63       27

janabala Sunday, 07 June 2020 10:44 AM

අනේ ලොක්කෝ මේ රටවල් වල ඉඳන් එවන මිනිසුන්ගේ ගැහැණුන්ගේ මුදලෙන් තමා ඔහෙලා උලා කන්නේ නැතිව යන්තම් බඩවියත රැකෙන්නේ... ඉදිරියේදී එය හොඳට දැනේවි.

:       0       10

රුවන් Sunday, 07 June 2020 11:45 AM

මැද පෙරදිග බහුලව සිටින්නේ ගිවිසුම්ගතව රැකියා කරන අය. ඔවුන්ට ඉන් මුදවා ගෙන ගෙන්වා ගැනීම ලෙහෙසි නැහැ. ඇතැම් විට ඔවුන්ද නැවත ලංකාවට නැවත පැමිණීමට එතරම් කැමැත්තක් නැතුව ඇති... ඒත්, විවිධ හේතූන් මත සේවා ස්ථානය මගහැර බාහිරව නීති විරෝධීව සේවය කරන අයව ගෙන්වා ගැනීම අපහසු නැහැ. කුවේට්වලින් එව්වේ එවැනි අයයි. කුවේට් රජය ඉතා ඕනෑකමින් ඔවුන්ගේම ගුවන් යානා වලින් අප රටට ගෙනත් දැම්මා...

:       10       22

sampathSunday, 07 June 2020 05:27 AM

එංගලන්තයෙන් තමයි වැඩියෙන්ම ආවේ.. එතකොට මේ ආණ්ඩුවට වැඩියෙන් ඡන්ද ගන්න පුළුවන්නේ..

:       0       170

janahitha Sunday, 07 June 2020 04:35 AM

එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් සුවිශේෂ පුද්ගලයන් මැදපෙරදිග මිය යන ජනතාව අවශේෂ ජනතාව වෙන්ට ඇති...

:       1       300

lakshan disanayaka Sunday, 07 June 2020 05:26 AM

මැදපෙරදිග අයවලුන් ඡන්දෙ දාන්න කොඩි අරගෙන ඇවිත් දිනලා ගියාට ඔය හොඳට සලකන්නේ... ඕවාට තමයි කියන්නේ කන්න දීපු අත හපාකනවා කියලා. කවදා හෝ දිනක මහා ඡන්දෙ කිට්ටු කරලම තමයි නුඹලාව ගෙන්වා ගන්නේ ඡන්දෙ දාගන්න. ඔන්න එදාට නුබලාගේ වාරේ..

:       2       388

sampath Sunday, 07 June 2020 05:30 AM

අඩු පඩියට එන විසා වෙන්න ඇති...

:       23       1337

ගාමිණි වීරසිරි Sunday, 07 June 2020 05:41 AM

කවදත් ඉංග්‍රීසි කතාකරන ශ්‍රී ලාංකිකයින්ට තමයි මුල් තැන. දිනකට ශ්‍රී ලාංකිකයන් හැර අනෙකුත් විදේශීකයන් දහස් ගණනින් මැදපෙරදිග රටවල් වලින් තාවකාලිකව ඉවත්වී තම මව්රටවල්වලට යද්දී ශ්‍රී ලංකාව පමණයි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. අඩුම තරමින් අපට බලාපොරොත්තු තබාගැනීමට කිසියම් ප්‍රකාශයක්වත් රජයේ වගකිවයුතු අයෙක් කරනවා නම් අපට හිත හදාගන්න තිබුණා. කමක් නෑ මෙහෙම මැරුණාවේ මෙහේම වැළලුණාවේ..

