IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස්

(විනීතා එම් ගමගේ)
 
පාසල් නැවත
පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
 
එමෙන්ම කෙටිකාලිනව ඇති වූ උණ කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම හා උගුරේ ආසාදන ඇති දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බවට මව්පියන් සහ පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් ද දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
 
ඉකුත් දින 14 දී නව කොරෝනා ආසාදනයපිළිබඳ සැක සහිත හෝ තහවුරු කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක දරුවෙකු නම් හෝ කොරෝනා ආසාදනයට ඇති අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර ඇති පවුලක දරුවෙකු නම් පාසලට එවීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන මෙන් ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.
 
සෑම විටම අවශ්‍ය දුර ප්‍රමාණය තබාගනිමින් ක්‍රිියා කිරීමට ද හැකිතාක් පුද්ගලික ගමනාගමන ක්‍රම අනුගමනය කරන්නේ නම් පුද්ගල දුරස්ථභාවය පිළිබඳ සැළකිළිමත් වීම පා ගමනින් පැමිණිය හැකි දුරක් නම් ඒ සඳහා යොමුවීමේ වටිනාකම් පිළිබඳව මෙන්ම පාපැදි භාවිතයේ වටිනාකම පිළිබඳව මව්පියන් දැනුවත් කරන මෙන් අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලද චක්‍රලේඛයේ සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් කර තිබේ.
 
මුඛ ආවරණ පළඳවා පාසලට එවීම නිසි ලෙස මුඛ ආවරණ පැළඳවීම, නැවත භාවිතා කරන මුඛ ආවරණ නම් ඒවා පිරිසිදු කර දීම හා සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ද ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම ද පිළිබඳව මව්පිය අවධානය යොමු කරන ලෙස එමගින් උපදෙස් දී ඇත.

පාසලට එනවිට දෛනිකව සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් ඇඟළුම් ඇඟලා එවීම, නිවසට පැමිණි පසු පාවහන් ගලවා අව්වේ වේලා ගැනීම, නිවසට පැමිණි වහා අත් සෝදා ගැනීමට හුරු කිරීම, අත් ඔරලෝසු වැනි ආභරණ පැළඳීමෙන් වැළකීම නිවසට පැමිණි පසු පොත් බෑගය අව්වේ තැබීම හෝ හැකිනම් විෂබීජ නාශක වලින් පිරිසිදු කිරීම ද ඇඳුම් ඇඟළුම් සබන් දියරයක ගිල්වා තබා සෝදා දැමීම ද නිවසට පැමිණි පසු පවුලේ අන් අය  හා සම්බන්ධ වීමට පෙර ඇඟ සෝදා ගැනීම හෝ නා ගැනීමට  ද දරුවන් හුරු කරවන මෙන් මව්පියන්ට එම දන්වන්නැයි එහි සඳහන් වේ. 



අදහස් (2)

ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස්

සත්‍යපාල - මාතර Saturday, 13 June 2020 04:58 AM

දරුවන් විතරක් නොවෙයි, කැස්ස උණ හෙම්බිරිස්සාව වැනි සෙම රෝග තියෙන අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවලිනුත් ඒ ඉල්ලීම කරන්න. කාලයක් තිස්සේ සෙමට හෙම්බිරිස්සාවට කැස්සට බෙහෙත් ගත්ත අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වෛද්‍ය වාර්තා සැලකිල්ලකට ගෙන ඒ අයගෙනුත් සමාජය බේරා ගන්න වැඩ කරන්න. නැත්නම් පඩි කැපනෙවට බයේ කොරෝනා තිබුණත් සේවයට වාර්තා කරාවි.

:       0       12

Suga Sunday, 14 June 2020 03:53 AM

ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් ඉගෙන ගන්න අවශ්‍ය නැද්ද? මේ ළමයින්ගේ වරදක් නෙමේ ප්‍රතිශක්ති ඌනතා තත්වය ඇතිවන එක. ළමයින්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න පුළුවන්. බුද්ධිමත්ව හිතලා, තව මාස කීපයක් මේ විදියට ඉඳලා පසුව පාසල් පටන් ගමු. හැම ළමයෙකුටම අධ්‍යාපනය හැදෑරීමේ අයිතියක් තියෙනවා.

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site