සම්බා-නාඩු-කීරි සම්බා වී කිලෝවකට රුපියල් 50ක සහතික මිලක් මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත. 17 July 2020
හෝමාගම පොලිසියේ 41 ඇතුළු 73 ක් නිරෝධායනයට හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17) නිරෝධායන මධ්යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. 17 July 2020
අඟුලානේ කලබලයට 10 ක් අත්අඩංගුවේ අඟුලාන පොලිසියට ගල් මුල් ප්රහාර එල්ල කළ බව කියන තවත් පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්රේමරත්න මහතා පැවසීය. 16 July 2020
වැටුපෙන් අඩක් ගෙවීම සැප්තැම්බරය දක්වා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරී සඳහා නොගෙන්වන පෞද්ගලික අංශ සේවකයින්ට වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14,500ක් ගෙවීමට හාම්පුතුන්ගේ සංගම් සමඟ ඇතිකරගත් එකඟතාවය සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. 16 July 2020
පීසීආර් පරීක්ෂණ 130,000ක් කර අවසන් ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ව්යාප්තවීමත් සමග ආසාදිතයන් බවට පත්වූවන් හඳුනාගැනීම සඳහා මේ වනවිට පී. සී. ආර් පරීක්ෂණ 130,000කට අධික ප්රමාණයක් කර ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. 16 July 2020
පැල්මඩුල්ලේ 37ක් නිරෝධායනයට දියතලා කඳවුරට කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ඨානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරොනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්රිතයින් 37දෙනෙකු නිරෝධායනය සදහා දියතලාව හමුදා කදවුරට රැගෙන ගියහ. 16 July 2020
තවත් කොරෝනා ආසාදිතයින් 6 ක් අද දිනයේදී හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 6 ක් බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්රතිකාර ලබන රෝගීන් සංඛ්යාව 659 කි. 15 July 2020
මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්රකාශ කළේය. 15 July 2020
බන්ධනාගාර බුද්ධි ලොක්කා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුවේ තුන් වැනි විත්තිකාර බන්ධනාගාර බුද්ධි අංශයේ ප්රධානියා වශයෙන් කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරී ඉන්දික සම්පත් මහතා සියලුම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් සමුහ ඝාතන කිරීමේ නඩුව විභාග කරන විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නියම කළේය. 15 July 2020
දිස්ත්රික්ක 16 ක පුද්ගලයින් 3000 ක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානය ආශ්රිත පොකුර ඔස්සේ ඇතිවූ කොවිඞ් 19 ආසාදිතයින් මේ වනවිට දිස්ත්රික් 16 කින් වාර්තා වී ඇතැයි ශ්රී ලංකා මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්රකාශ කළේය. 15 July 2020
රියදුරු බලපත්ර මුද්රණය කිරීමත් හමුදාවට රියදුරු බලපත්ර මුද්රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර දෙන බව රජය පවසයි. මේ සම්බන්ධයෙන් ප්රවාහන අමාත්ය මහින්ද අමරවීර, ආරක්ෂක අමාත්යාංශය සහ යුද හමුදාව අතර සාකච්ඡාවක් පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 15 July 2020
ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ තෙලිකඩ පොලිස් බල ප්රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි. 15 July 2020
කොරෝනා රෝගීන් සංඛ්යාව 666 ට නගී කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්යාව 2665 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි 14 July 2020
කලවානේ කඩ වහයි කොරෝනා තත්වය කලවාන ප්රදේශයට බලපෑම හේතුවෙන් අද(14) දහවල් 12.00 සිට ප්රදේශයේ වෙළඳසැල් වසාදැමීමට කලවාන එක්සත් වෙළඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ඩී. රැද්රිගු මහතා පැවසීය. 14 July 2020
කොරෝනා රෝගීන් සංඛ්යාව 654 ට නගී වසංගත රෝග විද්යා අංශය නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 654 දක්වා ඉහළ ගොස් තිබේ. 14 July 2020
කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට කැකිරාව කිතුල්හිටියාව ප්රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලය පවසයි. 14 July 2020
රාජාංගනයේ සංචරණය නවතයි කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. 13 July 2020
කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා කන්දකාඩු නිරෝධායන මධ්යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්ය පරීක්ෂක පී.ඒ. ප්රේමරත්න මහතා පවසයි. 13 July 2020
ප්රතිකාර ලබන රෝගීන් සංඛ්යාව 623 ට නගී අද (12 වැනිදා- ඉරිදා) රාත්රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 623 කි. 12 July 2020
පොහොට්ටුවේ ප්රධාන ප්රචාරක රැළි නවත්වයි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රධාන ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. 12 July 2020
තවත් 43දෙනෙකුට කොරෝනා කෝවිඩ්-19 ට එරෙහි ක්රියාන්විතයට සම්බන්ධ ශ්රී ලංකා නිල අන්තර්ජාල අඩවියට අනුව, ප්රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 520 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද උදෑසන 07.34 වනවිට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 12 July 2020
ප්රතිකාර ලබන සංඛ්යාව 468 දක්වා ඉහළට වසංගත රෝග විද්යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 468 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද පස්වරු 6.15 ට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි. 11 July 2020
තවත් ආසාදිතයින් 10 ක් හඳුනාගැනේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. 10 July 2020
මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්රව්ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 July 2020
කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් 196ක් කන්දකාඩු මත්ද්රව්ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් තවත් කොරෝනා වයිරසය ආසාදිතයින් 196 ක් අද (10) දිනයේ හඳුනාගත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. 10 July 2020
නාකොටික් නිලධාරීන්ට අයත් තවත් වාහන කිහිපයක් සොයාගනී හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ දැනට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින මත්ද්රව්ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නෑදැයෙකුට හා පොලිස් සැරයන්වරයකුට අයත්බව කියන ලොරි රථ හතරක් , වෑන් රථ දෙකක් සහ මෝටර් රථයක් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ. 09 July 2020
කොරෝනා ආසාදිතයින් 57 ක් හමුවෙයි කන්දකාඩු හි පිහිටි මත්ද්රව්යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් කොරෝනා ආසාදිත 56 දෙනකු පිළිබඳව අද (09) තහවුරු කරගත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි . 09 July 2020
ඒකක 90ට අඩු විදුලි බිල්පත්වල ගාස්තුවෙන් සියයට 25ක් අඩුකරයි ඒකක බින්දුවේ සිට 90 දක්වා භාවිත කළ විදුලි පාරිභෝගිකයින්ට මාර්තු ,අප්රේල් සහ මැයි මාසවල බිල්පත් සඳහා 25% ක ගාස්තු සහනයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 09 July 2020
ඉහළ ගිය විදුලිබිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි මාර්තු සහ අප්රේල් විදුලි බිල ඉහළ යාමෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට උපරිම සහනයක් දෙමින් එම ගාස්තුවෙන් කොටසක් රජය විසින් දැරීමට අද (8) රැස්වූ අමාත්ය මණ්ඩලය තීරණය කළ බව ප්රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 08 July 2020
බන්ධනාගාර රැඳවියන් බැලීම අද සිට තහනම් ශ්රී ලංකාවේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් බැලීම නැවත දැනුම් දෙනතුරු අද ( 8) සිට අමුත්තන්ට තහනම් කර ඇතැයි බන්ධනාගාර ප්රකාශකයෙක් පැවසීය. 08 July 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026