(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් අද (13 )දින දහවල් 11.36 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඔවුන් මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .
එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබුණි.
එසේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබුණහොත් , ඔවුන් අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට කාට හෝ නිවෙස් වලට යාමට ලැබීම සතුටට කරුණකි. නමුත් මව්රටට යෑමට දැඩි අවශ්‍යතා ඇති ගැබිනි මව්වරුන්, රැකියා සහ නවාතැන් අහිමි වූවන්, කාන්තාවන් ඇතුළු බොහෝ පිරිසක් තවමත් ඊට අවස්ථාව ලැබෙන තුරු බලාඉන්නා අතර කිසිම ක්‍රමවේදයකින් තොරව තානාපති කාර්යාල නිලධාරීන්ගේ හිතවතුන්ට මූලිකත්වය ලබාදෙමින් සිදුකරනා මේ පුද්ගලයන් තෝරා ගැනීම තරයේ හෙලා දකිමි. කරුණාකර දැඩි අවශ්‍යතා ඇති අයට මූලිකත්වය දෙන්න.
ලාල් කාන්ත... මෙන්න ඇවිත් මේ මිනිසුන්ව භාරගනියෝ, දුන්නු පොර ටෝක් විදියට වැඩ පෙන්නපියෝ....!!!
පිටරටින් ගෙන්වන අය සියලු නිරෝධායන නීතිරීති වලට යටත්ව තබාගෙන, අවශ්‍ය අයට ප්‍රතිකාරද කොට සමාජයට මුදාහැරීම යහපත් දෙයක්... මෑතකදී බාහිර සමාජයෙන් ආසාධිතයන් හමුවුනේ නැහැ. එය ලොකු ප්‍රවණතාවක්. ඒත්, පරිස්සම තවදුරටත් තබාගැනීම ඉතාමත්ම වැදගත්... කෙසේ වෙතත්, තොණ්ඩමන් අවමඟුල හා පෙරටුගාමීන්ගේ වැඩේ නිසා රජය ලකුණු අඩුකර ගත්තා. අපට දේශපාලනයක් ගැන ඒ තරම් වැදගත් අවශ්‍යතාවක් නැහැ. ඒත්, රජයේ සිටින ඇතැම් දෙනා ළඟ සිතා වැඩ නොකොට දුරදිග බලා කටයුතු කළහොත්, ඔවුන්ට මහජන ප්‍රසාදය වැඩිවේවි. ඡන්ද වැඩිවේවි..