IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන්

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වසංගතය හමුවේ මෙරටට ගෙන්වා ගන්නයි ඉල්ලා  ඇති විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් 7000ක් පමණ මේ වනවිට ගෙන්වාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් හතළිස් දහසක් පමණ මෙරටට පැමිණීමට සූදානමින් ලියාපදිංචිවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ගිය සතියේ මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී දැනුම් දුන්නේ ඇයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඔවුන් සියලු දෙනාම ලංකාවට එනු ඇතැයි අපේක්ෂා නොකරන බව කී හෙතෙම ඉන් අඩක් පමණ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව කීවේය .

නිරෝධායන මධ්‍යස්ථාන වල සහ රෝහල් වල ධාරිතාව අනුව දිනක් හැර දිනක් වශයෙන් ඔවුන් ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත වැඩ පිළිවෙළක් සකස් කර ඇතැයි ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මෙරටට ගෙන්වා ගත් පිරිසෙන් කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හඳුනාගනු ලැබුවේ කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් යන රටවලින් පැමිණි පිරිස් අතරින් යැයියි ද ඔහු කීවේය.

කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී ඇතැයි ද ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (15)

විදෙස්ගත වී සිටි ලාංකිකයින් 7000 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන්වා අවසන්

pradeepa Sunday, 14 June 2020 02:08 PM

ඔය 7000ට බ්‍රේක්ඩවුන් එකක් දෙන්න බැරිද? 1. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී සහ ඇමැතිවරුන්ගේ දූපුතුන් ගණන, 2. ආණ්ඩුව නියෝජනය කරන නිලධාරින්ගේ පිරිස, 3. ආණ්ඩුවට පසුගිය කාලේ කඩේ ගිය සහ දැනට කඩේ යන ඔවුන්ගේ දූ දරුවන් ගණන, 4. අහිංසක ජනතාව මොනවත් කරගන්න බැරි අය, කීයද කියන්න...

:       583       1571

Kuma Sunday, 14 June 2020 02:27 PM

ලොකු ලොකු අය විතරක්?

:       278       400

sena Sunday, 14 June 2020 02:31 PM

විශ්වාස කරන්න අමාරුයි... මෙයා හෝ ගාලා ආණ්ඩුවට කඩේ යනවා..

:       380       1059

Kap Sunday, 14 June 2020 03:44 PM

අනික් අයගේ බොරු කියන්න එපා. උගත්කමටත් ලැජ්ජයි. මිනිස්සු 7000ක් එන්න ප්ලේන් 250ක් වත් එන්න ඕනේ අඩුම තරමේ. බොසා අපි වැඩ කරන්නේ එයාර්පෝර්ට් එකේ... හොරෙන්ම ගෝල් ෆේස් එකේ බෑවාද දන්නේ නෑ..

:       2       4

Rohith Sunday, 14 June 2020 04:57 PM

අපිට වැදගත් වෙන්නේ ඇත්තම දුක්වින්ද අහිංසක මිනිස්සු ගෙන්නන වී.අයි.පී. නෙවෙයි. හැබැයි ආණ්ඩුව තාමත් ප්ලෑන් කරනවා... මීඩියාවල ගෙන්න ගන්න...මෙයා කඩේ යනවා ආණ්ඩුවට ලබන ඡන්දෙට... කඩේ යන්න අහිංසක මිනිස්සුන්ට...

:       0       17

Mr. Don Sunday, 14 June 2020 05:59 PM

අහිංසක මැදපෙරදිග කට්ටිය දවස ගානෙ මැරෙනවා.

:       0       12

Prabha Sunday, 14 June 2020 06:15 PM

ඔය 7000 මහජනතාව වෙන්න ඇති..

:       0       4

isuru Sunday, 14 June 2020 06:40 PM

ආණ්ඩුවට බර දාලා කඩේ යනවා... රටේ කරුමේ...

:       0       28

Jayantha Monday, 15 June 2020 02:36 AM

ඔය තවම ගෙන්නන්නේ VIP ලා. ඒ අතර 3-4 විතර සමාන්‍ය අය ගෙනැල්ලා මාධ්‍යයට පෙන්නනවා. රටම අන්දනවා. පවු අර කුවේට් වැඩට ගිය මිනිස්සු.

:       0       113

rama Monday, 15 June 2020 03:55 AM

මමත් ඉල්ලුවා ලංකාවට යන්න. ඒත් මට තවම ලංකාවට යන්න බැරි වුණා. ඇයි අපි කලුද? අපි ලංකාවේ පුරවැසියන් නොවේද? අපි එවන්නේ ඩොලර් නොවේද?

:       0       18

liyanage Monday, 15 June 2020 04:15 AM

කරුණාකර මේ මැදපෙරදිග ඉන්න දරුවෝ ලැබෙන්න ඉන්න අම්මලාව රැගෙන එන්න ක්‍රමවේදයක් සලසන්න ඔබලාට පින් අයිතිවෙයි.

:       0       4

ගාමිණි---කුවෙයිට් සිට Monday, 15 June 2020 04:17 AM

මොන බොරුද? මැදපෙරදිග රටවිරුවන් (ඒ ජනාධිපතිවරණය සමයේ ඒත් දැන් බෝම්බ) ඉතාමත් දුක්ඛිත තත්වයකට පත්වෙලා. ඔවුන්ට රැකියාවක් නෑ ආහාරපාන හිඟයි. ඒත් දැනට ගෙන්වාගෙන ඇත්තේ මැදපෙරදිග නොවන අය බව පැහැදිලියි. අපට දිනපතාම එකක් හෝ දෙකක් ශ්‍රී ලාංකික මරණයක් අහන්නට ලැබෙනවා. ප්‍රශ්නය ඒ මේ රටවලම භූමදාන කරන නිසා ලංකාවේ බලධාරීන්ට පේන්නේ නැතිකමයි. අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට කෙලින්ම මැදිහත්වීම ඉතා වැදගත්...

:       2       154

Bishan Monday, 15 June 2020 06:57 AM

7000 න් 5000ක් vip ලොක්කොයි ඔවුන්ගේ දරුවොයි. ගෝඨාට ඡන්දේ දාන්නත් 40000ක් විතර ආවා. එහෙම දාන්න ගිය අයට සැපද? කියලා තමයි අහන්න තියෙන්නේ...

:       0       48

juli Tuesday, 16 June 2020 12:55 PM

මෙයා නිකන්ම පචවෙලා ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන්න ගිහින්...

:       0       2

Kuma Tuesday, 16 June 2020 05:02 PM

කොන්ද කෙලින් තියාගෙන ඇත්ත කියන්න. මොකද්ද ලොක්කා ඔය කොන්ද පණ නැති ජීවිතේ?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site