IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වරාය සේවකයෝ වර්ජනයකට සැරසෙති

(විනීතා එම් ගමගේ, මහින්ද නිශ්ශංක)
 
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා ගෙන්වා ඇති ග්‍රැන්ටි දොඹකර තුන ඉදිරි  පැය විසිහතර ඇතුළත සවිකිරීම් ආරම්භ නොකලහොත් ජුලි පළමුවැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වරායේ වෘත්තිය සමිති කියයි.
 

වරාය අධිකාරිය එකී දොඹකර සවිකොට නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ නොකරන්නේ විදේශ බලපෑමක් මත බවත් වහා මෙහෙයුම් ආරම්භ කරන්නට කටයුතු නොකලහොත් පළමුවැනිදා සිට වර්ජනය කරන්නට සියලු වෘත්තිය සමිති එක්ව තීරණය කළ බවත් ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා ලංකාදීපයට පැවැසීය.

 
ඉකුත් විසි වැනිදා ගෙන්වන ලද එම දොඹකර මේ වනතෙක් සවි කර නොමැති අතර දොඹකර සවිකරන තෙක් දිනපතා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 90 බැගින් ගෙවීමට වරාය අධිකාරියට සිදුවී තිබේ.
 
දොඹකර සවිකිරීම සඳහා ගෙන්වූ ග්‍රැන්ටි දොඹකර තුන පර්යන්ත ගත කිරීම ප්‍රමාද කරමින් තිබෙන බව පෙන්වා දෙන එම සංගමය වහා මෙම ප්‍රශ්නය සඳහා මැදිහත්වීමක් සිදුකරන්නැයි ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බව  කලුතරගේ මහතා කීය.
 
ශ්‍රී  ලංකා වරාය අධිකාරිය සතු ගැඹුරින් වැඩි විශාල නෞකා මෙහෙයවිය හැකි එකම පර්යන්තය පුද්ගලීකරණයට පිඹුරුපත් සකස් කෙරුණේ පසුගිය රජය සමයේ  බවත් මේ සම්බන්ධව මුල සිට වෘත්තිය සමිති  විරෝධය පළ කළ බවත් පැවසූ සේවක සංගම් සභාපතිවරයා මේ වෙනුවෙන් තවදුරටත් පමා විය නොහැකි යැයි ද කියා සිටියේය. 
යම් විසදුමකට පැමිණීමට දින දෙකක් කල් දෙන ලෙස වරාය පාලනාධිකාරිය වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කර ඇති බැවින් කල් දී බැලූ බවත් ඉදිරි පැය විසිහතර පමණක් මේ වෙනුවෙන් බලා සිටින්නට තම සාමාජිකත්වය බලකර සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
 
 වෘත්තිය සමිති යම් ධනාත්මක විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ඔහු එසේ වුවත් කිසිදු විදේශ රටකට නැගෙනහිර පර්යන්තය පවරා දීමට වෘත්තිය සමිති ඉඩක් නොතබන බව ද සඳහන් කළේය.
 
 නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු  වරාය අධිකාරිය යටතේ ආරම්භ කරන මෙන් ඉල්ලා වරායේ සේවකයෝ ඉකුත් වසර පහ තිස්සේ ම අරගල කරන බව ද ඔහු කියා සිටියේය. 
 
 



අදහස් (4)

වරාය සේවකයෝ වර්ජනයකට සැරසෙති

rama Monday, 29 June 2020 11:38 AM

ඇයි ගිය ආණ්ඩුව කාලේ වර්ජනය කරන්න බය හිතුණද?

:       1       1

Wimalg Monday, 29 June 2020 02:50 PM

මේ අය හොරු... ඕක ප්‍රසිද්ධ කරන්න...

:       17       5

විජිත් Monday, 29 June 2020 02:55 PM

අපේ රට කොපමණ දීන තත්වයකට පත්වෙලාද කියලා තේරුම් ගන්න මිට වඩා උදාහරණයක් අවශ්‍යද?"..දුෂ්ට "රටවලින් මේ රටේ ජනතාව උගසට තබා ගත්ත ණය වලට නුඹලා කලේ කුමක්ද පාලකයිනේ....? ඒ මුදල් සියල්ලම කොල්ලකා දැන් ඇනගෙන සිටියි. මේ රට අපේ නම්, වරාය අපේ නම් ඇයි මේ දොඹකර 3 " ගොඩ බාන්න බැරි ..? " ඉන්දියාවට මොනවද පොරොන්දු වුනේ..? අර සල්ලි සිඟාකනකොට...? රුපියල් ට්‍රිලියන 10ක් ණයට අරගෙන ට්‍රිලියන 1ක වැඩ කළ දුෂිත පාලකයිනේ.. ඉතිරි ට්‍රිලියන 9 ට නුඹලා කළේ කුමක්ද...? කවුරුවත් දන්නේ නැහැ... මෙහෙම රැලකටද මිනිස්සුනේ නුඹලා ආයෙත් ඡන්දය දෙන්න ලැහැස්ති වෙන්නේ.. මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. මම කියන්නේ එ්කයි... ඔක්කොම හොරු. මට මේ අයගෙන් වැඩකුත් නැහැ. මම මේ අයට බයත් නැහැ. මේ අයට බැහැ මට කිසිදෙයක් කරන්නත්... නමුත්.. මට මගේ රටේ දුක්විඳින සිංහල, දෙමල, මුස්ලිම්, ජා, බර්ගර්... අහිංසකයින්ගේ මුහුණුවල් මැවී පෙනෙනවා. මේ පීඩනය පිපිරෙන දාට, හමුදාවත් මහජනතාවගේ පැත්ත ගන්නවා ඒකාන්තයි. ඒ දවස එන්නේ කවදද.? මිනිස්සුනේ ඒ ඔබේ දවසයි..

:       0       67

silva Tuesday, 30 June 2020 04:44 AM

එහෙම කරන එක වැරැදියි.. දැන් තියෙන්නේ දේශප්‍රේමී ආණ්ඩුවක්... වර්ජනය කළ යුත්තේ ආයෙත් එජාප ආණ්ඩුවක් ආවිට පමණයි කියලා මෙයාලා දන්නේ... කරුණාකරලා ජී.එම්.ඕ.ඒ. එකෙන් උපදෙස් ගන්නකෝ. එයාලා හරියටම කියයි ආයෙත් වර්ජනය පටන් ගන්න ඕනේ කලේ...

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site