:       0       150

Siva Sunday, 07 June 2020 05:43 AM

එක රටක්.. එක් නීතියක් කියන්නේ මෙහෙම වෙන්න ඇති.. රටවිරුවන් කියන්නේ යුරෝපයේ අය විතරයි කියලා ඡන්දෙට කලින් කිව්වා නම් ඉවරයිනේ.. ඉක්මනින්ම ඡන්දෙ තියන්න අනේ.. නැත්නම් ආයේ අධිරාජ්‍යවාදීන්, එන්.ජී.ඕ කාරයන් එහෙම ඇවිත් රට අල්ලා ගන්න පුලුවන්නේ. මතක ඇතුව නාමල් කුමාරවත් ඉක්මනට රඟපාන්න අරගන්න. මේ දවස්වල වෙන වැඩත් නැතුව ඇත්තේ..

:       0       201

Lal Sunday, 07 June 2020 06:08 AM

ගණන් ගන්න එපා. ඔය තියාගෙන ඉන්නේ ඡන්දෙ ළංවෙනකොට බිස්නස් ක්ලාස් එකේ ගෙනැල්ලා මල්මාලා දාලා පෙරහරේ ඡන්දෙ දාන්ට අරන් යන්න...

:       0       151

Kanal KoyralaSunday, 07 June 2020 07:33 AM

මතක ඇතුව ගියවර ගෙනාපු පෝස්ටර් ටිකත් රෝල් කරගෙන එන්න..

:       0       98

lalithm Sunday, 07 June 2020 06:18 AM

නාමල් කුමාරයාද? නාමල් කුමාරද?

:       0       47

Kumarasingha Sunday, 07 June 2020 06:28 AM

හිත තලාගන්න එපා.. ඡන්දෙ කිට්ටු වෙලා ඔය අයව තාවකාලිකව ගෙන්න ගන්නම්... අපිට අවශ්‍ය වන්නේ මුදල් පමණයි. ඔබලා රටවිරුවෝ...

:       0       102

gihan Sunday, 07 June 2020 07:07 AM

බලාගෙන යනකොට මේගොල්ලන් ගේන්නේ ඔක්කොම හොඳ රටවල් වල ඉන්න මිනිස්සු. එ් මිනිස්සුන්ට එහෙ ඉන්න අමාරුකමක් නෑ.. මැදපෙරදිග රටවල වගේම ඊජිප්තුවේත් ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවා... ලංකාවට වන්න බලාගෙන... මොකද ඒ රටවල් ඒ මිනිස්සුන්ට සලකන්නේ වත් නෑ...

:       0       77

Mr Don Sunday, 07 June 2020 07:10 AM

වැඩි වැඩියෙන් මුදල් යවන්න ආණ්ඩුව අමාරුවෙන් ගෙනියන්න... බයවෙන්න එපා මැරෙන්න කළින් ගන්නම්...

:       0       14

Kamal Koyrala Sunday, 07 June 2020 07:34 AM

බයියන්ව වැඩක් නැහැ.. දැන් ඔවුන්ගේ පැලැන්තියේ ටිෂූ වලින් පිහින අයට තමයි පළමු තැන...

:       0       134

නෙවිල් Sunday, 07 June 2020 07:36 AM

ශිෂ්‍යත්වෙටයි, පුහුණුවටයි... අරකටයි, මේකටයි මහජන මුදලින් රට ගිහින් කටිටි පැන පැන හිටපු ඔස්තාර්ලාත් එනවද?

:       0       62

de silva Sunday, 07 June 2020 08:12 AM

දුප්පත් මනුස්සයාට රටට ඇවිත් නිදහසේ හුස්ම ටිකක් අරන් ජීවත්වෙන්න ඉඩක් නැහැ. සේරම වරප්‍රසාද පොහොසත් ලොකු පැලැන්තියේ මනුෂ්‍යයාට පමණි.. මෙහෙම ගියොත් අපටත් සිද්ද වෙන්නේ කොරෝනා පැත්තකින් තියලා ඇමරිකාවේ වගේ නිදහස සහ සමානාත්මතාවය ඉල්ලා ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න...

