IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )

මීට දින 8 කට පෙරදී මීගහතැන්න පැලවත්ත ඇළෙහි පාවෙමින් තිබියදී හමු වූ කාන්තාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වල දී හමුදාවෙන් පලාගිය සෙබලෙක් අද අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ  ඒකකය කියයි.
 
 මෙලෙස ඝාතනය වූයේ 49 හැවිරිදි කාන්තාවකි.
 
 ගෙල තද කිරීම සඳහා යොදා ගත් වයරයක් පොලිසිය මගින් සොයාගෙන ඇත 
 
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව එම කාන්තාව පැලද සිටි රන් මාලය සහ කරාබු යුගලය සොයා ගැනීම සදහා තව දුරටත් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි .
 



අදහස් (7)

කාන්තා ඝාතනයකට හිටපු යුද හමුදා සෙබළෙක් අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 June 2020 06:17 AM

හමුදාවෙන් පැනගොස් අපරාධ කරනා, එමෙන්ම කුඩුරජුන් හා එකතුවන, පාතාලයට බැඳෙන අපරාධ කරුවන්ට අවි පුහුණුව ලැබී ඇත්තේ හමුදා මගින්ම නොවේද? එහෙත්, එසේ පැනගිය වුන් අල්ලා ගැනීමේ සාර්ථක ක්‍රමවේදයක් රටපුරා ඇති කිරීමට හමුදා බලධාරීන් කටයුතු නොකරන්නේ මන්ද යන්න මහා වීමතියට කරුණකි. මෙවැනි අපරාධ කරුවන්ට හමුදා මගින් පුහුණුව ලැබී තිබීම මහා ව්‍යසනයක් නේද?

:       3       276

ranaTuesday, 09 June 2020 06:31 AM

ඔය අපේ රණවිරු සංකල්පයේ අතුරු ඵලයක් නේද?

:       4       112

PrabhaTuesday, 09 June 2020 01:23 PM

හමුදාව අපරාද කිරීමට පුහුණු කිරීම නොව හමුදා පුහුණුව අපරාධ සඳහා යොදාගැනීමයි මේ සිද්ද වෙන්නේ. ලෝකයේ වෙනත් රටවලත් අපරාධ කල්ලිවලින් හිටපු සෙබලුන්ට තිබෙන ඉල්ලුම ගොඩක් ඉහළයි.

:       0       2

සපුමල්.Wednesday, 10 June 2020 06:15 AM

යමක් හරිහැටි කියවා තේරුම් ගන්න. නිකං ලියන්නන් වාලේ ලියා අදහස් විකෘති කරන්නට එපා. කව්ද කිව්වේ හමුදාව අපරාධ කිරීමට පුහුණු කරනවා කියා. ඒ නිසා නොතේරෙන දේ විග්‍රහ නොකර තමන්ගේ අදහස වෙනම දක්වන්න. උගන්වන්න කලින් තමන් කියවා වටහා ගන්න. එය ඉතා වැදගත්.

:       0       107

Gamage Tuesday, 09 June 2020 07:10 AM

අපේ විරුවන් මේ. රට, ජාතිය, ආගම බේරගත්ත විරුවන් මේ ඉන්නේ... අපේ ගම්මන්පිල මහත්තයා කිව්වා වගේ අපේ විරුවන්ට අත තියන්න එපා... අපි තමයි නියම දේශප්‍රේමියෝ. අපේ විරුවන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අපි දේශප්‍රේමියෝ...

:       423       344

SamanTuesday, 09 June 2020 08:34 AM

ඔයාගේ සිහි බුද්ධිය හොඳයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්නකෝ...

:       53       22

බයියා Tuesday, 09 June 2020 07:56 AM

අපේ ආණ්ඩුව නිසා කැමති දෙයක් කළාට අවුලක් නෑ. හැබැයි යහපාලනේ කාලේ වගේ නම් රණවිරුවාට අත තියන්න දෙන්නේ නෑ. පාරට බැහැලා හැම මුස්ලිම් දෙමළ කඩටික කඩනවා. අපි එහෙමයි...

:       315       351

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site