IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී

(ජයන්ත සමරකෝන්)

 

මීගමුව බන්ධනාගාරයේ ජේලර් නේවාසිකාගාරයේ පිටුපස මළ අපද්‍රව්‍ය ගලියක සඟවා ඉටිකවරයකු බහා තිබී ජංගම දුරකථන 12 ක් බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (10) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි  මාර්ග සඳහන් කරයි.

 

පසුගිය කාලය තුළ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් මෙමම බන්ධනාගාරයේ දිගින් දිගටම සිදුකරන ලද වැටලීම් හේතුවෙන් මෙම ගලිය තුළ ඒවා සඟවා තබන්නට ඇති බවට සැක කරයි.

 

විශේෂ ගනයේ රැඳවියන් දෙදෙනකු රදවා සිටි සිරකුටියකින් ශිතකරණ ඇතුළු සැප බඩු තොගයක් හමුවිමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට මෙම බන්ධනාගාරයේ හිටපු සහකාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර රහසේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

එම කාලය තුළ ගෙනවිත් මෙම ජංගම දුරකථන තොගය රැඳවියන්ට ලබාදීමට නොහැකිව සඟවා තබන්නට ඇතැයි ද පැවසේ.



අදහස් (3)

මීගමු බන්ධනාගාරයේ ගලියක තිබූ දුරකථන 12 ක් සොයාගනී

kamal Friday, 10 July 2020 01:33 PM

සෑම බන්ධනාගාරයකම ජංගම දුරකථන ජෑම් කරන උපකරණ සවිකිරීම විදුලි සංඥා පනතින් නීතිගත කරලා ඒක ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වගකීමක් කරන්න බැරි ඇයි? මට දවල් හීන පේනවා ආයෙත්...

:       55       139

SLFriday, 10 July 2020 06:02 PM

අපේ අය සරල, ලෙහෙසි ක්‍රමවලට කැමති නැහැ. කුට්ටිය ලැබෙන්නේ නැහැනේ..

:       0       0

O.Nisali Nethmini Saturday, 11 July 2020 06:45 AM

මේක ගොඩක් හොඳ අදහසක්.. මම මේකට කැමතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site