:       0       62

de silva Sunday, 07 June 2020 08:23 AM

දුප්පත් පැළැන්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන වාසු, ගම්මන්පිල , විමල් වැනි දේශපාලකයෝ එක් අයෙක්වත් මේ ගැන කට හොල්ලන්නේ නැ ඔවුන්ට රට විරුවෝ මතක් වෙන්නේ , එංගලන්තේ ඉන්න මිනිස්සු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයන් ලෙස පෙනෙන්නේ චන්දේ කිට්ටුවෙනකොට.

:       0       0

abc Sunday, 07 June 2020 08:32 AM

BIA නන්දිකඩාල් වගේ... අායෙත් ගුල්ෆ් මිනිස්සුන්ට ප්‍රභාකරන්ලා බිහිවෙලා...

:       0       2

chaminda Sunday, 07 June 2020 08:54 AM

ජරාම ආණ්ඩුවක්. මැදපෙරදිග අය ගණන් ගන්නෙම නෑ. සල්ලි විතරයි ඕනේ.

:       0       72

පිටිගල මිලානෝ Sunday, 07 June 2020 09:59 AM

තවමත් අර අඟහරු ලෝකේ ඇඳුම ඇඳගෙන ටී-56 අතදරාගෙනද? මේ බයේ පැනලා යන අයව කටුනායකදී පිළිගන්නේ? අපිව ගන්න මිලානෝ එනකල් තවමත් ජනේලෙන් අහස දිහා බලාගෙන ඉන්නේ....! මතක ඇතුව එන්න හොඳේ...!

:       0       63

Don Sunday, 07 June 2020 01:27 PM

අපරදිග දිගයිලු මැදපෙර දිගට වඩා, එංගලන්තේ ඉඳල එන්නේ, ළමා ලපටි, නෑදෑයෝ. මැදපෙරදිගින් එන්නේ ඒකාලේ උන්ට ඉස්සර කඩේ ගියවුන්, උන්ගේ ළමයි බලාගත්තු උන්, වාහනේ එලවපු අය කියලා, මොවුන්ගේ අය කියන්නේ... ඡන්දෙ පටන්ගන්නකොට හද පත්ලෙම්ම ආදරය පෙරෙන්න පටන් ගනීවි...

:       0       111

de silva Sunday, 07 June 2020 03:32 PM

මෙහෙම අමාරු වෙලාවකවත් පිහිට වෙන්න බැරිනම් මැදපෙරදිග යන මිනිස්සුන්ගෙන් මුදල් අයකරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය කරන්නේ මොන කෙහෙල් මලකටද දන්නේ නැහැ. හරිනම් මේවට විරුද්ධව අතරමන් වෙලා ඉන්න මිනිස්සුන්ගේ නෑයෝ රජයට විරුද්ධව නඩු පවරන්න ඕනේ.. කමක් නැහැ. හෙට, අනිද්දා ඡන්දයකුත් එනවනේ.., අසාධාරණයට ලක්වෙලා අතරමන් වෙලා ඉන්න මිනිසුන්න්ගේ නෑදෑයන්, හිතවතුන් ලංකාවේ ඉන්නවනේ... හිතලා බලලා හොඳ තීරණයක් ගන්න. මේ කැබිනට් එකේ ඉන්න පරණ ඔළුගෙඩි ටික නියෝජනය කරන්නේ රටේ ධනවත්, බලවත් ඉහළ පැලැන්තියේ පුද්ගලයින් පමණි. ඔවුන්ට පීඩිත පන්තිය, රටවිරුවන් මතක්වෙන්නේ..., කම්කරුවන්ගේ දිනයට සහ ඡන්දයකට කලින් පමණි..

:       0       0

B. Anthony Monday, 08 June 2020 04:03 AM

දැන් හොඳට පේනවා මෙයාලගෙ රංගනය. කන කොකාගේ සුද පේන්න ඉගිලෙන්නම ඕනෙලු. දැන් රට විරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට තේරෙන්න ඕනෙ. සැපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site