(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින අලුයම ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ , ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ විශේෂ ගුවන් යානයෙන් අද (07) දින අලුයම 2.51 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් පැමිණි ගුවන් යානයේ කාර්යය මණ්ඩලය , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරුණි .
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට පිහිටි හෝටල් 04 ක නවතා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබීමට අවම වශයෙන් , මෙම ගුවන් මගීන් ගෙන් සෙම පටල ලබා ගෙන , පැය 24 ක් පමණ ගත වෙන බැව් එම රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය .
එහිදී මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වුවහොත් , එම ගුවන් මගීන් ළගම ඇති රෝහලට හෝ අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස දින 21 ක නීරෝධායන කාළයක් සදහා , එම මධ්‍යස්ථාන වෙනත් යොමු කිරීම සිදු කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැද පෙරදිග ඉන්න අපි ගැන කාගේවත් හිත උණු නොවෙන්නේ අපි කළු නිසාද?
එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයින් සුවිශේෂ පුද්ගලයන් මැදපෙරදිග මිය යන ජනතාව අවශේෂ ජනතාව වෙන්ට ඇති...
මැදපෙරදිග අයවලුන් ඡන්දෙ දාන්න කොඩි අරගෙන ඇවිත් දිනලා ගියාට ඔය හොඳට සලකන්නේ... ඕවාට තමයි කියන්නේ කන්න දීපු අත හපාකනවා කියලා. කවදා හෝ දිනක මහා ඡන්දෙ කිට්ටු කරලම තමයි නුඹලාව ගෙන්වා ගන්නේ ඡන්දෙ දාගන්න. ඔන්න එදාට නුබලාගේ වාරේ..
අඩු පඩියට එන විසා වෙන්න ඇති...
කවදත් ඉංග්‍රීසි කතාකරන ශ්‍රී ලාංකිකයින්ට තමයි මුල් තැන. දිනකට ශ්‍රී ලාංකිකයන් හැර අනෙකුත් විදේශීකයන් දහස් ගණනින් මැදපෙරදිග රටවල් වලින් තාවකාලිකව ඉවත්වී තම මව්රටවල්වලට යද්දී ශ්‍රී ලංකාව පමණයි නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ. අඩුම තරමින් අපට බලාපොරොත්තු තබාගැනීමට කිසියම් ප්‍රකාශයක්වත් රජයේ වගකිවයුතු අයෙක් කරනවා නම් අපට හිත හදාගන්න තිබුණා. කමක් නෑ මෙහෙම මැරුණාවේ මෙහේම වැළලුණාවේ..
එක රටක්.. එක් නීතියක් කියන්නේ මෙහෙම වෙන්න ඇති.. රටවිරුවන් කියන්නේ යුරෝපයේ අය විතරයි කියලා ඡන්දෙට කලින් කිව්වා නම් ඉවරයිනේ.. ඉක්මනින්ම ඡන්දෙ තියන්න අනේ.. නැත්නම් ආයේ අධිරාජ්‍යවාදීන්, එන්.ජී.ඕ කාරයන් එහෙම ඇවිත් රට අල්ලා ගන්න පුලුවන්නේ. මතක ඇතුව නාමල් කුමාරවත් ඉක්මනට රඟපාන්න අරගන්න. මේ දවස්වල වෙන වැඩත් නැතුව ඇත්තේ..
ගණන් ගන්න එපා. ඔය තියාගෙන ඉන්නේ ඡන්දෙ ළංවෙනකොට බිස්නස් ක්ලාස් එකේ ගෙනැල්ලා මල්මාලා දාලා පෙරහරේ ඡන්දෙ දාන්ට අරන් යන්න...
නාමල් කුමාරයාද? නාමල් කුමාරද?
හිත තලාගන්න එපා.. ඡන්දෙ කිට්ටු වෙලා ඔය අයව තාවකාලිකව ගෙන්න ගන්නම්... අපිට අවශ්‍ය වන්නේ මුදල් පමණයි. ඔබලා රටවිරුවෝ...
බලාගෙන යනකොට මේගොල්ලන් ගේන්නේ ඔක්කොම හොඳ රටවල් වල ඉන්න මිනිස්සු. එ් මිනිස්සුන්ට එහෙ ඉන්න අමාරුකමක් නෑ.. මැදපෙරදිග රටවල වගේම ඊජිප්තුවේත් ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්නවා... ලංකාවට වන්න බලාගෙන... මොකද ඒ රටවල් ඒ මිනිස්සුන්ට සලකන්නේ වත් නෑ...
වැඩි වැඩියෙන් මුදල් යවන්න ආණ්ඩුව අමාරුවෙන් ගෙනියන්න... බයවෙන්න එපා මැරෙන්න කළින් ගන්නම්...
