අනීෂා මානගේ
ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ අද(14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු කියති.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.
ඇඳිරිනීතිය පැවැති කාලයේදී ධාවනය කළ මෙම සුඛෝපබෝගී මෝටර් රථය තංගල්ල ප්‍රදේශයේදී නවත්වන ලෙස පොලිස් නිලධාරින් අණකර ඇති අතර එම රථය පොලිස් අණනොතකා ධාවනය කර ඇතැයි නිලධාරිහු කියති.
පසුව මෙම රථය හුංගම බටඅත ප්‍රදේශයේදී නවතන ලෙස පොලිසිය විසින් අණකළද එම ස්ථානයේදීද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර අළුයම 12.40ට පමණ නෝනාගම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වී ඇත. අත්අඩංගුවට පත්වන විට මෝටර් රථයේ රියැදුරු බීමතින් සිටි බවට තහවුරු වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇඳිරිනීතිය කඩ කිරීම, බීමතින් රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා අනුව සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හුංගම පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුවටම තිබ්බේ නැත්තේ ඇයි?
ඇයි වෙඩි තිබ්බේ නැත්තේ...? ඔහොම එවුන්ට වෙඩි තියන්න ඕනෑ. දේශපාලුවෙක්වත්ද? නැතිනම් කුඩු මුදලාලියෙක්ද? සාමාන්‍ය කෙනෙක් වෙන්න බැහැ. සාමාන්‍ය කෙනෙක් නම් වෙඩි තියනවනේ. ඔය කාකි කෝට් කාරයින් දේශපාලුවන්ට බයයි.
සත්‍ය වශයෙන්ම බීමත්ව රිය පැදවූයේ දේශපාලකයෙක් විය හැකිය. ඒ හින්දා වෙන්නැති නිදහස් කරන්නට ඇත්තේ...
පෙරේරා මහත්මයා මගේ හැඟීම ඔබතුමා හරි... ඕකට එකපාරම RPG ගහන්න යන්න අවශ්‍ය නෑ. අනික් කරුණු ඔය වැරදි කීපයක් කරලා අහු වුනේ පාන්දර යාමේ.., උදේ වෙනකොට ඇපත්දීල මීඩියා එකටත් ගිහිල්ලා...