(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක් පමණ මෙරටට පැමිණීමට සූදානමින් ලියාපදිංචිවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ගිය සතියේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ ඇයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.
ඔවුන් සියලු දෙනාම ලංකාවට එනු ඇතැයි අපේක්ෂා නොකරන බව කී හෙතෙම ඉන් අඩක් පමණ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කීවේය .
නිරෝධායන මධ්‍යස්ථාන වල සහ රෝහල් වල ධාරිතාව අනුව දිනක් හැර දිනක් වශයෙන් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හඳුනාගනු ලැබුවේ කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් යන රටවලින් පැමිණි පිරිස් අතරින් යැයියි ද ඔහු කීවේය.
කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී ඇතැයි ද ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 7000ට බ්‍රේක්ඩවුන් එකක් දෙන්න බැරිද? 1. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී සහ ඇමැතිවරුන්ගේ දූපුතුන් ගණන, 2. ආණ්ඩුව නියෝජනය කරන නිලධාරින්ගේ පිරිස, 3. ආණ්ඩුවට පසුගිය කාලේ කඩේ ගිය සහ දැනට කඩේ යන ඔවුන්ගේ දූ දරුවන් ගණන, 4. අහිංසක ජනතාව මොනවත් කරගන්න බැරි අය, කීයද කියන්න...
ලොකු ලොකු අය විතරක්?
විශ්වාස කරන්න අමාරුයි... මෙයා හෝ ගාලා ආණ්ඩුවට කඩේ යනවා..
අනික් අයගේ බොරු කියන්න එපා. උගත්කමටත් ලැජ්ජයි. මිනිස්සු 7000ක් එන්න ප්ලේන් 250ක් වත් එන්න ඕනේ අඩුම තරමේ. බොසා අපි වැඩ කරන්නේ එයාර්පෝර්ට් එකේ... හොරෙන්ම ගෝල් ෆේස් එකේ බෑවාද දන්නේ නෑ..
අපිට වැදගත් වෙන්නේ ඇත්තම දුක්වින්ද අහිංසක මිනිස්සු ගෙන්නන වී.අයි.පී. නෙවෙයි. හැබැයි ආණ්ඩුව තාමත් ප්ලෑන් කරනවා... මීඩියාවල ගෙන්න ගන්න...මෙයා කඩේ යනවා ආණ්ඩුවට ලබන ඡන්දෙට... කඩේ යන්න අහිංසක මිනිස්සුන්ට...
අහිංසක මැදපෙරදිග කට්ටිය දවස ගානෙ මැරෙනවා.
ඔය 7000 මහජනතාව වෙන්න ඇති..
ආණ්ඩුවට බර දාලා කඩේ යනවා... රටේ කරුමේ...
ඔය තවම ගෙන්නන්නේ VIP ලා. ඒ අතර 3-4 විතර සමාන්‍ය අය ගෙනැල්ලා මාධ්‍යයට පෙන්නනවා. රටම අන්දනවා. පවු අර කුවේට් වැඩට ගිය මිනිස්සු.
මමත් ඉල්ලුවා ලංකාවට යන්න. ඒත් මට තවම ලංකාවට යන්න බැරි වුණා. ඇයි අපි කලුද? අපි ලංකාවේ පුරවැසියන් නොවේද? අපි එවන්නේ ඩොලර් නොවේද?
කරුණාකර මේ මැදපෙරදිග ඉන්න දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාව රැගෙන එන්න ක්‍රමවේදයක් සලසන්න ඔබලාට පින් අයිතිවෙයි.
මොන බොරුද? මැදපෙරදිග රටවිරුවන් (ඒ ජනාධිපතිවරණය සමයේ ඒත් දැන් බෝම්බ) ඉතාමත් දුක්ඛිත තත්වයකට පත්වෙලා. ඔවුන්ට රැකියාවක් නෑ ආහාරපාන හිඟයි. ඒත් දැනට ගෙන්වාගෙන ඇත්තේ මැදපෙරදිග නොවන අය බව පැහැදිලියි. අපට දිනපතාම එකක් හෝ දෙකක් ශ්‍රී ලාංකික මරණයක් අහන්නට ලැබෙනවා. ප්‍රශ්නය ඒ මේ රටවලම භූමදාන කරන නිසා ලංකාවේ බලධාරීන්ට පේන්නේ නැතිකමයි. අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට කෙලින්ම මැදිහත්වීම ඉතා වැදගත්...
7000 න් 5000ක් vip ලොක්කොයි ඔවුන්ගේ දරුවොයි. ගෝඨාට ඡන්දේ දාන්නත් 40000ක් විතර ආවා. එහෙම දාන්න ගිය අයට සැපද? කියලා තමයි අහන්න තියෙන්නේ...
මෙයා නිකන්ම පචවෙලා ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන්න ගිහින්...
කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියන්න. මොකද්ද ලොක්කා ඔය කොන්ද පණ නැති ජීවිතේ?