‘පක්ෂයේ බලය රැකගන්න ණය වී මැති ඇමැතිවරුන්ට වාහන දුන්නා’ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ පිරිහී යන බලය රැක ගැනීමට විශාල වශයෙන් ණය වී මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට අලුතින් වාහන ලබා දුන් බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පැවසීය. 10 February 2020
‘කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමන්ට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය අහිමි කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි. 09 February 2020
ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා’ ගෙන්වන්න යයි ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා නම් බැක්ටීරියාවක් පරිසරයට මුදා හැරීමට වසංගත රෝග විද්‍යා ඒකකය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 09 February 2020
රිය අනතුරින් 4ක් මරුට මහනුවර මැණික්හින්න මල්පාත ප්‍රදේශයේදී අද (08) සිදුවූ රියඅනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබේ. අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. 08 February 2020
සතොස හාල් කිලෝ ලක්ෂ 4 ක් සත්ත්ව ආහාරවලට සතොස ගබඩාවල තිබූ සහල් කිලෝ 410,484 ක් සත්ත්ව ආහාරවලට වෙන් කිරීමට සිදුව ඇතැයි සතොස ආයතනයේ ප්‍රධානියෙකු පැවසීය. 07 February 2020
රන්ජන් හඬ පරීක්ෂණයකට රැගෙන එයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සදහා අද (7) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ආණ්ඩුවේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය. 07 February 2020
ණයට දුන් කෝටි 8,000 අයකර ගන්න බැරිව ලංකා බැංකුව අසරණ වෙයි යහපාලන රජය සමයේ දේශපාලනඥයින් ඇතුළු විවිධ ප්‍රද්ගලයින් සඳහා ලංකා බැංකුව රුපියල් කෝටි 8,000 ක ණය මුදලක් නිකුත් කර ඇතැයිද , මේ වන විට එම ණය මුදල් අය කර ගැනීමට නොහැකිව කල් ඉකුත් වූ අංශයට මාරු කර ඇතැයිද ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ මහතා පැවසීය. 06 February 2020
කපිල චන්ද්‍රසේන-බිරිඳ කොටුව අධිකරණයට අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී. 06 February 2020
කපිල චන්ද්‍රසේන - බිරිඳ අත්අඩංගුවට ශ්‍රීලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. 06 February 2020
ලංවීමට ඉන්ධන දීමේ ණය සීමාව වැඩි කරයි ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 05 February 2020
පුජිත්ට-හේමසිරිට ඇප හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණය අද (05) ඇප ලබා දුන්නේය. 05 February 2020
වූහාන් ගිය ගුවන් සේවකයෝ දිරි දීමනා ප්‍රතික්ෂේප කරති කොරෝනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප්‍රතික්ෂේප කර තිබේ. 04 February 2020
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරීගේ-බිරිඳගේ බැංකු ගිණුම් ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10 ක් මිලදීගැනීමේදී ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබාගන්නා ලදැයිද මුදල් විශූද්ධිකරණය කරන ලදැයිද කියන සිද්ධීන්වලට සම්බන්ධ බව කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ හා ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වලින් ආරම්භ කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර ලබාගෙන පරීක්ෂණ කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය. 04 February 2020
‘අන්තවාදයට යළි හිස ඔසවන්න දෙන්නේ නැහැ‘ ත්රස්තවාදයට මග පාදන අන්තවාදයට යළි කිසිදු දිනක ශ්‍රී ලංකාවේ හිස ඔසවන්න ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවසීය. 04 February 2020
නිදහස් දින උළෙල ඇරැඹේ ශ්‍රී ලංකාවේ 72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ විය. 04 February 2020
72වැනි නිදහස් සැමරුම නිදහස් චතුරස්රයේදී ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම් උත්සවය අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්රයේදී දී අද(4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. 04 February 2020
ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී-බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ නයෝමි විජේනායක යන අය මුල්‍ය විශුද්ධිකරණ චෝදනාව යටතේ වරෙන්තුවක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ. 03 February 2020
හිටපු ජනපති වගඋත්තරකරුවෙක් වෙයි තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අහෝසි කර යළි එම ධූරයේ පිහිටුවන ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) පෙත්සම්කරුට අවසර ලබා දුන්නේය. 03 February 2020
කෝටි 152 කට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල නීති විරෝධී එකක් ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් පෞද්ගලික ගොඩනැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බව අනාවරණය වී තිබේ. 02 February 2020
කොරෝනා වයිරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වෙලා චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් මාරාන්තික කොරෝනා වයිරසය 75,000කට වැඩි පිරිසකට ආසාදනය වී ඇතැයි නව පර්යේෂණ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 02 February 2020
ගුවන් යානා මිලට ගැනීමේ දී වූ අක්‍රමිකතා ගැන සොයන්නැයි ජනපතිගෙන් නියෝග ගුවන් යානා මිලට ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර සිදුවූ ගනුදෙනුවේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට නියෝග කර ඇත. 02 February 2020
චීනයේ සිට පැමිණි 141 ක් ගෙදර යවති චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළට ඊයේ (1) සහ අද (2) අලුයම පැමිණ තිබේ . 02 February 2020
වූහාන්වල සිටි සිසුහු 33දෙනා මත්තලට චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය. ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය. 01 February 2020
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වූහාන් යයි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය . 31 January 2020
‘කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට සජිත් එකඟ වුණා’ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. 31 January 2020
එජාප පිල් දෙක දෙපැත්තට අදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය තවත් උග්‍රවී ඇති අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිල සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද වර්ජනය කළේය. 31 January 2020
අගමැති අපේක්ෂකත්වය-සන්ධාන නායකත්වය සජිත්ට ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) තීරණය කළේය. 30 January 2020
වෝහාරික විගණන වාර්තා සියල්ල පාර්ලිමේන්තුවට දී අවසන් ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනවලට අදාළ සියලූම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (30) පැවැසීය. 30 January 2020
එජාප කෘත්‍යාධිකාරියෙන් ෆොන්සේකා අජිත් ඉවතට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ. 30 January 2020
වාස්ට බන්ධනාගාර නිලධාරින් පහර දුන්නැයි පැමිණිල්ලක් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 29 January 2020
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026