බයියන්ව වැඩක් නැහැ.. දැන් ඔවුන්ගේ පැලැන්තියේ ටිෂූ වලින් පිහින අයට තමයි පළමු තැන...
ශිෂ්‍යත්වෙටයි, පුහුණුවටයි... අරකටයි, මේකටයි මහජන මුදලින් රට ගිහින් කටිටි පැන පැන හිටපු ඔස්තාර්ලාත් එනවද?
දුප්පත් මනුස්සයාට රටට ඇවිත් නිදහසේ හුස්ම ටිකක් අරන් ජීවත්වෙන්න ඉඩක් නැහැ. සේරම වරප්‍රසාද පොහොසත් ලොකු පැලැන්තියේ මනුෂ්‍යයාට පමණි.. මෙහෙම ගියොත් අපටත් සිද්ද වෙන්නේ කොරෝනා පැත්තකින් තියලා ඇමරිකාවේ වගේ නිදහස සහ සමානාත්මතාවය ඉල්ලා ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න...
දුප්පත් පැළැන්තිය වෙනුවෙන් පෙනී සිටින බව කියන වාසු, ගම්මන්පිල , විමල් වැනි දේශපාලකයෝ එක් අයෙක්වත් මේ ගැන කට හොල්ලන්නේ නැ ඔවුන්ට රට විරුවෝ මතක් වෙන්නේ , එංගලන්තේ ඉන්න මිනිස්සු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයන් ලෙස පෙනෙන්නේ චන්දේ කිට්ටුවෙනකොට.
BIA නන්දිකඩාල් වගේ... අායෙත් ගුල්ෆ් මිනිස්සුන්ට ප්‍රභාකරන්ලා බිහිවෙලා...
ජරාම ආණ්ඩුවක්. මැදපෙරදිග අය ගණන් ගන්නෙම නෑ. සල්ලි විතරයි ඕනේ.
තවමත් අර අඟහරු ලෝකේ ඇඳුම ඇඳගෙන ටී-56 අතදරාගෙනද? මේ බයේ පැනලා යන අයව කටුනායකදී පිළිගන්නේ? අපිව ගන්න මිලානෝ එනකල් තවමත් ජනේලෙන් අහස දිහා බලාගෙන ඉන්නේ....! මතක ඇතුව එන්න හොඳේ...!
අපරදිග දිගයිලු මැදපෙර දිගට වඩා, එංගලන්තේ ඉඳල එන්නේ, ළමා ලපටි, නෑදෑයෝ. මැදපෙරදිගින් එන්නේ ඒකාලේ උන්ට ඉස්සර කඩේ ගියවුන්, උන්ගේ ළමයි බලාගත්තු උන්, වාහනේ එලවපු අය කියලා, මොවුන්ගේ අය කියන්නේ... ඡන්දෙ පටන්ගන්නකොට හද පත්ලෙම්ම ආදරය පෙරෙන්න පටන් ගනීවි...
මෙහෙම අමාරු වෙලාවකවත් පිහිට වෙන්න බැරිනම් මැදපෙරදිග යන මිනිස්සුන්ගෙන් මුදල් අයකරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රක්ෂණය කරන්නේ මොන කෙහෙල් මලකටද දන්නේ නැහැ. හරිනම් මේවට විරුද්ධව අතරමන් වෙලා ඉන්න මිනිස්සුන්ගේ නෑයෝ රජයට විරුද්ධව නඩු පවරන්න ඕනේ.. කමක් නැහැ. හෙට, අනිද්දා ඡන්දයකුත් එනවනේ.., අසාධාරණයට ලක්වෙලා අතරමන් වෙලා ඉන්න මිනිසුන්න්ගේ නෑදෑයන්, හිතවතුන් ලංකාවේ ඉන්නවනේ... හිතලා බලලා හොඳ තීරණයක් ගන්න. මේ කැබිනට් එකේ ඉන්න පරණ ඔළුගෙඩි ටික නියෝජනය කරන්නේ රටේ ධනවත්, බලවත් ඉහළ පැලැන්තියේ පුද්ගලයින් පමණි. ඔවුන්ට පීඩිත පන්තිය, රටවිරුවන් මතක්වෙන්නේ..., කම්කරුවන්ගේ දිනයට සහ ඡන්දයකට කලින් පමණි..
දැන් හොඳට පේනවා මෙයාලගෙ රංගනය. කන කොකාගේ සුද පේන්න ඉගිලෙන්නම ඕනෙලු. දැන් රට විරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල අයට තේරෙන්න ඕනෙ. සැපද?